ප්‍රවර්ගය  |  Uncategorized

ජේසුස් වහන්සේ තුළ සාමය ඇති කිරීම

උස කම්බි දිගේ ගමන් කරන පිලිප් පෙටිට් 1971 දී ප්‍රසිද්ධ වූයේ නෝර්ට්‍රඩෑම් ආසන දෙව් මැදුරේ උස කණු දෙක අතර බැඳ තිබූ කම්බි මත ගමන් කිරීම නිසාය. වසර තුනකට පසු නිව්යෝර්ක් අහස් තලයේ විශේෂවූ ද්විත්ව කුළුණු හරහා අනවසරයෙන් ගමන් කිරීම නිසා ඔහු අත් අඩංගුවට පත් විය. නමුත් 1987 දී පෙටිට්ගේ ගමන වෙනස් වී පෙනුණි. ජෙරුසලමේ නගරාධිපති ටෙඩී කොලෙක්ගේ ඇරයුමකට අනුව ඉශ්‍රායෙල්…

විවේකය සඳහා විවේක කාලවල්

පෙර ඔලිම්පික් ශූරයෙක් වූ ධාවන පුහුණුකරු වන ජෙෆ් ගැලොවේ මැරතන් පුහුණු ක්‍රියා විධි පුහුණු උගන්වයි. නව සහ අත්දැකීම් ඇති මැරතන් ධාවකයින් ඔහු දුවන අතර ඇවිදීමට උපදෙස් දෙනවා අසා පුදුම වූහ. දිවීම අතර, විනාඩි කිහිපයක සුළු කාලයක් ඇවිදීම සඳහා ලබා දෙයි. ඔහුගේ ක්‍රමයේ ඇති රහස නම් ඇවිදීමේ විවේකයන් ශරීරයට නැවත ශක්තිය ප්‍රකෘතිමත් කර ගැනීමට උපකාරී වීමයි. සැතපුම් 26.2 එක දිගට දුවනවාට…

පූජනීයත්වය සහ කියවීම

අපගේ නිවසේ හොඳින් අහුරා ඇති උතුරා යන පොත් රාක්කයක් තිබේ. මම ලස්සන පොත් වලට විශේෂයෙන් අලංකාර ඝණ කවර සහිත පොත් වලට ආශා කළෙමි. වසර ගණනාවක් තුළ තව තවත් පොත් එකතු වී තිබේ. අවාසනාවන්ත ලෙස මම එකතු කර ගෙන ඇති පොත් කාණ්ඩ වලින් බොහෝමයක් කියවීමට මට කාලය හෝ ශක්තිය නොතිබුණි. ඒවා අලුත්ව, අලංකාරව එහෙත් කණගාටුදායක ලෙස නොකියවා තිබුණි.

අපගේ බයිබලයටද එසේ…

දෙවියන් වහන්සේ උදෙසා යහපත කිරීම පිණිස සාදා තිබේ

හුලඟට එහේ මෙහේ බිම කැරකෙමින් තිබූ කාඩ්පත මම මුලින් නොසළකා සිටියෙමි. පියා සහ එය බිම අතහැරුණු දැරිය අතර මගේ දුර ප්‍රමාණය අඩි විස්සක් පමණ වූවත් මට රැැකියාවට යාමට ප්‍රමාද වී තිබුණි. සමහර විට ඒ අයට තේරෙන්න ඇති කියා මම සිතුවෙමි. නමුත් ඔවුහු ඉදිරියටම යාම නොනැවැත්වූහ. නමුත් මාගේ හෘද සාක්‍ෂිය දොස් කීවේය. එම නිසා එය අහුලා ගැනීමට මම ආපසු ගියෙමි. එය…

ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් හදවතක්

බ්‍රොක් සහ ඩෙනිස් කුඩා කල සිටම මිතුරෝ වූහ. නමුත් ඔවුන් හැදෙන වැඩෙන විට ජේසුස් වහන්සේ තුළ ඩෙනිස්ගේ තිබූ ඇදහිල්ල ගැන බ්‍රොක් පෙන්වූයේ අල්ප උනන්දුවකි. ඩෙනිස් තම මිතුරාට ප්‍රේම කළ අතර ඔහු වෙනුවෙන් යාච්ඤා කළේ ඔහු යන මාර්ගය අඳුරු සහ අසහනික බව දැන සිටි හෙයිනි. බ්‍රොක් ගැන යාච්ඤා කරන අතර ඩෙනිස් උපයෝගී කර ගත්තේ අනාගතවක්තෘ එසකියෙල්ගේ වචනයි. “දෙවියන්වහන්ස, කරුණාකර බ්‍රොක්ගේ ගල්…

