ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේ අපව දකින ආකාරය

ඒ 1968 වසරය. ඇමරිකාව වියට්නාමය සමග යුද්ධයක පැටලීි සිටියේය. නගරවල ජාතිවාදය පිපිරෙමින් තිබූ අතර ප්‍රසිද්ධ දෙදෙනෙකු ඝාතනය වී තිබුණි. ඊට වසරකට පෙර ගගනගාමීන් තිදෙනෙකුගේ ජීවිත ගින්නෙන් විනාශ වුනි. එම නිසා සඳට යෑම දීර්ඝ සිහිනයක් බඳු විය. කෙසේ වෙතත් නත්තලට දින කිහිපයකට පෙර ඇපලෝ 8 යැවීමට හැකි වුනි.

සඳ වටා ගිය පළමු මිනිස් දූතනය එය විය. බෝර්මන්, ඇන්ඩර්ස් සහ ලවල් යන…

අප ඇහුම්කන් දෙන්නේ කාටද

“මම හදිසි අවස්ථාවක් ප්‍රකාශ කළ යුතුයි. මගේ ගුවන් නියමුවා මිය ගිහින්”. ඩග් වයිට් වෙවුලමින් තම ගුවන් යානයට උපදෙස් දෙන පාලක මැදිරියට දැනුම් දුන්නේය. ගුවන් ගතවී විනාඩි කිහිපයකට පසුව ඩග් විසින් කුලියට ගත් ගුවන් යානයේ ගුවන් නියමුවා මිය ගියේය. වඩා නවීන නොවූ ගුවන් යානයක මාස තුනකට වඩා පුහුණුවක් ලබා නොසිටි ඩග් ගුවන් නියමු කුටියට පා තැබීය. ගුවන් යානය ගොඩ බස්සන තුරු…

අපගේ ගැළවුම්කරුවූ යේසුස්වහන්සේ

පකිස්තානු මිටියාවතක් හරහා ආරම්භ කළ සාමාන්‍ය කේබල් රථ ගමනක් බිහිසුණු අත්දැකීමක් බවට පත් විය. ගමන ආරම්භ වී ටික වේලාවකින් එය දරා තිබුණු කම්බි දෙකක් කැඩුණි. පාසැල් දරුවන් ඇතුලු මගීින් අට දෙනෙක් අඩි සිය ගණනක් ඉහළ අහසෙහි සිරවුනි. දුෂ්කර තත්ත්වය නිසා පකිස්තානු හමුදාව හෙලිකොප්ටර් සහ අනිකුත් ආධාරකද සහිතව පැය දොළහක මෙහෙයුමක් කළේය.

එම හොඳින් පුහුණු වූ ගළවන්නන් ප්‍රශංසාවට ලක් විය යුතුය.…

ක්‍රිස්තුස්වහන්සේ තුළ ධෛර්යය

ඉන්දියානු පාසැල් ගුරුවරියක් තම සිසුන්ට යෝජනා කළේ ඔවුන්ගේ සම කාලීනයන්ව දිරිමත් කිරීමේ සහ ජ්වලිත කිරීමේ ලිපි ලියන ලෙසටය. දින කිහිපයකට පසුව රටෙහි වෙනත් ප්‍රදේශයක පාසැල් ඛේදවාචකයක් සිදුවූ විට තමන්ටද එවැනි දෙයක් සිදුවේයයි යන බියෙන් පිටතට ඒමට හවුල් සිසුවන්ට එම ලිපි උපකාර වූයේය.

තෙසලෝනිකයේ ඇදහිලිවතුන්ට ලියන අවස්ථාවේදී දිරිමත් කිරීම සහ එකිනෙකාට සත්කාර කිරීම පාවුල්ගේ සිතෙහිද තිබුණි. ඔවුන්ගේ මිතුරන් මියගොස් තිබුණි. පාවුල්…

මිත්තණියගේ ඇදහිල්ල

අපි කෑම මේසය වටා වාඩිවී සිටින විට මගේ නව හැවිරිදි මුණුපුරා සිනහවකින් යුතුව කීවේ “මම හරියට ආච්චි වාගේ. මමත් කියවන්න ආසයි” යනුවෙනි. ඔහුගේ වචන මගේ හදවතට සතුටක් ගෙනාවේය. ඔහු පසුගිය වසරේ රෝගීව පාසැල් යාමට නොහැකිව නිවසේ සිටි ආකාරය මට සිහි වුනි. ඔහු දීර්ඝ නින්දකට වැටුණු පසුව අප එකිනෙකා කියවන්න පටන් ගත්තෙමු. මාගේ මවගෙන් මට ලැබුණු උරුමය පරම්පරාවට භාර දීමට හැකි…

