ප්‍රවර්ගය  |  Uncategorized

යේසුස්වහන්සේ සමඟ නිවැරදි වීම

"අපි මොන්ටිගෝ බොක්කට යාමට ගුවන් යානයට නැඟීමට සූදානම්" දැනුම් දීම ඇසුණි. මම උසස් පාසැල් කණඩායමක නායකයෙකු සහ කථිකයෙකු ලෙස දූතන සංචාරයක් සඳහා ජැමෙයිකාවට යමින් සිටියෙමි. මම මගේ බෑගයේ තිබුණු බෝඩිංපාස් පත සහ ගුවන් ගමන් බල පත්‍රය ගැනීමට සෙවීමේදී, මහා කලබලයක් ඇති විය. මාගේ ගුවන් ගමන් බල පත්‍රය නැතිවී තිබුණි.

මා නැතිව අපගේ කණ්ඩායම ගුවන් ගත විය. මා අලුත් ගුවන් ගමන්…

සිත මැලවෙන්නට දෙන්න එපා

මට වෙහෙසයි. අලුත් රැකියාවට ගිය සත්‍යාට මාස 9 කින් පසුව දැනුනේ එසේය. යේසුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු ලෙස ප්‍රශ්න විසඳගෙන සේවය කරගෙන යාමේදී දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ඔහු උත්සාහ කළේය. නමුත් සෙනඟ සම්බන්ධ ගැටලු නොනැවතී පැවතුණු අතර සංවිධානාත්මක ප්‍රගතිය සිදුකෙරුණේ ඉතා අවම ලෙසය. සියල්ල නවතා දැමීමට ඔහුට සිතිණ.

සමහරවිට සත්‍යා මෙන් ඔබද වෙහෙසට පත්ව සිටිනවා විය හැකියි. කළ යුතු යහපත…

පහසුයි-අසීරුයි

මාර්ක් නැඟීඑන තරුණ සභාපාලකයෙක් විය. එක් උදෑසනක ඔහුගේ පුත් ඕවන් ඔහු සමඟ බෝලයකට පයින් ගසමින් සිටියදී වැටී මිය ගියේය. මාර්ක්ට එය දරා ගත නොහැකි වූ අතර ඔහු තවමත් ඒ ගැන දුක්වන්නේය. නමුත් ඔහුගේ වේදනාව තුළින් ඔහු වඩාත් සානුකම්පිත සභාපාලකයෙකු වී ඇත. මාර්ක් සමඟ මා දුක් වූ අතර, ඔහුගේ පරීක්ෂාව ඒ ඩබ්ලිව් ටෝසර් සඳහන් කළ: “දෙවියන් වහන්සේට, මිනිසෙකු හට දැඩිව ගැඹුරින්…

දෙවියන් වහන්සේ සමඟ නව ආරම්භයක්

“ඔබගේ පාපයත් ජේසුස් වහන්සේව කුරුසියට යැව්වාද?” 1633 ඔහුගේ විශිෂ්ඨ නිර්මාණය වූ කුරුසිය එසවීම නමැති පින්තූරය තුළින් ලන්දේසි ජාතික චිත්‍ර ශිල්පියෙක් වූ රෙම්බ්‍රන්ට් අසන්නාක් මෙන් පෙනුනේ මෙම ප්‍රශ්නයයි. කුරුසිය ඔසවා නියමිත ස්ථානයේ ස්ථානගත කරන විට ජේසුස් වහන්සේ එම පින්තූරයේ මධ්‍යයෙහි දිස්වේ. මනුෂ්‍යයන් සතර දෙනෙක් කුරුසිය ඔසවති. නමුත් ජේසුස් වහන්සේ වටා ඇති ආලෝකයෙන් එක් අයෙකු කැපී පෙනේ. ඔහුගේ ඇඳුම් වෙනස්ය. ඔහු රෙම්බ්‍රන්ට්ගේ…

දෙවියන් වහන්සේ සමඟ ගමන් කිරීම

වසර ගණනාවක් තිස්සේ යහපත් හෘද සෞඛ්‍යයට දිවීමේ ඇති වැදගත්කම ගැන ව්‍යායාම් සම්බන්ධ විශේෂඥයන් අවධාරණය කර තිබේ. නමුත් මෑත කාලීන විද්‍යාත්මක අධ්‍යයනයන් දිනපතා ඇවිදීමෙන්ද සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් තිබෙන බව පෙන්වා දී තිබේ. එක්සත් ජනපද ජාතික සෙඛ්‍ය සංගමයට අනුව, පසුගිය දශකයේදී “දිනකට පියවර 4000ක් ඇවිද්ද අයට වඩා දිනකට පියවර 8000ක් හෝ ඊට වඩා ඇවිද්ද අය මරණීය අවදානම අඩුකරගෙන තිබේ”. ඇවිදීම අපට හොඳය.…

