දෙවියන් වහන්සේගේ දෑසට නුසුදුසු යයි පෙනෙන්නේ නැත
වාර්ෂික ජාතික පාපන්දු තෝරා ගැනීමේදී පාපන්දු කණ්ඩායම් අලුත් ක්‍රීඩකයන් තෝරා ගනිති. පුහුණුකරුවෝ පැය දහස් ගණනක් යොදා නිපුණ, භෞතික ශක්තිය ඇති ක්‍රීඩකයන් ඇගයීමට ලක් කරති. 262 වන ක්‍රීඩකයා ලෙස තෝරා ගන්නා බ්‍රොක් පර්ඩි අවසන් ක්‍රීඩකයා වූ අතර “අදාළ නැති මහතා” ලෙසට ඔහුට නම් කරන ලදී. ඒ නාමය අවසන් ක්‍රීඩකයාට දෙන විකට නාමයකි. ඊළඟ වාරයේ තරඟයක් ඔහුට ලැබේ යයි කිසිවෙක් සිතුවේ නැත.…
ක්‍රිස්තුස් වහන්සේ තුළ වගාකරන ලද ජීවිතයක්
අපගේ නිවස ගොඩ නැගූ විට එය තිබුණේ බොරළු පාරක අවසානයේ මඩ සහිත හිස් ඉඩමකය. එය වටකර තිබූ ඔරිගන් කඳු පාමුලට සම කිරීමට අපට තණකොළ, ගස් සහ පඳුරු අවශ්‍ය විය. මම මගේ ආයුධ රැගෙන වැඩ ආරම්භ කළ විට මනුෂ්‍යයන් වෙනුවෙන් බලා සිටි පළමු උයන මට සිහිපත් විය. “දෙවි සමිඳාණන් වහන්සේ අහස හා පොළොව මවන විට පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො…
අපගේ දෑස් ජේසුස් වහන්සේ වෙත යොමු කිරීම
ඇය අසළ තිබූ අළු පැහැති මෝටර් රථය දෙස ජූන්ගේ දෑස් යොමුවී තිබුණි. අධි වේගයට පිවිසීමට ඇයට මංතීරු මාරු කිරීමට සිදු විය. නමුත් අනෙක් මෝටර් රථය ඉස්සර කිරීමට ඇය උත්සාහ කරන සෑම විටම අනිත් රියැදුරා වේගය වැඩිකරන බව පෙණුනි. අවසානයේදී ඉදිරියට යාමට ඇයට හැකි විය. ඇයගේ ජයග්‍රහණයේ මොහොතින් උදම්ව ඇය පසුපස පෙනෙන කණ්නාඩියෙන් බලා අහංකාර බැල්මක් හෙළුවාය. ඒ වෙලාවේම ඇය පිටවිය…
දෙවියන් වහන්සේගේ විශාල ඉඩකඩ
දේව ධර්මාචාර්ය ටොඩ් බිලිංස් සුවකළ නොහැකි ලේ පිළිකාවකින් පෙළෙන බව සනාථ වූ විට ඔහු තම අනිවාර්යය මරණය විස්තර කළේ දුර ඇති කාමරවල ඇති නිවි නිවී පත්තුවන විදුලි බුබුළු මෙන් කියාය. “වසරක සහ වසර තුනක දරුවන්ගේ පියා ලෙස මට ඊළඟ දශක ස්වල්පය විශාල අවකාශයක් ලෙස සිතමි. නෙටී සහ නැතැනියෙල් වැඩී මුහුකුරා යනු ඇතැයි මම සිතුවෙමි. නමුත් රෝගය සොයා ගැනීම නිසා මාර්ගයේ…
යටහත් නුමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ලබයි
එක් දිනක් සභාවේදී මම එදින පැමිණි පවුලක් පිළිගත්තෙමි. ඔවුන්ගේ කුඩා දියණියගේ රෝද පුටුව අසළ මම දණ ගැසීමි. ආබාධිත අයට උදව් කිරීමට පුහුණු කර ඇති, මාගේ බල්ලා වන කැලිට ඇයව හඳුන්වා දුනිමි. ඇගේ අලංකාර රෝස පැහැති උපැස් යුවළ සහ සපත්තු ගැන වර්ණනා කළෙමි. ඇයට කථා කිරීමට නොහැකි වුවද ඇගේ සිනහවෙන් මම තේරුම් ගත්තේ ඇය අපගේ කථාව භුක්ති වින්ද බවයි. තවත් කුඩා…
ක්‍රිස්තුස් වහන්සේගේ තේරුම්ගැනීමට නොහැකි දෘශ්‍යමාන සත්‍යය
ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ගීතිකා රචකයෙක් වන අයිසැක් වොට්ස් “මනහර කුරුසිය මා සමීක්‍ෂණය කරන විට” යන ගීතිකාව ලිවීය. ඒ පදමාලාව ලියන විට ඔහු තේමාවල වෙනස පෙන්වීමට කාව්‍ය අංගයක් වන පරස්පර සත්‍යය භාවිතා කළේ සංසන්දනය වන තේමාවක් ඉස්මතු කිරීමටය. “මාගේ ධනවත්ම ලාභය මම පාඩුවක් ලෙස සළකමි” සහ
“මාගේ අහංකාරය මත අවඥාව වගුරුවන්න” යන වචන ඒවාටම පරස්පර යයි අපි කියමු. එනම් “අප්‍රසන්නව යහපත්” සහ…
අපගේ පියාණන්ගේ ප්‍රේමය
ඇගේ පියා එනතුරු කිම් බෑගය සුදානම් කර ගෙන ජනේලය ළඟට වී ආසාවෙන් බලා සිටියාය. නමුත් දවාල අඳුරු වී රාත්‍රිය උදාවූ විට ඇගේ උනන්දුව අඩු වී ගියේය. පියා නැවත නොඑන බව ඇය දැන ගත්තාය.
