අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඩේවිඩ් සි. මැක් කැස්ලන්ඩ් විසින් රචිත ලිපි

මේ දවසේ

වෛද්‍යාචාණි වර්ජීනියා කොනලි වයස 27දී විරෝධතා සහ විවේචන නොතකා ටෙක්සාස් ඇබිලීන්හි පළමු කාන්තා වෛද්‍යවරිය බවට පත්වූවාය. 2012දී ඇයගේ 100 වැනි උපන් දිනයට මාස ගණනකට පෙර ටෙක්සාස් වෛද්‍ය සභාව විශිෂ්ඨතා සේවා සම්මානය ඇයට පිරිනැමීය. එය එහි වෛද්‍යවරයෙකුට දිය හැකි උසස්ම සම්මානයයි. එම විශේෂිත සිද්ධි දෙක අතර වෛද්‍ය කොනලි ඇයගේ වෛද්‍ය දූත සේවය තුළින් ලොව වටා ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමේ තම ආශාව ක‍්‍රියාත්මක කළාය. එය…

සමීප වැඩියි

මම ඔක්ලොහෝමාහි හැදී වැඩුනෙමි. එහි වසන්ත සෘතුවේ මුල සිට ග‍්‍රීෂ්ම සෘතුව අවසන් වන තෙක් දරුණු කාලගුණයක් පවතී. එක් සන්ධ්‍යාවක අහස කළුකරගෙන පැමිණියා මට මතකය. රූපවාහිනී නිවේදකයා ටොර්නේඩෝ කුණාටුවක් එන බව පැවසීය. විදුලි බලය විසන්ධි විය. මමත් මාගේ දෙමව්පියෝ සහ සොයුරියත් අප නිවස පිටුපසවූ කුණාටු වලට ඔරොත්තු දෙන කාමරයට ඇතුල්වුණෙමු. කුණාටුව අවසන් වනතෙක් එහි සිටියෙමු.

අද "කුණාටු පසුපස යෑම" සමහරුන්ට විනෝදාංශයකි. තවත්…

වචන තුනේ මරණ දැන්වීම

ස්ටිග් කර්නල් මියයෑමට පෙර ඔහු මල් ශාලාවට කියා තිබුණේ සාමාන්‍ය මරණ දැන්වීමක් වෙනුවට "මම මිය ගියා" කියා පළකරන ලෙසය. වයස 92දී කර්නල් මහතා මිය ගිය විට එය පළවූයේ එලෙසය. එහි ඇති නිර්භීතකම සහ සරල බව නිසා ලොව වටා ප‍්‍රවෘත්ති පත‍්‍රවල අවධානයට එය ලක්විය. ඔහු බලාපොරොත්තුවූවාට වඩා ඔහුගේ වචන තුනේ මරණ දැන්වීම ජාත්‍යන්තර කුතුහලයට භාජනය විය.

යේසුස්වහන්සේ කුරුසිපත්වූ විට ස්වාමීන්වහන්සේගේ මරණ…

පුදුමවී!

මයිකල් ආන්ජලෝ මෙරිස් ඩා කරවාජියෝ (1571-1610) ඉතාලියානු චිත‍්‍ර ශිල්පියා, තද කෝපයට සහ සම්ප‍්‍රදායානුකූල නොවන ශිල්ප ක‍්‍රම භාවිතා කිරීම නිසා ප‍්‍රසිද්ධය. ඔහු ශුද්ධවන්තයන් ලෙස භාවිතා කළේ සාමාන්‍ය වැඩ කරන ජනයාය. එසේම ප්‍රෙක්ෂකයින්ට එම චිත‍්‍රයේ කොටසක් ලෙස තමන්ව දැකීමට හැකිවිය. "එම්මාවුස්හි රාත‍්‍රී භෝජනය" නම් චිත‍්‍රයෙහි උන්වහන්සේ උත්ථානවූ සමිදානන් ලෙස හඳුනා ගන්නා අවස්ථාවේ එ් අසල තානායම්කරුවෙකු සිටගෙන සිටිනු පෙනේ (ලූක් 24:31). එක් ගෝලයෙකු නැගිටීමට…

වචන තුනේ මරණ දැන්වීම

ස්ටිග් කර්නල් මියයෑමට පෙර ඔහු මල් ශාලාවට කියා තිබුණේ සාමාන්‍ය මරණ දැන්වීමක් වෙනුවට"මම මිය ගියා"කියා පළකරන ලෙසය. වයස 92දී කර්නල් මහතා මිය ගිය විට එය පළවූයේ එලෙසය. එහි ඇති නිර්භීතකම සහ සරල බව නිසා ලොව වටා ප‍්‍රවෘත්ති පත‍්‍රවල අවධානයට එය ලක්විය. ඔහු ලාපොරොත්තුවූවාට වඩා ඔහුගේ වචන තුනේ මරණ දැන්වීම ජාත්‍යන්තර කුතුහලයට භාජනය විය.