සත්‍යය ගැන ඔත්තු බැලීම

නිවැරදි නැතත් තමන් නිවැරදියැයි ඒත්තු ගැනීමට සෙනඟ උත්සාහ කිරීම ගැන කථාකරමින් කතෘ ජූලියා ගාලෙෆ් යෝජනා කරන්නේ ඊට හේතුව “සොල්දාදු මනස” බවයි. එනම් අපට තර්ජනයක් වන දේවලට එරෙහිව අප දැනටමත් විශ්වාස කරන දේවල් රැක ගැනීමට දරණ උත්සාහයයි. ගාලෙෆ් තර්ක කරන්නේ වඩාත් උපකාරී වන්නේ චරපුරුෂයෙකුගේ මනස් ස්වභාවයක් යනු මූලිකව තර්ජන ඉවත් කිරීම කෙරෙහි පමණක් නොව සම්පූර්ණ සත්‍යය සෙවීමට අවධානය යොමු කරන්නෙකු වීම…

දෙවියන් වහන්සේ ක්‍රියා කරනු ඇත

උනන්දුවෙන් වැඩ කරන ලිපිකාරිනියක් වූ එරින් සෑමවිටම ඇයගේ රැකියාව ඉතා හොඳින් කළාය. නමුත් ඇය වංක බවට චෝදනාවක් පැමිණි පසු එම පරීක්ෂණය අවසන් වන තෙක් කෙටි කාලයකට නිවාඩු යැවිණ. ඇය එයට එරෙහිව අස්වීමට සිතුවත් බලා සිටින මෙන් උපදෙස් ලැබිණ. “අස්වීමෙන් ඔබ වැරදිකාරියක් බව අදහස් කෙරෙනු ඇතැ”යි ඇයට කියනු ලැබිණ. එබැවින් ඇයට සාධාරණය ඉටු කරන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් එරින් නැවතී…

...මුඛවලින්

ඔබගේ බල්ලා කියන දෙය ඔබට තේරෙනවා නම් කෙසේ තියේවිද? බල්ලන් බුරන විට ඔවුන්ගේ හැඟීම් හඳුනා ගැනීමට නව තාක්ෂණයෙන් “බිරීම්” අවබෝධකයන්, උපකාර කර ගනී. බිරීම් දස දහස් ගණනකට වැඩි ප්‍රමාණයක දත්ත භාවිතා කර උන් ප්‍රකාශ කරන හැඟීම් තේරුම් ගැනීමට අධිතාක්ෂණික කොලර් නිපදවා ඇත. එම කොලර් වලින් වචන පරිවර්තනයක් සිදු කළ නොහැකි වුවද අයිතිකරු සහ සුරතලා අතර විශාල අවබෝධයක් ඇති කර ගත…

බයිබලය එළිදරව් කරන දෙය

1817 අප්‍රේල් මාසයේදී, විදේශික ඇඳුම් හැඳගත්, නොදන්නා භාෂාවකින් කතා කරමින්, මංමුලාවූ තරුණියක්, එංගලන්තයේ ග්ලෝසෙස්ටර්ෂයර් අවට සැරිසරමින් සිටිනු දක්නට ලැබුණි. යාචක ස්ත්‍රියක් යැයි සිතමින් බලධාරීන් විසින් ඇය සිරගත කරන ලදී. කෙසේ හෝ ඇය තමා ජාවාසූ දූපතේ කැරබූ කුමාරිය බව ඇය අල්ලාගත් අයට ඒත්තු ගැන්වූවාය. බෝඩිං නිවාසයක් පවත්වන්නෙකු විසින් ඇය මේරි විල්කොක්ස් නමැති මෙහෙකාර ස්ත්‍රියක් බව එළිදරව් කරන තුරු සති දහයක්ම සමූහයා…

ජීවිතයට වඩා හොඳය

තවත් බලාපොරොත්තු නොවූ රෝගී වීමකින් පසුව මාගේ ස්වාමි පුරුෂයා සහ අනෙක් අය සමඟ කඳුකරයේ තිබුණු යාච්ඤා රැස්වීමකට සහභාගි වුනෙමි. කන්දක් මුදුනේ තිබුණු කුඩා සභාවට ඇති ලී පඩිපෙළ අමාරුවෙන් නැග්ගෙමි. කලුවරේ තනිවම, මහන්සිය නිවා ගැනීමට, පතුරු ගැලවුණු පඩියක් මත නැවතුනෙමි. සංගීතය ආරම්භ වූ විට මම “ස්වාමිනී මට උදව් කළ මැනව” කියා මිමිණුවෙමි. කුඩා කාමරයට පිවිසෙන තුරු මම සෙමින් ගමන් කළෙමි. නොනැවතී…