ප්‍රවර්ගය  |  Uncategorized

යේසුස් වහන්සේගේ යාච්ඤා

ජේසුනී, ඔබ වහන්සේ මා උදෙසා යාච්ඤා කරන්නේ කෙසේද? මාගේ මිත්‍ර ලූ ඔහුට තිබුණු හැකියාවට වඩා වැඩි දැනීමක් සහ ශක්තියක් අවශ්‍ය වූ තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවක ක්‍රිස්තුස් වහන්සේට හදවතින්ම කළ මොර ගැසීම අසන්නට ලැබෙන තුරු එලෙස ප්‍රශ්න කිරීමට මම කවදා හෝ නොසිතුවෙමි. යාච්ඤාවට සැළකිය යුතු එම ප්‍රශ්නය එකතු කරනවා ඇසීමෙන් පසු යාච්ඤාව ගැන මාගේ අවබෝධයට සහ ක්‍රියාවට අළුත් කොටසක් එක් කර ගැනීමට…

අර්ථය සඳහා කැණීම

වින්සන්ටන් නම් වූ අලුත් බලු පැටියෙක් අපට සිටියි. ඌ සපා කයි. නිදියයි. කෑම කයි. (තවත් එකක් දෙකක් කරයි). ආ, ඔහු හාරයි. වින්ස්ටන් කරන්නේ සාමාන්‍ය හෑරීමක් නොවේ. ගුහා හාරයි. හරියට ඌ සිර ගෙයකින් පලා යනවා වගේ. එය ආවේගශීලීය. දරුණුය. කිළිටිය.

ඒ බල්ලා මෙතරම් හාරන්නේ මන්ද? මම මෑතකදී කල්පනා කෙළෙමි. එවිට මට එය වැටහුණි. මමද හාරන්නෙක්මි. මාව සතුටු කරනු ඇතැයි සිතෙන බොහෝ…

ක්‍රිස්තුස් වහන්සේ සමඟ තරඟය දිවීම

සත් වියැති ටොම් රාක්කයක් මත තිබෙන දිවීමේ තරඟ වලින් තම පියාට ලැබී තිබුණු දිලිසෙන කුසලානයන් අගය කරමින් බලා සිටියේය. “මගේ කාමරයේත් ඉන් එකක් තබා ගන්න ඕනේ” යයි ඔහු සිතුවේය. එම නිසා “තාත්තේ, ඔබගේ එක කුසලානයක් මට ලබා ගන්න පුළුවන්ද?” කියා ඔහු ඇසුවේය. පියා පුදුම පිළිතුරක් දුන්නේය : “නැහැ ටොම්. මේවා මගේය. මම ඒවා උපයා ගත්තෙමි. ඔබත් ඔබටම ඒවා උපයා ගන්න”.…

එක් එක් කාලවලදී දෙවියන් වහන්සේට මෙහෙ කිරීම

තමා විසින්ම කාලෙබ්ව වසර ගණනාවක් ගෝලත්වයට ගොඩ නැගූ පසුව සභා නායකයා විසින් තරුණ කාලෙබ්ගේ උපදේශකයා ලෙස වෙනත් කෙනෙක් පත් කිරීම ගැන මාර්ක්ගේ සිත චංචල විය. නායකයා පැවසුවේ “අවසානයේ කාලෙබ්ට උපදේශකයක් ලැබුනා” යනුවෙනි. මෙපමණ කාලයක් මා කර ඇත්තේ කුමක්ද කියා ඔවුන් සිතුවේ නැද්ද කියා මාර්ක් කල්පනා කළේය. ඔහු කිසිදු විපාකයක් හෝ පිළිගැනීමක් අපේක්ෂා නොකළද, ඔහුට ඇතිවූ වේදනාව වළක්වා ගත නොහැකි විය.…

ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතය

තම පුතා සහ සහෝදරයා වන ටයිලර් සමඟ සබඳතා නැති වුන පවුලකට ටයිලර්ගේ මිනී අළු යැයි සඳහන් මුට්ටියක් ලැබුණි. වයස විසි දෙකක් වූ ඔහු මත් ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ගෙන මිය ගිය බව දැන ගන්න ලැබුණි. වසර ගණනාවක් ටයිලර් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ වැරදි තීරණ වලින් දුක් විඳ තිබුණි. නමුත් වාර්තා වූ මත් ද්‍රව්‍ය අධිමාත්‍රාවට පෙර ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පුනරුත්ථාපන වැඩ…

