අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Albert Lee

ඇල්බර්ට් ලී

ඇල්බට් ලී සිංගප්පූරුවේ ජීවත්වන අතර, වසර ගණනාවක් අපගේ දිනපතා භෝජනය සේවයේ ජාත්‍යන්තර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලදී. ඔහුගේ දැඩි උනන්දුව, දර්ශනය හා ශක්තිය ලොව වටා සේවය ව්‍යාප්ත කිරීමට ඉවහල් විය. ඔහු තවදුරටත් මෙම සේවය වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක නායකත්වය ගෙන ක‍්‍රියා කරයි. ඇල්බට් සිංගප්පූරුවේ හැදුණු වැඩුණු අතර සිංගප්පූරු බයිබල් විද්‍යාලයෙන් විවිධ වූ පාඨමාලා රාශියක් හදාරා ඇත. එමෙන්ම 1977 - 1999 දක්වා සිංගප්පූරු යෞවන කිතු මග අයතනයේ සේවය කළ අතර, එක්සත් ජනපදයේ ඉන්දියානා හී ටේලර් විශ්ව විද්‍යාලයේ තරුණ ශුභාරංචිකරණය පිළිබදව පාඨමාලාවක් මෙහෙයවා ඇත. ඔහු කලාව අගයන අතර චිත‍්‍ර නිර්මාණ එකතු කරයි. ඔහු සහ ඔහුගේ භාර්යාව කැතරින් හට දරුවන් දෙදෙනෙකු සිටි.

ඇල්බර්ට් ලී විසින් රචිත ලිපි

පියෙක් නැති අයෙක් නොවේ

ජෝන් සෝවර්ස් සිය “පියා නැති පරම්පරාව” නම්වූ කෘතියේ සඳහන් කරන්නේ “මවගේ නිවසේ වැඩෙන මිලියන 25 ක් වූ මෙම දරුවන් තරම් පියා අහිමිව ඇති පරම්පරාවක් දැක නැත්තෙමි” යනුවෙනි. මගේම අත් දැකීම අනුව මට වීථ’යේදී මගේ පියාව හමු වූවා නම් මට ඔහුව හඳුනා ගැනීමට නොහැකි වනු ඇත. මම කුඩා කාලයේදී මගේ දෙමව්පියන් දික්කසාද වූ අතර මගේ පියාගේ ඡායාරූප සියල්ලම පාහේ පුළුස්සා දමා…

බිය පැරදවීම

වසර තිස්දෙකක්ම මනුෂ්‍යයෙක්ගේ ජීවිතය භිය විසින් පාලනය කෙරුණි. ඔහුගේ අපරාධවලට අසුවේ යැයි බියෙන් ඔහු තම සහෝදරියගේ ගොවිපළේ සැඟවී සිටියේය. ඔහු කොහේවත් ගියේ නැත. කිසිවෙක්වත් හමුවූයේ නැත. ඔහුගේ මවගේ අවමංගල්‍යයටවත් යාමට ඔහුට නොහැකි වුනි. ඔහුට වයස හැට හතරක් වූ විට ඔහුට විරුද්ධව කිසිම නඩුවක් නොමැති බව ඔහුට දැන ගන්නට ලැබුණි. එම මනුෂ්‍යයාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබුණි. එසේය, දඬුවම ගැන…

නත්තලේ උපත

ලෝකයට යහපත් ආරංචිය ගෙනෙන පිණිස ගාබි‍්‍රයෙල් දේවදූතයා මරියාට දිස්වී පසුව එඩේරුන්ට පෙණී ලෝකයට ශුභාරංචිය ගෙනෙන විට එය මෙම යෞවන ස්ත‍්‍රියට යහපත් වන්න ඇද්ද (ලූක් 1:26-27; 2:10) සමහර විට මරියා සිතන්න ඇත්තේ "මාගේ ගැබ්ගැනීම මාගේ පවුලේ අයට විස්තර කරන්නේ කෙසේද? මාගේ ප්‍රේමවන්ත යෝසෙප් ගිවිසුම අවලංගු කරයිද? ගමේ අය මොනවා කියයිද? මාගේ ජීවිතය බේරුනත් තනි මවක් ලෙස මා ජීවත් වන්නේ කෙසේද?" යනුවෙන්…

අප කව්දැයි දැනගනිමු

කොරී ටෙන් බූම්, ඇය ලිවූ චරිතාපදානයෙහි 1940 ගණන්වල තමා සහ තම සහෝදරිය වන බෙට්සි නාසි වධකාගාරවල සිටියදී විඳි කුරිරු අත්දැකීම් බෙදාගත්තාය. එක්වරක් නිරීක්‍ෂණයක් තුළදී ඔවුන්ගේ අඳුම් ගළවන්ට අණ ලැබිණ. කොරී පෝළිමේ සිටියාය. ඇයට ලැජ්ජාවද තමාව අත්හැර ඇතැයි යන හැඟීමද ඇති විය. ක්‍ෂණිකව ඇයට මතක්වූයේ යේසුස්වහන්සේ නිරුවත්ව කුරුසියේ ඇණගසා සිටි බවය. ඇය නමස්කාරයෙන් පූර්ණවී තම නැගණියට මිමිණුවේ "බෙට්සි ඔවුන් උන්වහන්සේගේ ඇඳුම්ද…

ජීවිත කුණාටු

දරුණු කුණාටුවක් ගැන අපි මාර්ක් ශුභාරංචියේ කියවන්නෙමු. ගලීල මුහුද හරහා යන බෝට්ටුවක ගෝලයෝ යේසුස්වහන්සේ සමඟ සිටියෝය. "කුරිරු කුණාටුවක් ආ විට" අත්දැකීම් තිබුණාවූ සමහර ගෝලයෝ පවා තම ජීවිත ගැන බිය වූහ (4:37-38). දෙවියන්වහන්සේ අප දෙස නොබලන සේක්ද? අපව යේසුස්වහන්සේ තෝරා ගත්තා නොවේද? උන්වහන්සේට අප සමීපව සිටිනවා නොවේද? "‘එගොඩ යමු යැයි’ කීවේ උන්වහන්සේ නේද?" (35 පදය) එසේ නම් මෙවැනි දරුණු ප‍්‍රශ්නයක් තුළින්…