ඉවත ලන දෙය අලංකාරය සඳහා
මගේ භාර්්‍යයාව වන මිස්කාට ඉතියෝපියාවෙන් ගෙන ආ මාලයක් සහ රවුම් කරාබු ඇත. ඒවායෙහි විශිෂ්ඨ සරලත්වය අව්‍යාජ කලාත්මකභාවය පෙන්නුම් කරයි. නමුත් මෙම කැබලිවල විශේෂත්වය නම් ඒවායේ කථාවය. ඉතියෝපියාවේ දශක ගණනාවක සිට තිබුණු දරුණු ගැටුම් නිසා එහි පොළොව හිස් පතුරොම් සහ ෂෙල් වෙඩි වලින් පිරී තිබුණි. බලාපොරොත්තුවේ ක්‍රියාවක් ලෙස ඉතියෝපියානු වැසියෝ පොළොව පුරා විසීරී තිබුණු ඉවත ලද දෑ පිරිසිදු කළහ. කලාකරුවෝ ඉතිරි…
දෙවියන්වහන්සේ වෙත යොමු වී ඇති දෑස්
දහ නව වන සියවසෙහි ස්කොට්ලන්ත සභා පාලකයෙක් වූ තෝමස් චාමර්ස් උස් කඳුකරයක අශ්වයෙක් විසින් අදිනු ලැබූ කරත්තයක ගිය ගමනක් සහ පටු කඳු බෑවුමක් අසළ මාර්ගයක යන විට එක් අශ්වයෙක් කලබල වූ ආකාරය ගැන කථාවක් කීවේය. රියැදුරා ඔවුන් මරණයට වැටේවි යයි සිතා අඛණ්ඩව කසය වැනීය. අනතුරුදායක තත්ත්වය පසුවූ පසු එතරම් තදින් කසය භාවිතා කළේ මන්ද කියා ඔහු රියැදුරාගෙන් ඇසුවේය.
“අශ්වයාට සිතීමට…
සාන්ත නික්
සාන්ත නිකුලස් (සාන්ත නික්) යන නමින් අප දන්නා පුද්ගලයා ක්‍රි.ව. 270 දී පමණ ධනවත් ග්‍රීක පවුලක ඉපදුණි. අවාසනාවකට මෙන් ඔහු කුඩා කාලයේදී ඔහුගේ දෙමාපියන් මිය ගිය අතර ඔහුට ප්‍රේම කළ සහ දෙවියන් වහන්සේ අනුගමනය කරන්න ඔහුට ඉගැන්වූ මාමා කෙනෙක් සමග ජීවත් වූයේය. නිකුලස් තරුණයෙක්ව සිටි අවදියේදී පුරාවෘත්තයේ සඳහන් වන පරිදි විවාහය සඳහා දෑවැද්ද නොමැතිව අසරණ වූ තරුණියන් තිදෙනෙක් ගැන ඔහුට…
එඬේරාගේ හඬ දැන ගැනීම
මා ළමා වියේ, ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයෙහි ගොවිපළක ජීවත් වී සිටිය කාලයේ, මම මගේ හොඳම මිතුරා සමඟ සැරිසරමින් තේජාන්විතව සවස් කාලය ගත කළෙමි. අපි වනාන්තරය තුළට ඇවිදමින්, පෝනියන් පදිමින්, ගවයන් ගාල් කරන පිටියට පිවිසෙමින් ගොපල්ලන් අශ්වයන් සමඟ වැඩ කරන ආකාරය නැරඹීමට යන්නෙමු. නමුත් මගේ පියාගේ කුඩා නලාවේ හඬ - එනම්, සුළඟ සහ අනෙකුත් සියලුම ඝෝෂා කිරීම් හරහා ගමන් කරන මෙම ඉතා…
නොනැවතී අන්තරාදායක තත්ත්වයකට යාම
1892 දී, කොලරාව සහිත පදිංචිකරුවෙකු අහම්බෙන් එල්බේ ගඟ හරහා ජර්මනියේ සමස්ත ජල සැපයුම වන හැම්බර්ග් නගරය වෙත රෝගය සම්ප්‍රේෂණය කළේය. සති කිහිපයක් ඇතුළත පුරවැසියන් දසදහසක් මිය ගියේය. මීට වසර අටකට පෙර ජර්මානු ක්ෂුද්රජීව විද්‍යාඥ රොබට් කොක් විසින් සොයා ගැනීමක් සිදු කරන ලදී: කොලරාව ජලයෙන් බෝවන රෝගයකි. කොක්ගේ හෙළිදරව්ව විශාල යුරෝපීය නගරවල නිලධාරීන් ඔවුන්ගේ ජලය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරීමේ පද්ධතියට…
අපට අවශ්‍ය ප්‍රඥාව
