ක්‍රිස්තුස් වහන්සේ තුළ විවේක ගැනීම
වසර කිහිපයකට පෙර අධ්‍යයනයක විශ්ලේෂණය වූයේ යෞවනයන්ගේ මානසික විශාදිය සහ එක් එක් රාත්‍රියක ඔවුන්ගේ නින්දේ ප්‍රමාණය අතර සබඳතාවයක් ඇති බවයි. මෙම අධ්‍යයනය කියවා එක් තරුණියක් එහි ප්‍රතිඵල ගැන ප්‍රකාශයක් කළේය. “නවත්වන්නේ කුමන අවස්ථාවේදීදැයි මම නොදනිමි. මම කෙතරම් තදින් වෙහෙසෙනවාදැයි කිවහොත් අවසානයේදී මම නතර වෙන්නේ නින්ද අඩුකමින් සහ ආතතියෙන් රෝගී වීමෙන්ය”. ඉන්පසුව ඇය පැවසුවේ දෙවියන් වහන්සේට ගෞරව කිරීම සඳහා කාලය කළමනාකරණය…
ලැයිස්තුව ජීවිතයයි
යතුරු ලියනයක් මත නැවී ඉට්ස්හාක් ස්ටර්න් සම්පූර්ණයෙන් 1,098 ක් වූ නම් මුළු රාත්‍රිය පුරා යතුරු ලියනය කළේය. එහි අඩංගු වූයේ කර්මාන්තශාලා අයිතිකරු වන ඔස්කාර් ෂින්ඩ්ලර් විසින් නාසි වරුන්ගෙන් ආරක්‍ෂා කරන ලද යුදෙව් සේවකයන්ගේ නම්ය. එම ලේඛණය අල්ලා ගෙන ස්ටර්න් ප්‍රකාශ කළේ “ලැයිස්තුව බොහෝ සෙයින් යහපත්ය. ලැයිස්තුව ජීවනයයි” කියාය. පිටුවල සඳහන් අය හොලෝකොස්ට් සමූල ඝාතනයෙන් ගැළවුණෝය. 2012 දී ගණන් බැලූ විට…
ඔබේ කරදර ජේසුස් වහන්සේට දෙන්න
කරදර පමණක් දකිමින් නැන්සි අනාගතය ගැන බිය වූවාය. පිටිසරබද මේන් පළාතේ කඳු නැගිීමකදී ඇයගේ ස්වාමි පුරුෂයා වන ටොම් තුන් වරක් සිහිසුන් විය. නමුත් ළඟ ඇති කුඩා රෝහලක වෛද්‍යවරුන් පැවසුවේ ඔහු තුළ කිසි වරදක් නැති බවයි. අමතර පරීක්‍ෂණයන් කරන විශාල වෛද්‍ය මධ්‍යස්ථානයන්හී පවා පවසන ලද්දේ කිසි දෙයක් සොයා ගැනීමට නොහැකි බවයි. “මට හුඟක් බයයි” කියා නැන්සි කීවාය. ඇගේ සැමියාව නිදහස් කළ…
පහසුවෙන් නොකිපේ
මාස කිහිපයක් නිරෝධායනයේ සිට මා නැවත මගේ සභාවට පමිණි විට සෑහෙන කාලයක් නුදුටූ සාමාජිකයන් දැකීම මට මහත් සතුටක් ගෙනාවේය. සමහර සාමාජිකයන් විශේෂයෙන් වැඩිහිටි අය නොඑන බව මට වැටහුණි. ඒ ආරක්‍ෂිත හේතූන් සහ වෙනත් දේ නිසාත් තවත් සමහරුන් මෙම ජීවිතයෙන් සමුගෙන ගොස් ඇති නිසාත්ය. එසේ හෙයින් වයස්ගත යුවළක් සභාවට පැමිණ මා පසුපස ඔවුන්ගේ සුපුරුදු අසුන්වල හිඳ ගන්නා විට මම ප්‍රබෝධමත් වීමි.…
තේරුම් ගැනීමට අසීරු දෙවියන් වහන්සේ
2023 පෙබරවාරි මාසයේදී ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දූරදක්නය තවත් විශිෂ්ඨ සොයා ගැනීමක් කළේය. එනම් මීට පෙර මනුෂ්‍යයාට යාමට නොහැකි වූ විශ්වයේ ස්ථානයක එය නව සෞර ග්‍රහමණ්ඩල සයක් සොයා ගත්තේය. මෙම සොයා ගැනීම අප විශ්වය ගැන දැන සිටියාට වැඩි දෙයක් පෙන්නුම් කළේය. එක් තාරකා විද්‍යාඥයෙක් පැවසුවේ “බලාපොරොත්තු නොවූ මෙම සොයා ගැනීම විද්‍යාවට ගැටළු ඇති කරාවි” කියාය. භෞතික තාරකා විද්‍යාඥයෙක් සමාව ඉල්ලන්නාක් මෙන්…
කියවීම, ලිවීම සහ ජේසුස් වහන්සේ
අං සහිත මෝසෙස්? 1515 දී අවසන් කරන ලද මයිකල් ආන්ජලෝගේ විශිෂ්ඨ ප්‍රතිමාවෙහි මෝසෙස්ව පෙන්වා දී ඇත්තේ එසේය. මෝසෙස්ගේ නළලට මඳක් ඉහළින් අං දෙකක් ඉහළට නෙරා ඇවිත් තිබේ.
