යේසුස්වහන්සේ අත දිගු කරන සේක
සමහර විට අපේ ජීවිත කාර්ය බහුල වන්නේය. පංති අසීරුය. වැඩ වෙහෙස ගෙන දෙන්නේය. නාන කාමරය පවිත්‍ර කළ යුතුය. කෝපි සාදයක් අත ළඟය. දිනකට බයිබලය විනාඩි කිහිපයක් කියවා අනික් සතියේ දෙවියන්වහන්සේ සමග වැඩි කාලයක් ගත කරමියි කියන තැනට මම වැටෙමි. නමුත් මගේ අවධානය වෙනතකට යාමට වැඩි කාලයක් ගත නොවේ. මම දෛනික කාරණාවල ගිලෙන්නෙමි. දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලීමට මට අමතක වේ.
පේතෘස් ජලය මතින්…
හදවතෙහි ඇති බඩගින්න
සමහරක් ස්ථානවලට මගේ ස්වාමි පුරුෂයා සමග යද්දී මම විද්‍යුත් පණිවුඩ බලමින් ගියෙමි. හදිසියේම දේශීය රසකැවිලි සාප්පුවක දැන්වීමක් පැමිණියේය. අප එය පසුකර ගියා පමණි. එකෙණෙහිම මට බඩගින්නක් දැනුණි. තාක්ෂණය අපව ආයතනවලට ඇද ගන්නා ආකාරය ගැන මම පුදුම වීමි.
මම විද්‍යුත් පණිවුඩය වසා දමන විටම දෙවියන්වහන්සේ මාව සමීප කිරීමට කරන අඛණ්ඩ කාරණා ගැන මම මෙනෙහි කලෙමි. මා ඉන්නා ස්ථානය උන්වහන්සේ දන්නා සේක.…
ස්වාමින්වහන්සේ කථා කරන සේක
ලෝකයේ වේදනාව ගැන ඇති සෑම වාදයක්ම යෝබ් පොතෙහි තිබේ. නමුත් එම විවාද යෝබ්ට එතරම් උපකාරයක් කරන බවක් නොපෙනේ. ඔහුට ඇත්තේ සැකයකට වඩා සම්බන්ධතාවය පිළිබඳ ප්රශ්නයකි. ඔහුට දෙවියන්වහන්සේ විශ්වාස කළ හැකිද? යෝබ්ට සියල්ලට වඩා එක දෙයක් අවශ්‍ය වුනි. ඒ ඔහුගේ කාලකණ්නි තත්ත්වය විස්තර කළ හැකි එකම තැතැන්තාගේ පැමිණිමයි. ඔහුට මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ හමුවීමට අවශ්‍ය විය.
යෝබ්ට තිබූ ආශාව අවසානයේ ඉෂ්ට…
ඩිස්කවරි දැණුම
ඔබේ දැණුමට කාලීන මාතෘකා යටතේ කුඩා පොත් පිංචවල් ලෙස බාගත ගරගත හැකි පණිවුඩ.
තායි ගුහාවේ ගැලවීමේ වියාපෘතියට මා ආකර්ශණය වූයේ ඇයි?
ලෝකය වටා බොහෝ අය මෙන් තායි යෞවනයන් 12දෙනා සහ ඔවුන්ගේ විසිපස් හැවිරිදි පුහුණුකරු ගළවාගත් බව දැනගත් විට මා
දැඩි රළ පහරවල් පසු කිරීම
විනෝද බෝට්ටු පැදීමට නායකත්වය දෙන්නා අපගේ කණ්ඩායම ගං ඉවුරට ගෙන ගියේය. අපට ආරක්ෂිත කබා පැළඳ හබල්ද ගැනීමටද උපදෙස් දුන්නේය. අප බෝට්ටුවට නැගුණු විට ඔහු අපව ආසනවල හිඳවූයේ බෝට්ටුෙවේ සමතුලිත භාවය රැකෙන ලෙසය. තද දිය රැළි හමුවන විට නොපෙරෙළෙන පිණිසය. අපට ලැබෙන ත්‍රාසජනක අත්දැකීම් උලුප්පා දක්වා අපට ගමනේදී ඇසෙන උපදෙස් මාලාවක් ගැනද සඳහන් කලේය. ඒවා පිළිපැදිය යුතු බව කීවේය. දැඩි ජලපහර…