ඔහුගේ ස්මාරක ග්‍රන්ථය වන “ද ග්‍රේට් ඉන්ෆ්ලුවෙන්සා”හි , ජෝන් එම් බැරී, 1918 උණ වසංගතයේ කතාව විස්තර කරයි. සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂාවට හසු නොවී, දැවැන්ත ව්‍යසනයක් අපේක්ෂා කළ ආකාරය බැරී මහතා හෙළි කරයි. පළමු ලෝක සංග්‍රාමයේදී, ලක්ෂ සංඛ්‍යාත හමුදා භටයින් අගල්වල සිරවී දේශසීමා හරහා ගමන් කරමින් සිටි හෙයින් නව වෛරසයන් පතුරාවි කියා ඔවුහු බිය වූහ. නමුත් විනාශය නැවැත්වීමට තරම් මෙම දැනුම ප්‍රමාණවත්…
අලංකාර ප්‍රතිසංස්කරණය
චිත්‍ර කලාව සහ ඇදහිල්ල මිශ්‍ර කරමින් “අ තිඔලොජි ඔෆ් මේකින්”, නොහොත් ”සෑදීමේ දේවධර්මයක්” නම්වූ ඔහුගේ අපූරු පොතේ, කීර්තිමත් චිත්‍ර ශිල්පී මකෝටෝ ෆුජිමුරා විසින් පැරණි ජපන් කලා ආකෘතියක් වන කින්ට්සුගි ගැන විස්තර කරයි. එහි දී, කලාකරුවා කැඩුණු පිඟන් භාණ්ඩ (මුලින් තේ භාණ්ඩ) ගෙන කැබලි ලැකර් සමඟ එකතු කර, එම භාණ්ඩය නැවතත් සාදනු ලබන්නේ ඉරිතැලීම් වලට රන් නූල් දමමිනි. චිත්‍ර ශිල්පී ෆුජිමුරා…
දෙවියන්වහන්සේගේ දීර්ඝ කථාව
ලයිෆ් සඟරාවේ 1968 ජුලි 12 පිට කවරයේ (සිවිල් යුද්ධ කාලය තුළ නයිජීරියාවේ) බියාෆ්‍රා හි කුසගින්නෙන් පෙළෙන දරුවන්ගේ කේදනීය ඡායාරූපයක් ප්‍රදර්ශනය කළේය. කලබලයට පත් වූ කුඩා දරුවෙක් දේවගැතිවරයෙකු වෙතට සඟරාවේ පිටපතක් ගෙන ගොස් “දෙවියන්වහන්සේ මේ ගැන දන්නවාද?” කියා ඇසුවේය. දේවගැතිවරයා පිළිතුරු දෙමින්, “ඔබට තේරුම්ගත නොහැකි බව මම දනිමි, නමුත්, ඔව්, දෙවියන්වහන්සේ ඒ ගැන දන්නා සේක” කියා කීවේය. එවැනි දෙවි කෙනෙකු ගැන…
යේසුස්වහන්සේ අපගේ සහෝදරයා
තම බාල සහෝදරියගේ ඇඟට භයානක බල්ලෙක් පනින විට බි්රජර් වෝකර්ට වයස අවුරුදු හයකි. බිජර් ඉවෙන් මෙන් බල්ලා ඉදිරියට පැන්නේ ඒ බල්ලාගේ දරුණු ප්‍රහාරයෙන් තම සහෝදරිය බේරා ගැනීමටය. හදිසි අනතුරු ප්‍රතිකාර සහ මැහුම් අනූවක් මුහුණට දැමූ පසු බි්රජර් තම ක්‍රියාව විස්තර කළේය : “කෙනෙක් මැරෙනවා නම් ඒ මැරෙන්න ඕනෑ මම කියලා මම සිතුවෙමි”. ස්තූතිවන්ත විය හැකි ලෙස ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු බි්රජ්ර්ගේ…
බලවත් සහ දුර්වල වූවන්
ලෝවා විශ්ව විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාවේ සම්ප්‍රදායන් අති විශිෂ්ටයි. කිනික් ක්‍රීඩාංගනයට යාබදව ස්ටෙඞ් නැමැති ළමා රෝහල පිහිටා තිබේ. රෝහලේ ඉහළම මහලේ බිම සිට සිවිලිම දක්වා වූ ජෙනෙල් ක්‍රීඩා පිට්ටනියේ පැහැදිලි දර්ශනයක් ලබා දුන්නේය. ක්‍රීඩාවන් පවත්වන දිනවල රෝගී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිට්ටනියේ ඇති තරඟ නැරඹීමට මෙහි රොක් වෙති. තරගයේ පළමු අදියර අවසන් වූ විට පුහුණුකරුවන්, ක්‍රීඩකයන් හා දහස් ගණන් නරඹන්නන් ආරෝග්‍යශාලාව…