මයිකල් ආන්ජලෝ පමණක් නොව පුනරුද සහ මධ්‍යම යුගයේ බොහෝ චිත්‍ර ශීල්පීන් මෝසෙස්ව පෙන්වා ඇත්තේ මෙසේය. මන්ද? ඒ කාලයේ තිබූ හෙබ්‍රෙව් බයිබලයේ ලතින් පරිවර්තනයට අනුව එය මෝසෙස් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටි පසු ඔහුගේ මුහුණේ…
දෙවියන් වහන්සේගේ ප්‍රේමය පැතිරවීම
ශීත සෘතුවේ එක් දිනෙක නිවෙස් වලට භාණ්ඩ බෙදන එක් මනුෂ්‍යයෙක් වයස්ගත එක් කාන්තාවක් ඇයගේ නිවසට යන මාර්ගයේ හිම සවලකින් ඉවත් කරනවා දිටීය. ඔහු නැවතී වැඩය අවසන් කිරීමට තමාට ඉඩ දෙන්න යැයි අසූ එක් වියැති ඇයව කැමති කරවා ගත්තේය. අනිත් භාණ්ඩ බෙදීමට ඔහුට ප්‍රමාද වේ යැයි සිතා ඇය තවත් සවලක් ගෙනාවාය. විනාඩි පහළොවක් පමණ ඔවුන් දෙදෙනා එක්ව වැඩ කරන අතර තුර…
ජේසුස්වහන්ස - අපගේ විශ්‍රාම ස්ථානය
1943 දී මේරි ලෑන්ඩ් හී ෂැන්ග්‍රිලා නමැති කඳවුරක් මිලයට ගනු ලැබුවේ එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් ඩි. රූස්වෙල්ට් හට විවේක ස්ථානයක් ලෙසින්ය. එය ග්‍රාමීය, නිසල සහ පිටිසරබද ප්‍රදේශයක් වූයේය. ධවල මන්දීරයේ වෙබ් අඩවියට අනුව එය තනිව සිටීමට සහ නිසලව සිටීමට අවස්ථාවක් ගෙන දුන්නේය. එසේම එය වැඩ කිරීමට යෝග්‍ය වූ අතර විදේශ නායකයින් හට සත්කාර කිරීමටද සුදුසු ස්ථානයක් වුනි. ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපති…
බයිබලය තේරුම් ගැනීිම
බයිබලය කෙතරම් වැදගත්ද? එය කෙතරම් වැදගත්ද කිවහොත් බොහෝ රටවල සෙනඟ එය තමන්ගේ භාෂාවට පරිවර්තනය කිරීමට ගොස් ඔවුන්ගේ ජීවිත පවා අවදානමට ලක්කර ගත්හ. බොහෝ විට මේ අය ජේසුස් වහන්සේ කෙරෙහි අදහන සාමාන්‍ය ඇදහිලිවතුන්ය. ඔව්හු වනාහි අන් අයට තේරුම් යන ලෙස තම හදවතේ භාෂාවට දේව වචනය පරිවර්තනය කිරීම නිසා සිරගත වීමට මුහුණ දුන් අය වූහ.
ජේසුස් වහන්සේට විරුද්ධ රටක එක් කාන්තා පරිවර්තකවරියක්…
ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය
ඔවුන් වාද කිරීමෙන් ජය ගනියිද? නැත. පරිසරවේදීන් සහ කුඩා ව්‍යාපාර අයිතිකරුවන් අතර “අඩිරොන්ඩැක් යුද්ධය” ඇවිලීයාමේදී කුඩා නගරයක නායකයෙක් අඩිරොන්ඩැක් උද්‍යානයේ නිවැසියන්ට අනතුරු ඇඟවූයේය. මේ නම විස්තර කරන්නේ නිව්යෝර්ක් ඉහළ පළාතේ අනර්ඝ වනාන්තර ආරක්‍ෂා කරනවාද නැතිනම් සංවර්ධනය ඇති කරනවාද යන්නය.
“ආ තැනටම නැවත යන්න” කියා ප්‍රාදේශීය නායකයෙක් පරිසර වේදියෙකුට කෑ ගැසා තිබුණි. නමුත් ඉක්මණින් අලුත් පණිවුඩයක් පැමිණියේය. “එකිනෙකාට කෑ ගසා නොගන්න.…