යටහත්ව උපකාර ඉල්ලීම
අපගේ උත්සවය ළංවන විට මගේ භාර්යාව සහ මම සැළසුම් කිරීම ආරම්භ කළෙමු. බොහෝ අය පැමිණෙන හෙයින් අපි කෑම සපයන අයෙක්ට ගෙවනවාද නැත්නම් අපිම කෑම පිස ගන්නවාද? අපිම කෑම පිසීම කරන්නේ නම් අපි බාබෙකියු එකක් මිළයට ගන්නවාද? එදින වැසි සහිත විය හැකි නිසා ටෙන්ට් එකක් (කූඩාරමක්) මිළයට ගන්නවාද? ඉක්මණින් අපගේ උත්සවයේ වියදම් වැඩිවන්න පටන් ගත්තේය. එසේම එය සමාජ විරෝධිද විය. සෑම…
විශ්වාස කිරීම දැකීම වන විට
“මම දකින දෙය මට විශ්වාස කරන්නත් නොහැකිය” කියා මගේ භාර්යාව වන කේරි ජනේලය අසලට මා කැඳවා අපගේ වැටට පිටතින් කැලයේ වැඩුණු මුව දෙනක් එහා මෙහා දුව පනිමින් සිටින ආකාරය පෙන්නුවාය. අපගේ විශාල බල්ලන් දෙදෙනාද වැටට ඇතුළතින් මුවදෙන යන පැත්තට එහාට මෙහාට දුවමින් සිටියහ. නමුත් ඔවුන් බිරුවේ නැත. පැයක් පමණ ඔවුන් එහාටත් මෙහාටත් ගමන් කළහ. මුව දෙන නැවතී ඔවුන් දෙස බැලූ…
ණැනවත් සැළකිල්ල
දර්ශනය හදවත බිඳෙන සුළුය. තල්මසුන් පනස්පහක කණ්ඩායමක් ස්කොට්ලන්ත වෙරළට ගසා ගෙන ඇවිත් තිබුණි. ස්වෙච්ඡා සේවකයෝ ඔවුන්ව බේරා ගැනීමට උත්සාහ කළත් අවසානයේදී ඔවුහු මිය ගියහ. මෙවැනි දේවල් සිදුවන හේතුව කිසිවෙක් නොදන්නා නමුත් සමහර විට තල්මසුන්ගේ දැඩි සමාජ බැඳීම් එයට හේතු වෙනවා විය හැකිය. කෙනෙක් කරදරයට වැටුණු විට අනික් අය උපකාරයට පැමිණෙති. සැලකිල්ලේ පුරුද්දක් අවසානයේ විනාශයට හේතු විය හැකිය.
බයිබලය අන් අයට…
ඔබේ අතේ තිබෙන්නේ කුමක්ද?
මා ගැළවීම ලබා දෙවියන්වහන්සේට මගේ ජීවිතය කැප කර වසර කිහිපයකට පසුව මාගේ ලේඛණ ජීවිතය අත් හරින්න යැයි උන්වහන්සේ කියනවා මට දැණුනි. මම මගේ පෑන බිම තබා මාගේ ලියවිලි සැඟවූ විට දෙවියන්වහන්සේගේ මහිමය පිණිස ලිවීමට මට කවදා හෝ කැඳවීමක් ලැබෙනු ඇතැයි සිතීම මට නැවැත්විය නොහැකි විය. මාගේ පුද්ගලික පාළුකරයේ මම එහේ මෙහේ යන විට නික්මයාම 4 හි මෝසෙස් සහ ඔහුගේ සැරයටියේ…
සාධාරණත්වයේ දෙවියන්වහන්සේ
යෞවනයෙක්ව සිටියදී පිළිකාව නිසා රයන්ට ඔහුගේ මව අහිමි විය. නිවසක් නැතිවූ ඔහු ඉක්මණින්ම පාසැලෙන්ද ඉවත් විය. ඔහුට බලාපොරොත්තු නැති බවක් හැඟුණි. බොහෝ විට කුසගින්නේ සිටියේය. වසර ගණනාවකට පසුව රයන් අන් අයව විශේෂයෙන් කුඩා දරුවන්ව ඔවුන්ගේම ගෙවතු, වගාව සඳහා සකස් කිරීමට වැවීමට සහ අස්වැන්න නෙළීමට බලගන්වන ලාභ නොලබන ආයතනයක් පටන් ගත්තේය. ආයතනය ගොඩ නැගී තිබුණේ කිසිවෙක් ආහාර නැතුව නොසිටිය යුතුය සහ…
බලා සිටීම වටින්නේය
