ප්‍රවර්ගය  |  Uncategorized

මිත්තණියගේ අවසන් රාත්‍රිය

මගේ මිත්තණිය සෙනසුරාදා රාත්‍රියෙහි කරන දින චර්යාවක් තිබුණි. ඇය නින්දට යාමට පෙර ඊට පසුදින ඉරිදා සභාවට යාම සඳහා අවශ්‍ය සපත්තු ඇතුලුව සියලුම ඇඳුම් පිළිවෙලකට සකස් කර තබන්නීය. ඇය සෑම විටම සහභාගී වූයේ උදෑසන පළමු දේව මෙහෙයටය. ඊළඟ දිනයේ කිසිදු ප්‍රමාදයකින් තොරව සූදානම් වීමට ඇයට අවශ්‍ය විය. එක් සෙනසුරාදා රාත්‍රියක ඇයව හදිස්සියේ රෝහල් ගත කෙරුණි. පසුව ජේසුස් වහන්සේ ඇයගේ නම කථා…

ක්‍රිස්තුස් වහන්සේ දෙන වස්තුව

මයිකල් ස්පාර්ක්ස් පරණ පොත් සාප්පුවකින් ඩොලර් 2.48 කට එක්සත් ජනපද නිදහස ප්‍රකාශ කිරීමේ සමරු පිටපතක් මිළදී ගත්තේය. පසුව ලියවිල්ල දෙස හොඳින් බලන විට එහි අමුත්තක් ඇති බව ඔහුට දැණුනි. ඔහු විශේෂඥයින් ලවා එය පරීක්‍ෂා කළේය. ඔවුන් පැවසුවේ එය 1820 දී ජෝන් කුයින්සි ඇඩම්ස් විසින් අත්සන් තබන ලද පිටපත් දෙසීයයෙන් ඉතිරිව ඇති තිස් හයෙන් එකක් බවයි. ඉන් පසු ස්පාර්ක්ස් මෙම දුර්ලභ…

ජේසුස් වහන්සේ අපේ සියල්ලයි

තරඟ තීරකගේ අවසන් සළකුණින් කෙනඩි බ්ලේඩ්ස් 2024 ඔලිම්පික් පදක්කම් ලාභියක් වූවාය. ඇය අත් දෙක එකට තබා දෑත් සහ දෑස් ඉහළට ඔසවා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළාය. පසුගිය වසර තුනෙහි ඇගේ වර්ධනය ගැන වාර්තාකරුවෙක් ඇගෙන් ඇසුවේය. ජනප්‍රිය ක්‍රීඩිකාව ඇගේ ශාරීරික පුහුණුව ගැන සඳහන් කළේ නැත. “මම ජේසුස් වහන්සේට ඉතා ළංවීමි” කියා ඇය පැවසුවාය. ඇය ක්‍රිස්තුස් වහන්සේ රජු බවට ප්‍රකාශ කරමින් උන් වහන්සේ…

තේජසින් තේජසට

වෙරළ බඩ නගරයක ජීවත් වන නිසා වැලරි උණුසුම් කාලගුණයට, වනාන්තර ජීවිතය සහ ජලයේ සිටීමට කැමති වූවාය. ඒ සැමට වැඩියෙන් සාගරයට ඉහළින් හිරු බැසීම නැරඹීමට ඇය ආශා කළාය. සෑම උදෑසනකම ඉරු නැගීමට පෙර ඇය අවදි වන්නේ ජලය දකින පිණිසය. වලාකුල් සහ ගමන් කිරීම් මධ්‍යයේ වුවද වැලරි පවසන්නේ සෑම වසරකම තුන්සිය වතාවක්වත් ඇයට හිරු නගිනවා බැලිය හැකි බවයි. ඒවා බැලීමෙන් ඇය කිසි…

යාච්ඤාව තුළින් අන් අයට ප්‍රේම කිරීම

“මාගේ මව මා ගැන යාච්ඤා නොකළා නම් අද මම කොහේ ඉඳිවිද කියා මම නොදනිමි. මම ජීවත් වෙයිද කියාවත් මම නොදනිමි” මා මිත්‍ර රහීම් පැවසීය. ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකි. මත්ද්‍රව්‍ය විකිණීම නිසා සිරගතව සිටියේය. දිනක් කෝපි පානය කරන අතරතුර ඔහුගේ මවගේ යාච්ඤා ඔහුගේ ජීවිතයේ කළ වෙනස ගැන ඔහු මට පැහැදිළි කළේය. “මම ඉතාමත් තදින් ඇයව කලකිරීමට ලක්…

නිදි නැතිවද?