ප්‍රේමය මරණය මෙන් බලවත්ය

නෙදර්ලන්ඩ්වල රෝමන්ඩ්හි ඇති ප්‍රොතෙස්තානු සහ කතෝලික සොහොන් මැදින් ඔබ ගමන් කරන විට ඔබට කුතුහලය දනවන දසුනක් හමුවේ. දෙපැත්තේම තාප්පය දෙපැත්තේ එක හා සමාන උස කුළුණු දෙකක් තිබේ. එකක් ප්‍රොතෙස්තානු ස්වාමිපුරුෂයාගේය. අනෙක ඔහුගේ කතෝලික භාර්යාවගේය. 19 වන සියවසේ තිබූ සංස්කෘතික නීතිවලට අනුව ඔවුන්ව භූමදාන කළ යුතු වූයේ වෙන වෙනම සුසාන භූමිවලය. කෙසේ වෙතත් ඔවුහු ඔවුන්ගේ ඉරණම පිළිගත්තේ නැත. ඔවුන්ගේ උස කුළුණු…

ආරක්‍ෂාකරන දෙවියන්වහන්සේගේ අභිමුඛය

උසස් පාසැලේ මාගේ වාර්ෂික වාර්තාව බලන මාගේ දරු මුණුපුරන් යල් පැන ගිය කොණ්ඩා මෝස්තර, ඇඳුම් සහ පැරණි මාදිලියේ මෝටර් රථ දැක පුදුම වූහ. නමුත් මා දකින්නේ වෙනස් ආකාරයකටය. පළමුව දිගු කල් සිට හඳුනන තවමත් මිතුරු අයගේ සිනහව සහ එයටත් වැඩියෙන් දෙවියන්වහන්සේගේ ආරක්‍ෂිත අභිමුඛයද දකිමි. හැඩ ගැසීමට අසීරුවූ පාසැලක උන්වහන්සේගේ ආරක්‍ෂිත මෘදු අභිමුඛය මා වට කර සිටියේය. උන්වහන්සේ සියල්ලන්ටම දෙන කරුණාවෙන්…

යේසුස්වහන්සේට ඉඩක්

නිව් ඕර්ලියන්ස් හි මා ගත කළ සති අන්තයට මම කැමති වීමි. ප්‍රංශ කොටසෙහි පා ගමනකටද දෙවන ලෝක මහා යුද්ධයේ කෞතුකාගාරයටද ගියෙමි. බැදපු ඉස්සන්ගේ රස බැලීමි. නමුත් මාගේ මිතුරාගේ වැඩිපුර කාමරයේ මා නින්දට යන කල මට මගේ භාර්යාව සහ දරුවන් නැති පාළුව දැණුනි. අනෙක් නගරවල දේශනා කිරීමට ලැබෙන අවස්ථාවන් මම භුක්ති වින්ද නමුත් මම වඩාත් කැමති වූයේ නිවසේ සිටීමටය.

යේසුස්වහන්සේගේ ජීවිතයේ…

දෙවියන්වහන්සේ පිළිතුරු දෙන සේක

සභාපාලක තිමෝති ගමන් යන විට සභාපාලක ඇඳුම ඇඳ ගනියි. බොහෝ අය ඔහුව නවතයි. “කරුණාකර මට යාච්ඤා කරන්න” යයි ගුවන් තොටුපළේ සිටින සෙනඟ ඔහුගේ සරල තද වර්ණයෙන් යුත් ඇඳුම සහ සුදු පැහැති කොලරය දුටු වහාම කියති. එක් දිනක් ස්ත්‍රියක් ඔහුගේ ගුවන් ආසනය ළඟ දණ ගසා “ඔබ සභා පාලකයෙක්ද? කරුණාකර මට යාච්ඤා කරන්න” යයි කීවාය. සභාපාලක තිමෝතිද යාච්ඤා කළේය.

දෙවියන්වහන්සේ අපගේ යාච්ඤා…

පරිපූර්ණ ත්‍යාගය

කෙටිකාලීන දූත ගමනක් සඳහා මා පේරු රටෙහි සිටින විට තරුණයෙක් මාගෙන් මුදල් ඉල්ලීය. ආරක්‍ෂක හේතූන් මත මුදල් නොදෙන ලෙසට මගේ කණ්ඩායමට උපදෙස් ලැබී තිබුණු හෙයින් මම ඔහුට උපකාර කරන්නේ කෙසේද? එවිට මට ක්‍රියා 3 හි ආබාධිත පුද්ගලයාට පේත්‍රෑස් සහ යොහන් ප්‍රතිචාර දැක්වූ ආකාරය සිහිපත් වුනි. ඔහුට මුදල් ලබා දිය නොහැකි බව මම තේරුම් කළෙමි. නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ශුභාරංචිය මට ඔහු…