අර්නස්ට් හෙමිංවේගේ පළමු සම්පූර්ණ දිග නවකථාව පෙන්නුම් කරන්නේ බීමට තදින් ඇබ්බැහි වූ පළමු ලෝක යුද්ධය තුළින් ගිය මිතුරන් කිහිප දෙනෙක් ගැනය. ඔවුහු සත්‍ය වශයෙන්ම සහ සංකේතාත්මකව යුද්ධයේ කැළැල් සහිතව සිටි අතර ඒවා දරා ගැනීමට උත්සාහ කළේ උත්සව, මහත් අවදානම් සහිත ගමන් සහ තැන් තැන් වල නිදා ගැනීමෙනි. වේදනාව නැති කරන පිණිස සෑම විටම මධ්‍යසාරය තිබුණි. කිසි කෙනෙක් ප්‍රීතියෙන් නොසිටියේය.

හෙමිංවේගේ “හිරු උදාවේ” යන මෙම පොතෙහි මාතෘකාව සෘජුවම පැමිණෙන්නේ දේශනාකාරයාගේ පොතේ පිටුවලිනි (1:5). දේශනාකාරයාහි සාලමොන් රජු තමන්ව “දේශනාකාරයා” ලෙස හඳුන්වා ගනියි. ඔහු නිරීක්‍ෂණය කරන්නේ සෑම දෙයක්ම “නිෂ්ඵලකමය” කියාය. එසේම “මනුෂ්‍යයා …… සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?” කියා අසයි. සාලමොන් හිරු නැගී බසින ආකාරයද සුළඟ එහේ මෙහේ හමන ආකාරයද කිසිදා සෑහීමට පත් නොවන මුහුද වෙත ගංගා ගලා යන ආකාරයද දකියි (5-7 පද). අවසානයේදී සියල්ල අමතක වේ (11 පදය).

හෙමිංවේ සහ දේශනාකාරයා යන දෙදෙනාම අපට පවසන්නේ මේ ජීවිතය වෙනුවෙන් ජීවත්වීමේ නිෂ්ඵල කමයි. කෙසේ වෙතත් සාලමොන් තම පොතට දිව්‍යත්වයේ දීප්තිමත් ඡායාවන් ගැන ඉඟි ඇතුළත් කරයි. එහි සදාකාලික සහ සත්‍ය බලාපොරොත්තුව ඇතුළත්ව ඇත. දේශනාකාරයා ඇත්තෙන්ම අප සිටින ආකාරයත් එසේම දෙවියන් වහන්සේ සිටින ආකාරයත් පෙන්නුම් කරයි. “දෙවියන්වහන්සේ කරන සියල්ල සදාකාලයට පවතින බව” (3:14) සාලමොන් පවසන අතර අපගේ මහත් බලාපොරොත්තුව එහි රැඳී තිබේ. මක්නිසාදයත් දෙවියන්වහන්සේ විසින් යේසුස්වහන්සේ යන ත්‍යාගය අපට ලබා දී තිබීමය.

දෙවියන්වහන්සේගෙන් තොරව අප පාවෙන්නේ කිසිදා සෑහීමකට පත් නොවන සාගරයකටය. උන්වහන්සේගේ උත්ථාන වූ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ තුළින් උන්වහන්සේ සමග අප සමගි වී අපගේ අර්ථයද අගය සහ අරමුණද තේරුම් ගෙන සිටිමු.