සාධාරණය ගැන ප්‍රශ්නය ඇය හොඳින් දැන සිටියේ යයි ඇයට හැඟුණ හෙයින් නෝරා සාමකාමී උද්ඝෝෂණයට ගියාය. සැළසුම් කර තිබූ පරිදි උද්ඝෝෂණය නිශ්චල එකක් විය. උද්ඝෝෂකයින් බලවත් නිසලතාවයකින් නගර මධ්‍යයට ගමන් කළහ.

එවිට බස් රථ දෙකක් පැමිණියේය. නගරයට පිටතින් කලබලකරුවෝ පැමිණියහ. ඉක්මණින් කරැල්ලක් ඇති විය. හදවත බිඳී නෝරා ඉවත්ව ගියාය. ඔවුන්ගේ යහපත් චේතනාවන් ඵල රහිත වූ බවක් පෙණුනි.

අපෝස්තලු පාවුල් යෙරුසලමේ දේව මාළිගයට ගිය විට ඔහුට විරුද්ධ වූ අය ඔහු එහි සිටිනවා දුටුවෝය. ඔව්හූ
“ආසියාවෙන් ආවාවූ අය” වූ අතර ඔවුහු යේසුස්වහන්සේව සැළකුවේ ඔවුන්ගේ ජීවිත ක්‍රමයට තර්ජනයක් ලෙසිනි (ක්‍රියා 21:27). පාවුල් ගැන බොරු සහ ඕපාදූප කියමින් ඔව්හු ඉක්මණින්ම කරදරයක් ඇති කළහ (28-29 පද). කල්ලියක් දේව මාළිගාවෙන් පාවුල්ව පිටතට ඇදගෙන ගොස් පහර දුන්හ. සොල්දාදුවෝ දිව ආහ.

ඔහුව අත්අඩංගුවට ගන්නා විට සෙනග අමතන්නදැයි පාවුල් රෝම ආඥාපතියාගෙන් ඇසුවේය (37-38 පද). අවසර ලැබුණු විට ඔහු ඔවුන්ව පුදුමයට පත් කරවමින් සහ ඔවුන්ගේ අවධානය ලබා ගනිමින් ඔවුන්ගේ භාෂාවෙන් කථා කළේය (40 පදය). ඒ ආකාරයට මළ ආගමකින් තමන් මිදුණු ආකාරය ගැන තම කථාව බෙදා ගැනීමට පාවුල් එම කලහකාරී අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේය (22:2-21).

සමහර ජනතාව කැරළි සහ බෙදීම්වලට කැමැත්තක් දක්වති. අධෛර්යය නොවන්න. ඔවුහු ජය නොගනිති. අපගේ මෙම බලාපොරොත්තු රහිත ලෝකයට උන්වහන්සේගේ ආලෝකය සහ සමාදානය බෙදා දීමට දිරිමත් ඇදහිලිවතුන්ව දෙවියන්වහන්සේ සොයන සේක. අර්බූදයක් ලෙසට පෙනෙන දෙයක් කාට හෝ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පෙන්වීමට අවස්ථාවක් විය හැකිය.