දෙවියන් වහන්සේ එහි සිටින සේක

ඊළඟ දින කිහිපය තුළ මාගේ සීයා මිය යනු ඇත කියා මගේ මිත්තණියට මෘදු ලෙස දැනුම් දුන් විට ඇය කලබල වී කණස්සළු වේයයි අපි කල්පනා කළෙමු. “ඔබ කණස්සල්ලෙන්ද?” කව්දෝ ඇසීය. එසේ කළේ ඇගේ ස්වාමි පුරුෂයාගේ ශාරීරික තත්ත්වය කෙසේද කියා ඇයට ප්‍රශ්න තිබිය හැකි බවත් නැතහොත් ඇගේම අවශ්‍යතාවයන් සඳහා ඇයට උපකාර අවශ්‍ය විය හැකි බවත් සිතමින්ය. ඇය මොහොතක් කල්පනා කර “නැහැ. ඔහු…

ගුහාවක් තුළ තැති ගැන්ම

ඔවුන් මැමොත් ගුහාවට සම්බන්ධ වන දැවැන්ත භූගත පද්ධතිය තුළ මුදා හරින ලද  දැඩි උද්‍යෝගයෙන් පිරි යෞවනයන් තුන් දෙනෙකි. ඔවුන් සමඟ මෙම ගල් ගුහා ගැන විශේෂඥයෙක් වූ ෆ්‍රෑන්ක් මාමා සිටියේය. ඔහු වැටෙන තැන් සහ භයානක තැන් ගැන දැන සිටි හෙයින් නිතරම පාහේ “දරුවෙනි, මේ පැත්තෙන්” යයි හඬ නැගුවේය. එසේ වූවත් ඔවුහු ඔහුගෙන් ඈතට ගියහ.

තම හිසෙහි තිබූ එළිය අඩු කර නිශ්චලව…

බලාපොරොත්තු නැති වෙලාවක කරන යාච්ඤාව

2011 දී කේරි පැකාඩ් සහ ඇගේ දියණිය අලුත් නිවසකට යාම සඳහා භාණ්ඩ අසුරමින් සිටියාය. හදිසියේම කේරි ඇද වැටුණි. ඇයගේ හදවත නැවතුණි. වෛද්‍යවරු කේරිව සිහි ගැන්වූහ. නමුත් රාත්‍රිය පුරා ඇගේ තත්ත්වය නරක අතට හැරුණි. ඇගේ සැමියා වන ක්‍රේග්ට අවසන් සමුගැනීම සඳහා පවුලේ අයට පණිවුඩ යවන ලෙස දන්වන ලදී. ඔව්හු “බලාපොරොත්තු නැති වෙලාවක කරන යාච්ඤාව” ලෙස ක්‍රේග් හඳුන්වන යාච්ඤාව කළේය.

ගැටළුවකදී අපි කොපමණ…

දෙවියන් වහන්සේ තුළ වර්ධනය වීම

කිතුනු කතුවරියක් ලෙස මුල් කාලයේ ගේල් හට ප්‍රකාශකගෙන් මනහර තෑගි ලැබුණි. මල් කලඹ වල්, චොකලට්, ඖෂදීය තේ පෙට්ටි යනාදියයි. සියල්ලම අනර්ඝය. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇගේ ප්‍රකාශක විසින් කල් පවතින අගයන්ගෙන් යුත් ත්‍යාග එවන්න පටන් ගත්තේය. එනම් වසරකින් බයිබලය, නමස්කාරයන් සහ යාච්ඤා සඟරා යනාදියයි. ඇය ඒවා පාවිච්චි කරන විට වඩා මුහුකුරා ගිය ඇදහිලිවන්තියක් බවට පත් වූවාය. මනහර තෑගි වලට අවධානය යොමු…

තීරණ සහ ප්‍රතිඵල

1980 දී ආධුනික කුරුළු විද්‍යාඥ යූජින් ෂෙෆ්ලීන් යුරෝපීය ස්ටාර්ලිං කුරුල්ලන් හැටක් නිව් යෝර්ක්හි නගර උද්‍යානයට නිදහස් කිරීමට තීරණය කළාය. මෙම විශේෂය හඳුන්වාදීමේ අවස්ථා කිහිපයක්ම පැවතියද, වාර්ථා වන අන්දමට කූඩු සාර්ථකව සෑදුණේ ෂෙෆ්ලීන්ගේ නිදහස් කිරීමෙන් පසුවය. දැනට කුරුල්ලන් මිලියන අසූපහක් පමණ මහද්වීපය පුරා පියාඹති. අවාසනාවකට මෙන් ස්ටාර්ලිං පක්‍ෂීන් ආක්‍රමණශීලිය. අපගේ දේශීය කුරුළු ගහනය පළවා හරිති. හරකුන්ට රෝග බෝ කරති. වාර්ෂිකව ඩොලර් මිලියන…