යේසුස්වහන්සේ කුරුසිපත්වූ විට ස්වාමින්වහන්සේගේ මරණ දැන්වීම "උන්වහන්සේ…

ඉහළ බැලීම

ජාත්‍යන්තර වෛද්‍ය තාක්ෂණික සඟරාවේ ලිපියක සඳහන්වන ආකාරයට ජංගම දුරකථනයක් දෙස ඔබගේ හිස නවාගෙන බලා සිටීම රාත්තල් 60ක බරක් ගෙල මත තබාගෙන සිටීමට සමානය. ලොව පුරා සෙනඟ මිලියන ගණනක් සාමාන්‍යයෙන් පැය 2-4ක් කාලයක් දිනපතා කියවමින් සහ කෙටි පණිවිඩ යවමින් ගත කිරීම සැලකූ විට ගෙලට සහ කොන්දට ඇතිවන සෞඛ්‍ය ගැටළුව අතිවිශාලය.

එසේම ජීවිතයේ කරදර බරින් ආත්මිකව නැවී යාමද සිදුවිය හැකිය. අපට එන…

දෙවියන්වහන්සේගේ සංගීතයේ බලය

සවුන්ඞ් ඔෆ් මියුසික්" යනු නිෂ්පාදනය කරන ලද ඉතාමත්ම සාර්ථක සංගීත චිත‍්‍රපටයකි. එය 1965දී චිත‍්‍රපටයක් ලෙස එළිදැක්විණි. එයට බොහෝ සම්මාන ලැබිණි. ඊට ''ඇකඩමි සම්මාන" පහක් ඇතුලත් විය. එය ලොව වටා බොහෝ සෙනඟගේ සිත්වලට කාවැදිණි. අඩ සියවසකට පසුවද විශේෂ ප‍්‍රදර්ශන වලට සෙනඟ දැන් පැමිණෙති. පේ‍්‍රක්ෂකයෝ ඔවුන් කැමතිම චරිත ලෙස ඇඳ පැළඳගෙන එති. දර්ශන අතර තුර ඔව්හුද ගායනා කරති.

සංගීතය අපගේ සිත් තුලට…

ඉදිරිය බැලීම

ඕලන්දයේ ශේ‍්‍රෂ්ඨ චිත‍්‍රශිල්පියෙකුවූ රෙම්බ‍්‍රාන්ඞ්ට් වයස 63දී හදිසියේ මිය ගිය පසු ඔහුගේ චිත‍්‍රාගාරයේ තිබී අවසන් නොකළ චිත‍්‍රයක් හමුවිය. යේසුස්වහන්සේ ඉපිද දින 40කට පසු යෙරුසලමේ දේව මාළිගයට ගෙන ආ විට උන්වහන්සේව වඩාගෙන සිටි සිමියොන්ගේ හැඟීම් ඉන් නිරූපණය වේ. එම චිත‍්‍රයේ පසුබිම සහ අනෙකුත් සාමාන්‍ය තොරතුරු අවසන් කර නොතිබිණි. සමහර කලා විශේෂඥයින් සිතන්නේ රෙම්බ‍්‍රාන්ඩට් තමාගේ ජීවිත කාලය අවසන්ව ඇති බව දැන සිමියොන් මෙන්…

තනිකම සහ සේවය

තරුවක් යනු, ජනප‍්‍රිය වීමට තම ජීවිතය පුරා ඉතා මහන්සිවී ඉන්පසු සෙනඟ ඔහු හඳුනාගන්නවාට බියෙන් අව්කණ්ණාඩි පළඳින අයෙකි''යැයි විකට නළු ෆෙඞ් ඇලන් කියා තිබේ. ප‍්‍රසිද්ධිය බොහෝ විට පුද්ගලිකත්වය නැතිකර අනවශ්‍ය ආකර්ෂණයක් ගෙන එයි.

යේසුස්වහන්සේ ඉගැන්විමේ සහ සුවකිරිමේ ප‍්‍රසිද්ධ සේවය ආරම්භ කළ විට උන්වහන්සේ ප‍්‍රසිද්ධියට පත්වී උපකාර අවශ්‍ය සෙනඟගෙන් වටවී සිටිසේක. උන්වහන්සේ ගිය ගිය තැන්වලට ජනයා පසුපසු ආවෝය. එහෙත් ශක්තිය සහ දැක්ම පවත්වා…

නිතර යාච්ඤාකරන්න! අත්නාරින්න!

ඔබ ප‍්‍රශ්නයක් විසඳීමට උත්සාහ කරන විට තවත් ගැටළුවක් මතුවෙන කාලයක් තුළ ඔබ ගමන් කරමින් සිටීද? එය විසඳුන බැවින් රාත‍්‍රියේදී ඔබ ස්වාමීන්වහන්සේට ස්තූති කරයි. එහෙත් උදෑසන නැගිටින විට තව ගැටළුවක් මතුවී ඇති අතර ප‍්‍රශ්නය එසේම තිබේ.

එවැනි අත්දැකීමක් තුළින් ගමන් කරන අතර මම ලූක්ගේ ශුභාරංචිය කියවමින් 18වන පරිච්ඡේදයේ පළමු වචන කිහිපයෙන් විස්මිත වීමි. "තවද ඔවුන් විසින් නොමැළිව නිතර යාච්ඤාකරන්ට ඕනෑ බව…