මගේ මිතුරා මට කීවේ ඔහුට හොඳ හැටි නින්ද නොයන බවයි. පවුලේ තිබූ අපහසු තත්ත්වයක් ඔහුගේ මෙම නිදි නැති වීමට හේතු වූ අතර එය ඔහුව රාත්‍රියේ අවදිව තැබුවේය. මෙය සිදු වූයේ මම ගීතාවලිය 3 මගේ වැඩිහිටි සබත් පාසැල් පංතියේදී සාකච්ඡා කිරීමට තිබු දිනයේදීය.

ගීතාවලිය 3 හි දාවිත් රජුටද පවුලේ ප්‍රශ්නයක් තිබුණේය. එවැන්නක් අප බොහෝ දෙනෙක්ව නිදි වර්ජිතව තබනු ඇත. ඔහුගේ පුත්‍ර…

මිත්තණියගේ යාච්ඤා

වසර කිහිපයකට පෙර පවුලේ එකමුතුවකදී මාගේ මව ඇය ලියූ වචන කිහිපයක් බෙදා ගත්තාය. ඇය තම මිත්තණියට ගරු කළාය. එම කාන්තාව මට කිසි දිනෙක හමුවී නොතිබුණත් ඇය ගැන බොහෝ විට අසා තිබුණි. මගේ මව සිහිපත් කළේ “සූසන් අම්මා” හිරු උදාවට පෙර නැගිට තම ගෘහයේ අය ගැන යාච්ඤා කළ බවය. මගේ මවගේ ජීවිතයට බලපෑමක් කළ කෙතරම් පැහැදිළි මතකයක්ද. මට මගේ මවගේ මිත්තණිය…

බලාපොරොත්තු නොවූ බාධකය

මැනුවෙල් සභාවට යාමට ප්‍රමාද වී රතු එළියක් අසල සිරවී සිටියේය. ඔහු නොඉවසිල්ලෙන් බලා සිටින විට අතරමංවූ කාන්තා රියැදුරෙක් ටයරයක් දැමීමට උත්සාහ කරනවා ඔහුගේ දියණිය දුටුවාය. “තාත්තා, ඔබ ටයර් මාරු කරන්න හොඳට දන්නා නිසා ඔබ ඇයට උදව් කළ යුතුය” කියා කීවාය. මැනුවෙල් දැන් හොඳටම ප්‍රමාද වනු ඇත. නමුත් මෙය දිව්‍යමය නියමයක් බව ඔහු දැනගත්තේය. ඔහු උදව් කිරීමට නැවතුනා පමණක් නොව අනිත්…

කුඩා සිවලුන් අල්ලා ගන්න

“මිදිවැල් වලට හානි කරන්නේ කුඩා සිවලුන්” කියා මගේ ආච්චි නිතරම කීමට පුරුදුව සිටියාය. ඉන්පසු මගේ මවද ඒ දේම කීවාය. දැන් මමද මගේ දරුවන්ට ඒ දෙයම කියමි. නමුත් “කුඩා සිවලුන්ගෙන්” පරෙස්සම් වන්න යන්නෙහි අර්ථය කුමක්ද?

මිදි වැල් සිටවූ පසු ඵල දරන්නට වසර ගණනාවක් ගතවේ. වැල් වලට, ඉවසීම, රැකවරණය, වතුර දැමීම, කප්පාදු කිරීම සහ ආරක්‍ෂාව බොහෝ සෙයින් අවශ්‍යය. සිවලුන් කුඩා වූවත් මුල්…

ක්‍රිස්තුස් වහන්සේ අපගේ ප්‍රමූඛත්වයයි

“අපගේ ජාතික සභා නායකත්ව සම්මේලනයේ ප්‍රධාන කථිකයා වීමට ඔබට ආරාධනා කරන්නද?” යනුවෙන් සඳහන් වූ සුප්‍රසිද්ධ සංවිධානයක ආරාධනය කියවූ පසු ජොස් පිළිතුරු දුන්නේ “කරුණාකර මට පළමුවෙන් යාච්ඤා කරන්න ඉඩ දෙන්න” කියාය. පසුව ඔහු ආරාධනය පිළිනොගත්තේය. “දූතන ව්‍යාපෘතියක සංස්කරණ කටයුතු කිරීමට දෙවියන් වහන්සේ මාව කැඳවන බව මට දැණුනු අතර මම දේශනය භාර ගතහොත් සංස්කරණයට අවශ්‍ය කාලය සහ ශ්‍රමය මෙයට වැයවෙන්නේය. එම නිසා…