ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන් වහන්සේගේ සාධාරණත්වය ගැන අදහසක්

ප්‍රවෘත්තිය කුරිරු විය. විදේශීය ගෘහ සේවිකාවක් ඇගේ ස්වාමිවරුන්ගේ තාඩන පීඩන වලට එතරම් ලක්වූ බැවින් ඇය මිය ගොස් තිබිණ. ස්වාමිවරුන්ව අවසානයේදී සිරගත කෙරිණ. නමුත් මට සිතුණේ ඒ ප්‍රමාණවත් නැති බවයි. ඒ අසරණ කාන්තාවට දුන් කෲරත්වය ඔවුන්ද විඳිය යුතු බවත් ඉන් පසුව ඔවුන්වද මරා දැමිය යුතු බවත් මට සිතුණි. නමුත් එවිට මම කල්පනා කළේ මාගේ කෝපය සීමා පැන්නේද කියාය. එවැනි දේවල් සිතීමෙන්…

දෙවියන් වහන්සේ සපයන නිදහස

භූමිතල ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් පෙර පාසැල් ක්‍රීඩා පිට්නියක් වටා වැටක් බැඳීමේ ප්‍රතිඵල හැදැරූහ. වැටවල් නොමැති පිට්ටනි වල දරුවෝ පාසැල් ගොඩනැගිල්ල සහ ඔවුන්ගේ ගුරුවරිය වටා එකතු වූ අතර අයාලේ ගියේ නැත. නමුත් වැටවල් ඇති ක්‍රීඩා පිට්ටනිවල ඔව්හු මුළු පරිසරයම භාවිතා කරති. පර්යේෂකයන් නිගමනය කළේ සීමාවන් නිදහස පිළිබඳ විශාල හැඟීමක් ඇති කරන බවයි. සීමාවන් අපගේ ප්‍රීතියට බාධාවක් යයි සිතන බොහෝ…

ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ කැඳවීම

2024 දී ජිනී හිස්ලොප්ට ශාස්ත්‍රපති උපාධිය පිරිනමන විට මහත් ඔල්වරසන් හඬක් නැගුණි. මන්ද? ඒ ඇයගේ විෂය පාඨමාලාව අවසන් කර වසර 84 කට පසුව ලැබුණ නිසාය. 1941 දී ඇයට නිබන්ධනය පමණක් ඉදිරිපත් කිරීමට තිබුණි. නමුත් එවකට ඇයගේ පෙම්වතාවූ ජෝර්ජ්ට 2 වන මහා ලෝක යුද්ධයේ සටන් කරන පිණිස කැඳවීමක් ලැබී තිබුණි. දෙදෙනා ඉක්මණින් විවාහ වී හමුදා සේවයට ගියේ ජිනී අවසන් කිරීමට සුදානම්ව…

යාච්ඤා කිරීමට සුදානමින්

වෘකයන් කණ්ඩායමක් තනි සිංහ ධේනුවක් වට කර ගත්හ. ගොරවන සතුන් පහර දෙන විට සිංහ ධේනුවද පෙරළා පහර දුන්නාය. සපමින්, පහුරු ගාමින්, ගොරවමින්, මොරදෙමින් ඇයගේ සතුරන් පළවා හැරීමට ඇය උත්සාහ කළාය. අවසානයේදී ඇය වැටුණි. කණ්ඩායම ඇයව වට කර ගන්නා විට ඇගේ ආරක්‍ෂාවට වෙනත් සිංහ ධේනුවක් තවත් තුන් දෙනෙකු සමග පැමිණියාය. උන් ටික දෙනෙක් වුවද, වෘකයන් රංචුව විසිර යන තෙක් සටන් කළහ.…

බලන්න දෙවියන් වහන්සේ කර ඇති දෙය

මෝස් ප්‍රොතෙස්තානු දේව සේවකයෙක්ගේ පුත්‍රයෙක් විය. ඔහු භූමිතළ වල චිත්‍ර අඳින්නෙක්ද විය. තැන් තැන් වල යමින් චිත්‍ර ඇඳි ඔහු දුගී ජීවිතයක් ගත කළේය. නමුත් ඔහුගේ ජීවිතය දෙවියන් වහන්සේ විසින් වෙනතකට යොමු කරන ලද්දක් විය. මෝස්ට විද්‍යාව ගැනද ආශාවක් තිබුණේය. ඔහු විදුලි කාන්දම් ගැනද ඉගෙන ගත්තේ එය ලෝකය වෙනස් කරාවිය යන අදහස ඇති කර ගනිමිනි. 1832 දී සැමුවෙල් එෆ්. බී. මෝස්…

ප්‍රීතිය උදෙසා ප්‍රාර්ථනා කිරීම

“මරනාසන්න අයගේ පසුතැවිලි” යන ඇයගේ ලිපි එකතුවේ මරනාසන්න අයට සාත්තු කරන බ්‍රොනී වෙයාර් සාරාංශ කරන්නේ මිය යන්නන්ගෙන් ඇයට ඇසුණු පසුතැවිලි වීම්ය. ඒවා අතර “මම එතරම් වැඩ නොකළේ නම්” සහ “මම මාගේ මිතුරන් ආශ්‍රය කළේ නම්” වැනි අදහස් තිබුණි. නමුත් ඉතාමත්ම වැදගත් කාරණයක් වූයේ “මම මටම ප්‍රීති වෙන්න ඉඩ දුන්නා නම්” යන්නයි.