කිම්ගේ දෙමාපියෝ දික්කසාද වී සිටියහ. තම පියා සමග කාලය ගත කිරීමට ඇය ආසාවෙන් බලා සිටියාය. පළමු වතාවට නොවෙයි. මාව එතරම් වැදගත් නැතුව ඇති. ඔහු මට ප්‍රේම නොකරනවා…
පැවසීමට බලකරනු ලැබ සිටීම
“ඔබ දන්නවා ජේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරන බව. උන් වහන්සේ සැබවින්ම ඔබට ප්‍රේම කරන සේක.” ඒවා ජෝන් ඩැනියෙල්ගේ අවසන් වචන විය. නිවසක් නැතිව මාර්ගයේ විසූ කෙනෙකුට මුදල් දී එම අවසන් වචන පවසා විනාඩි කීපයකින් ඔහු කාරයකට හැප්පී එතැනම මියගියේය. ජෝන් ඩැනියෙල්ගේ අවමංගල්‍ය මෙහෙයේ දුන් මුද්‍රිත පත්‍රිකාවල මේ වචන ඇතුලත්ව තිබුණි. “වැඩිපුර මනුෂ්‍යයන් වෙතට ළඟා විය හැකි ආකාරය දැන ගැනීමට ඔහුට…
ජේසුස් වහන්සේගෙන් ඔබ අසන්නේ කුමක්ද?
මේ උදෑසන ජේසුස් වහන්සේ ශාරීරිකව අප සමඟ මේසයට වාඩිවී සිටින්නේ නම් ඔබට උන්වහන්සේගෙන් අසන්නට ඕනෑවෙනු ඇත්තේ කුමක්ද? කියා උදේ ආහාරය ගනිමින් සිටිද්දී ජෝ ඔහුගේ දරුවන්ගෙන් ඇසුවේය. පිරිමි දරුවන් අමාරුම ප්‍රශ්නය ගැන කල්පනා කළහ. ඉතාමත්ම අමාරු ගණිත ගැටලු සහ විශ්වය කොපමණ විශාලද කියා ඔවුන්ට කියන්නැයි, ජේසුස් වහන්සේගෙන් ඇසීමට අවශ්‍ය බව ඔව්හු තීරණය කළහ. ඉන්පසුව ඔහුගේ දියණිය පිළිතුරු දෙමින් “මාව වැළඳගන්නට කියා…
ශුද්ධකමට පැමිණීම
කලා කෞතුකාගාරයක ලෝක-මට්ටමේ පිඟන්මැටි මූර්ති කලා කෘතීන් නැරඹීමෙන් පසුව, පවනේ වියලි මැටිවලින් “අතින් කැටයම් කළ භාජනයක්” සෑදීමට මට ආරාධනයක් ලැබිණ. කුඩා භාජනයක් සාදා, කැටයම්කර වර්ණ ගැන්වීමට මම පැය දෙකක් ගතකළෙමි. මහත් වෙහෙසක් දරා මා කළ සියලුම වැඩවල ප්‍රතිඵලය වූයේ අසම්පූර්ණවූ නොගැලපෙන වර්ණ සමඟ විකෘති හැඩයෙන් යුත් කුඩා බඳුනකි. එය මෑත කාලයකදී කෞතුකාගාරයක නොතැබෙනු ඇත.
උසස් තත්ත්වයක ජීවත්වීම බියගුලු පසුබටකිරීමක් විය…