Archives: දෙසැම්බර් 2022

උසස් බලාපොරොත්තු

නත්තලට පෙර කාර්යබහුල දිනක, මගේ නිවස අසල සෙනග පිරි තැපැල් කාර්යාලයේ තැපැල් කවුන්ටරය වෙත වයස්ගත කාන්තාවක් පැමිණියාය. ඇයගේ මන්දගාමී ගමන දෙස බලා සිටි ඉවසිලිවන්ත තැපැල් නිලධාරියා, “හොඳයි, ආයුබෝවන්, තරුණ නෝනා!” යනුවෙන් ඇයට ආචාර කළේය. ඔහුගේ වචන මිත්‍රශීලී විය, නමුත් සමහරුන්ට ඇසෙන පරිදි “වයසින් බාල” යැයි පැවසීම වඩා හොඳ වනු ඇත.

මහලු වයස අපගේ බලාපොරොත්තු දිරිගන්වන බව දැකීමට බයිබලය අපට උගන්වයි.…

දෛනික යැපීම

එක් උදෑසනක අපේ කුඩා දරුවන් උදෑසනම අවදිවී තමන්ගේම උදෑසන අහාර වේල පිළියෙළ කිරීමට තීරණය කළෝය. එම සතිය තුළ බොහෝ වැඩ කටයුතු වලට මුහුණ දී වෙහෙසට පත්ව සිටි මම සහ මගේ බිරිඳ එම සෙනසුරාදා අවම වශයෙන් උදෑසන 7 වන තුරුවත් නිදා ගැනීමට උත්සාහ කළෙමු. එක්වරම යමක් බිම වැටෙනවා වැනි මහත් හඬක් මට ඇසුනි! මම ඇඳෙන් පැන මුළුතැන්ගෙයට දිව ගිය අවස්ථාවේදී, කැඩුණු…

ප්‍රේමයේ වෙහෙස

වෛද්‍ය රෙබෙකා ලී ක්‍රම්ප්ලර් වෛද්‍ය උපාධියක් ලබාගත් පළමු කළු ජාතික ඇමරිකානු කාන්තාවයි. එහෙත් ඇගේ ජීවිත කාලය තුළ (1831-95), ඇය “නොසලකා හරින ලද, සුළු කොට සලකන ලද සහ නොසැලකිය යුතු” කෙනෙක් වූ බව සිහිපත් කරයි. කෙසේ වෙතත්, ඇය සුවය ලැබීමට සහ ඇගේ අරමුණ ඉටු කිරීමට කැපවී සිටියාය. සමහර අය ඇයගේ ජාතිය සහ ලිංග භේදය මත පදනම්ව ඇයව විනිශ්චය කිරීමට තීරණය කළත්,…

නත්තල් ආලෝකය

මගේ ඇස්වලට නත්තල් ගස ගින්නෙන් ඇවිලෙනවාක් මෙන් පෙණුනි! කෘතිම විදුලි පහන් වැල් නිසා නොව නමුත් සැබෑ ගින්නෙන්ය. අපේ පවුලට මිතුරෙකුගේ “පැරණි ජර්මානු ක්‍රමය” අනුව පවත්වනු ලබන උත්සවයකට ආරාධනා කරන ලද අතර එය රසවත් සාම්ප්‍රදායික අතුරුපස සහ සැබෑ, දැල්වූ ඉටිපන්දම් සහිත ගසක් ඇතුළත් උත්සවයකි. (ආරක්ෂාව සඳහා, අලුතින් කපන ලද ගස එක් රාත්‍රියක පමණක් ආලෝකමත් කරන ලදී.)

ගස ඇවිලෙනවා මෙන් දුටු මා…

ඔබ කවුරුන්ද

2011 දී, දරුවන් නොමැතිව දශකයකට පසු, මගේ බිරිඳ සහ මම නව රටක ජීවිතය නැවත ආරම්භ කිරීමට තීරණය කළෙමු. මෙම පියවර ප්‍රබෝධමත් වූවත්, ඒ සඳහා මගේ නිවේදක වෘත්තියෙන් ඉවත් වීමට අවශ්‍ය වූ අතර එය මට මග හැරුණි. පාළුවක් දැනුණු මම මගේ මිතුරෙකු වන ලියම්ගෙන් උපදෙස් ඉල්ලා සිටියෙමි.

“තවදුරටත් මගේ කැඳවීම කුමක්දැයි මම නොදනිමි,” කලකිරීමෙන් යුතුව මම ලියම්ට කීවෙමි. “ඔබ මෙහි නිවේදන…