අද බැහැදැකීමේ දිනයයි. “පෙර දිගින් පැමිණි රජුන් තිදෙනා අපය” යන කැරොල් ගීතයෙන් විස්තර වන්නේ ළදරු යේසුස්වහන්සේව බැහැදැකීමට පැමිණි අන්‍යජාතික ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම ගැනයි. ඔවුහු රජවරු නොවූහ. ඔවුහු පෙරදිගින්ද (කලින් විස්තර දක්වා ඇති පරිදි) නොවෙති. එසේම තිදෙනෙක් බවද ස්ථිර නැත.

නමුත් ත්‍යාග තුනක් තිබූ හෙයින් කැරොල් ගීතය සැළකුවේ එකිනෙකා ගෙන ආ ඒවා ලෙසටයි. ණැනවතුන් බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේදී “… තමුන්ගේ කරඬු හැර රන්ද කට්ටකුමංචල්ද සුවඳ ලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය” (මතෙව් 2:11). මෙම ත්‍යාග වලින් යේසුස්වහන්සේගේ මෙහෙය සංකේතවත් වන්නේය. රන් නියෝජනය කරන්නේ රජු ලෙස උන්වහන්සේගේ මෙහෙයයි. කට්ටකුමංචල් සුවඳ වර්ග සමග මාළිගාවේ ඔප්පු කිරීම උන්වහන්සේගේ දේවත්වය ගැන කථා කරයි. සුවඳ ලාටු භාවිතා කරන්නේ මැරුණු අය ආලේප කිරීමටයි. එය අපව මොහොතකට නතර කරයි.

කැරොල් ගීතයේ සිව්වන පදය පවසන්නේ “සුවඳ ලාටු මගේය/එය එකතුවන අඳුරට ජීවන හුස්මක් දෙයි/දුක්වී, සුසූම්ලා, රුධීරය ගලා, මැරී/සීිතල ගල් සොහොනක මුද්‍රා තබා” යනුවෙනි. අපි එවැනි දර්ශනයක් කථාවක නොලියන්නෙමු. නමුත් දෙවියන්වහන්සේ එසේ කළ සේක. යේසුස්වහන්සේගේ මරණය ගැළවීමේ මධ්‍යය වන්නේය. යේසුස්වහන්සේ ළදරුවෙක්ව සිටිද්දී පවා හෙරෝද් උන්වහන්සේව මැරීමට උත්සාහ කළේය (13 පදය).

කැරොල් ගීතයේ අවසාන පදය මෙම තේමාවන් තුනම එකට ගෙත්තම් කර තිබේ. “තේජසින් උන්වහන්සේ නැගිටින ආකාරය බලන්න/රජු, දෙවියන්වහන්සේ සහ පූජාවය”. මෙම නත්තල් කථාව අවසන් වන්නේ
“හාලේලූයියා හාලේලූයියා/පොළොව සහ අහස සිසාරා දෝංකාර දෙයි” යනුවෙන් ප්‍රතිචාර දැක්වීමට අපව පොළඹවමිනි.