ප්‍රමාද වීම ගැන කථා කරමු. කුණාටු නිසා ප්‍රමාද වූ ගුවන් යානයකට ගොඩවීමට ෆිල් ස්ට්‍රින්ගර් පැය දහඅටක් බලා සිටියාය. කෙසේ වෙතත් ඔහුගේ දරා ගැනීමට සහ ඉවසීමට ප්‍රතිඵල ලැබුණි. ගුවන් යානයෙන් ගමනාන්තයට යෑමට සහ වැදගත් ව්‍යාපාරික කටයුතු සඳහා නියමිත වේලාවට යන්නත් ඔහුට අවස්ථාව ලැබුණා පමණක් නොව ගුවන් යානයේ සිටි එකම මගියාද ඔහු වූයේය. අනිත් සියලුම මගීන් ගමන අත් හැර හෝ වෙනත් විකල්පයක්…
යේසුස්වහන්සේ මෙන් වඩ වඩා පෙනෙන්න
දෙවියන්වහන්සේ විශාල අළු බකමූණාව සැළසුම් කළේ පාට මාරු කිරීමේ විශේෂඥයෙක් ලෙසය. ඌ උගේ රිදී සහ අළු පාට තටු ගසෙහි කඳන් වල පාටට සකස් වන්න ඉඩ හරින්නේය. බකමූණාට සැඟවී සිටින්න අවශ්‍ය වන විටදී ඔවුන්ගේ තටු වල ස්වභාවය අනුව පරිසර වර්ණයට සැකසෙන පරිදි පාට වෙනස් කර ගෙන සැඟවී සිටියි.
දෙවියන්වහන්සේගේ සෙනගද බොහෝ විට මෙම විශාල අළු බකමූණා මෙනි. අපටත් පහසුවෙන් ලෝකය සමග…
කාන්තාර ස්ථාන
මම තරුණ ඇදහිලිවන්තයෙක්ව සිටි කාලයේ මට යේසුස්වහන්සේව හමු විය හැක්කේ කඳු මුදුන් අත්දැකීම් වලදී බව සිතුවෙමි. නමුත් ඒවා වැඩිකල් තිබුණේවත් වර්ධනයට ඉවහල් වූයේවත් නැත. කර්තෘ ලීනා අබුජර්මා පවසන්නේ අපට දෙවියන්වහන්සේ මුණගැසෙන්නේත් වර්ධනය වන්නේත් කාන්තාර ස්ථානවල බවයි. කාන්තාරය තුළින් යනුවෙන් වූ ඇගේ බයිබල් අධ්‍යයනයේදී ඇය ලීවේ “අපගේ ජීවිත වල කාන්තාර අවස්ථා අපව ශක්තිමත් කිරීම” සඳහා යොදා ගැනීම දෙවියන්වහන්සේගේ අරමුණ බවයි. ඇය…
අභ්‍යාවකාශ තරඟය
1955 ජූනි 25 වන දින ඇමරිකා එක්සත් ජනපදය අභ්‍යාවකාශයේ චන්ද්‍රිකා තැබීමේ ඔවුන්ගේ අරමුණ ප්‍රකාශ කළේය. වැඩිකල් නොගොස් සෝවියට් දේශයද එසේ කිරීමේ තම සැළසුම ප්‍රකාශයට පත් කළේය. අභ්‍යාවකාශ තරඟය ආරම්භ වුනි. සෝවියට්වරු පළමු චන්ද්‍රිකාව වන ස්පූට්නික් අභ්‍යාවකාශයට යැවූ අතර යූරි ගගාරින් අභ්‍යාවකාශය තරණය කළ පළමු මනුෂ්‍යයා විය. තරඟය කෙරී ගෙන ගියේය. ඒ 1969 ජූලි 20 වන දින නීල් ආම්ස්ට්‍රෝං මනුෂ්‍ය වර්ගයා…
අලුතින් ගමන් ඇරඹීම
අධ්‍යාපනික ජයග්‍රහණ වලට පාසැලේ දක්‍ෂ සිසුන්ට සහතික පත් ප්‍රදානය කරද්දී ඔල්වරසන් දසත පැතිරුණි. නමුත් වැඩසටහන එයින් අවසන් වූයේ නැත. ඉන්පසුව සම්මාන ලැබුණේ පාසැලේ “හොඳම” සිසුන්ට නොව වඩාත් දියුණුවක් ලබා ඇති සිසුන්ටය. ඔව්හු අඩු ලකුණු මට්ටමක සිට අසමත් වීමෙන් ඉහළට පැමිණිමට වෙහෙස දරා හෝ හානිකර ක්‍රියා හරිගස්සා ගෙන හෝ පැමිණිම වැඩි දියුණු කර ගෙන හෝ සිටි අය වූහ. ඔවුන්ගේ දරුවන් උසස්…