“අනිවාර්ය මරණයට අප මුහුණ දීම ප්‍රීතියෙන් පිරි ජීවිතයක් ගත…

ජේසුස් වහන්සේ ඔබ වෙත අත දිගු කරන සේක

ලෙටී නම්වූ කාර්යාල පවිත්‍ර කරන්නිය ඉතා ඉක්මණින් ඇවිදින බවට ප්‍රසිද්ධය. එසේ කිරීමෙන් ඇය ඉතා පහසුවෙන් මනුෂ්‍යයන් මඟ හැරියාය. දුගීකම නිසා තුවාල වී අවමානයට පුරුදු වී සිටි ඇය වෙන අයව පසුකර යන විට ඉබේම ඇයගේ මුහුණේ කොටසක් වසා ගත්තාය. ඇයගේ ලජ්ජාව ඇයගේම වචන වලට අනුව ඇය “සාමාන්‍ය, උගත්, ලස්සන” අයෙක් නොවීම නිසා ඉතා ගැඹුරු විය. නමුත් ඇය සමග වැඩ කරන කාන්තාවක්…

ප්‍රඥාව සොයා ගැඹුරට හැරීම

ඩොලර් මිලියන 42 ක කාණු ව්‍යාපෘතියක නියැලී සිටි ෆ්ලොරිඩා කොන්ත්‍රාත් සමාගමක් අගනා වස්තුවක් ගොඩ ගත්තේය. ඔවුන්ට පසෙහි ගැඹුරේ හොඳින් ආරක්‍ෂා වී තිබුණු 1800 ගණන්වල ධීවර බෝට්ටුවක් හමු වූහ. බෝට්ටුවේ තිබී හමුවූ අනර්ඝ පුරා වස්තු වලට භූමිතෙල් ලාම්පුවක කොටසක්, පොල්කටු වලින් සාදන ලද කෝප්ප සහ කාසි ඇතුළත් විය. වසර සියයකට පෙර එම පළාතේ ජීවිත රටාව ඉගෙන ගන්නා පිණිස බෝට්ටුව අධ්‍යයනය කෙරෙන්නේය.…

නැතිවූ කරඬුව

අපේ නිවස අසළ පැවැත්වූ පවුල් කඳවුරක සමුළුවක් අතර තුර සභාපාලක ජෙෆ් මගේ පුත්‍රයා සමඟ ඇවිදීමට ගියේය. ඔහු වනයක් තුළින් කඳවුරු මධ්‍යස්ථානයෙන් පිටතට සභාපාලකව ගෙන ගියේය. හදිසියේම ඔව්හු ගිවිසුම් කරඬුව වෙතට පැමිණියහ. ඇත්තෙන්ම එය නියම කරඬුව නොවීය. නමුත් එය වසර ගණනාවකට පෙර සභාපාලක ජෙෆ්ගේ දිරිගැන්වීම මත මගේ ස්වාමි පුරුෂයා විසින් ආරම්භ කරන ලද රන් පැහැති අනුරුවකි. මෑතකදී මගේ පුත්‍රයා එය සම්පූර්ණ…

දෙවියන් වහන්සේගේ විශිෂ්ඨ ශක්තිය

වළෙන් දේශනා කූඩුවට යන පොතෙහි ජෝර්ජ් ස්ටෲප් බෙදා ගන්නේ ඔහුව ශාරිරිකව, ලිංගිකව සහ මානසිකව තුවාල කළ බලවත් සතුරු බලවේගයන් ගැනය. ඔහු සඳහන් කරන්නේ “මම මෝටර් රථයක් පැදවීමට පෙර මත්ද්‍රව්‍ය ගත්තෙමි.... මම පාසැලෙන් ඉවත් වී දිගින් දිගටම අපරාධ රැල්ලට අවතීර්ණ වූයෙමි” යනුවෙනි. අවසානයේදී ජෝර්ජ්ගේ අපරාධ නිසා ඔහු හිරගෙට වැටුණි. වසර පහක සිර දඬුවමක් විඳින අතර බයිබලය ඔහුට සත්‍යයක් බවට පත්වුණි. එසේම…