සෙත් බෙහෙත් පෙට්ටියෙහි තිබූ ඔහුට සොයා ගත හැකි සෑම බෙහෙතක්ම ගත්තේය. ඔහු හැදී වැඩුණේ කැඩී බිඳී ගිය පිළිවෙලක් නැති පවුලක වූ හෙයින් ඔහුගේ ජීවිතය වියවුල් සහිත විය. ඔහුගේ පියා තම ජීවිතය අවසන් කර ගන්නා තුරු ඔහුගේ මව නිතරම පියාගේ පහර කෑමට ලක් වූවාය. දැන් සෙත්ටත් ඔහුගේ ජීවිතය අවසන් කර ගැනීමට සිතී තිබුණි. නමුත් ඔහුගේ සිතට සිතුවිල්ලක් ආවේය. මම මිය ගිය විට යන්නේ කොහාටද? දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් සෙත් එදින මිය ගියේ නැත. කාලයාගේ ඇවෑමෙන් මිතුරෙක් සමග බයිබලය හැදැරීමෙන් පසුව ඔහු යේසුස්වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තේය. සෙත්ව දෙවියන්වහන්සේ වෙතට ඇද ගත් එක් දෙයක් වූයේ මැවිල්ලේ ඇති අලංකාරය සහ පිළිවෙලය. “මා දකින දේවල් පියකරුය. කවරෙක් හෝ මේවා සාදා තිබේ” කියා ඔහු කීවේය.

උත්පත්ති 1 වෙනි පරිච්ඡේදයේ මේ සියල්ල මවා ඇත්තේ දෙවියන්වහන්සේ බව අපි කියවන්නෙමු. නමුත්
“පොළොව වනාහි පාළුව හිස්ව තිබුණත්” (2 පදය) උන්වහන්සේ අපිළිවෙලින් පිළිවෙල ගෙන ආ සේක. උන්වහන්සේ “අන්ධකාරයෙන් එළිය වෙන් කළ සේක” (4 පදය). සාගරය මධ්‍යයෙහි පොළොව තැබූ සේක (10 පදය). ඒ ඒ වර්ගයට අනුව පැල සහ සතුන් සෑදූ සේක (11-12, 21, 24-25 පද). “ස්වර්ගයන් මැවුවාවූ පොළොව මවා සාදා” සෑම දෙයක්ම නිසි තැන තැබූ (යෙසායා 45:18) ස්වාමීන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේට යටත් කරන ලද ජීවිත වලට සමාදානය සහ පිළිවෙල ගෙන දෙන බව සෙත් සොයා ගත්තේය.

ජීවිතය අවුල් වී අභියෝගාත්මක විය හැකිය. “දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේ” වන හෙයින් උන්වහන්සේට ප්‍රශංසා කරමු (1 කොරින්ති 14:33). අද දවසේ උන්වහන්සේට මොර ගසමින් උන්වහන්සේ පමණක්ම ලබා දෙන අලංකාරය සහ පිළිවෙල සොයා ගැනීමට අපට උපකාර කරන ලෙස ඉල්ලමු.