ඇත් උදව්කරුවන්

එක් රාත්‍රී යාමයක ඇත් පැටවෙකු ළිඳකට වැටී ඇති බව දන්වන දූරකථන පණිවුඩයක් කෙන්යානු වන සංරක්ෂණ නිලධාරීන්ට ලැබුණි. ගළවා ගන්නා කණ්ඩායම පැමිණෙන විට ඝණ අන්ධකාරය බලාපොරොත්තු සුන්වීමේ හඬවල් වලින් දෝංකාර දුන්නේය. දිවියන් විසින් ඇත් පැටවාගේ හොඬවැලින් තුන් කාලක් පමණ කා දමා තිබුණි. අනාථාගාරයට ගෙන යන අතර ඔව්හූ ඇත් පැටවාට “ලෝං යූරෝ” යයි නම් තැබීය. එහි අර්ථය වූයේ “කපන ලද යමක්” යන්නයි.…

දෙවියන් වහන්සේගේ ගැළවීමේ උරුමක්කාරයෝ

අබිගේල් ගේ දෙමාපියන් ඛේදනීය ලෙස රිය අනතුරකින් මිය ගිය පසු ඇය විශාල දේපලක හිමිකාරියක් වූවාය. එසේම එම දේපල භාරකාර මණ්ඩලයක් යටතේ තැබීමටද ඔවුන් පිළියෙල කර ඇති බව ඇය දැන ගත්තාය. මේ කාලය තුළ ඇයට ලබා ගත හැකි වූයේ ඇගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් පමණි. ඉතිරිය ඇය වැඩිහිටියෙක් වූ පසුව ඇයට ලැබෙනු ඇත. අබිගේල් අසහනයට පත් වූවාය. නමුත් පසුව ඇගේ දෙමාපියන්ගේ දේපල…

ජේසුස් වහන්සේ වෙනුවෙන් එක්ව වැඩ කිරීම

ධර්මදූත කණ්ඩායමක් සමග කෙටිකාලීන ධර්මදූත සංචාරයක් අතරතුරදී ඇමසන් වනාන්තරයේ දේවස්ථානයක් ගොඩ නැගීමට අපි උදව් කළෙමු. අත්තිවාරම ඒ වන විට ගොඩ නගා තිබූ හෙයින් අපි දේවස්ථානයේ විවිධ කොටස් එනම් කුළුණු, කොන්ක්‍රීට් බිත්ති, ජනෙල්, වහලයට යකඩ බාල්ක සහ වහලයට උළුද යනාදිය යෝධ ලෙගෝ කට්ටලයක් සාදන්නාක් මෙන් ගොඩ නැගුවෙමු. ඉන්පසුව බිත්ති වලට තීන්ත ආලේප කළෙමු.

සමහරු අවධානයෙන් සිටියේ මෝසම් කාලයට පෙර අපට දේවස්ථානය…

ක්‍රිස්තුස් වහන්සේ තුළ විවේක ගැනීම

වසර කිහිපයකට පෙර අධ්‍යයනයක විශ්ලේෂණය වූයේ යෞවනයන්ගේ මානසික විශාදිය සහ එක් එක් රාත්‍රියක ඔවුන්ගේ නින්දේ ප්‍රමාණය අතර සබඳතාවයක් ඇති බවයි. මෙම අධ්‍යයනය කියවා එක් තරුණියක් එහි ප්‍රතිඵල ගැන ප්‍රකාශයක් කළේය. “නවත්වන්නේ කුමන අවස්ථාවේදීදැයි මම නොදනිමි. මම කෙතරම් තදින් වෙහෙසෙනවාදැයි කිවහොත් අවසානයේදී මම නතර වෙන්නේ නින්ද අඩුකමින් සහ ආතතියෙන් රෝගී වීමෙන්ය”. ඉන්පසුව ඇය පැවසුවේ දෙවියන් වහන්සේට ගෞරව කිරීම සඳහා කාලය කළමනාකරණය…

ලැයිස්තුව ජීවිතයයි

යතුරු ලියනයක් මත නැවී ඉට්ස්හාක් ස්ටර්න් සම්පූර්ණයෙන් 1,098 ක් වූ නම් මුළු රාත්‍රිය පුරා යතුරු ලියනය කළේය. එහි අඩංගු වූයේ කර්මාන්තශාලා අයිතිකරු වන ඔස්කාර් ෂින්ඩ්ලර් විසින් නාසි වරුන්ගෙන් ආරක්‍ෂා කරන ලද යුදෙව් සේවකයන්ගේ නම්ය. එම ලේඛණය අල්ලා ගෙන ස්ටර්න් ප්‍රකාශ කළේ “ලැයිස්තුව බොහෝ සෙයින් යහපත්ය. ලැයිස්තුව ජීවනයයි” කියාය. පිටුවල සඳහන් අය හොලෝකොස්ට් සමූල ඝාතනයෙන් ගැළවුණෝය. 2012 දී ගණන් බැලූ විට…