ප්‍රවර්ගය  |  Uncategorized

යටහත් ජෝර්න්

බිම අස්වද්දන අඳ ගොවියෙක් වූ ජෝර්න් එතරම් වටී වි යැයි ඔවුහු නොසිතූහ. ඔහුගේ දුර්වල පෙනීම සහ අනෙකුත් භෞතික බාධා මධ්‍යයෙහි වුවද ඔහු සිටි ගම වූ නෝර්වේහී අය වෙනුවෙන් තමන්වම වගුරවමින් වේදනාව නිසා අවදියෙන් සිටි බොහෝ රත්‍රී කාලයන්හී ඔහු යාච්ඤා කළේය. ඔහු ගෙයින් ගෙට යමින් එක් එක් පුද්ගලයාට එනම් තවමත් ඔහුට හමුවී නැති දරුවන්ගේ පවා නම් කරමින් යාච්ඤා කළේය. සෙනග ඔහුගේ…

දෙවියන්වහන්සේ කෙරෙහි ගෞරවාන්විත බිය

සමහර දේවල් හෝ අවස්ථාවන් ගැන හෝ ඇතිවන “නොරිස්සීම සහිත භිය” භීතිකාව ලෙස හැඳින්වේ. ආර්ක්නොෆෝබියා යනු මකුළුවන් ගැන ඇති වන බියයි. සමහරු එය සාමාන්‍යයෙන් සහේතුක දෙයක් බවට තර්ක කරති. එසේම ග්ලෝබොෆෝබියා සහ සොකොලෙටොෆෝබියාද තිබේ. මේවාද තවත් භීතිකාවන් හාර සියයක් පමණද සත්‍යය. ලිඛිතවද ඇත්තේය. බොහෝ දේවල් ගැන අපට භියක් ඇති විය හැකි බව පෙනේ.

දස පනත ලැබීමෙන් පසු ඉශ්‍රායෙල්වරුන්ට ඇති වූ බිය…

යහපත් ක්‍රියාවලින් පොහොසත්ව

රෙදි ඇතිල්ලීම, වේලීම සහ මැදීම කරමින් දශක හතක් පුරා වෙහෙසාධික රෙදි සෝදන්නියක් ලෙස රැකියාවක් කළ ඔසියෝලා මැකාර්ති අවසානයේ වයස අසූ හයේදී විශ්‍රාම යාමට සුදානම්ව සිටියාය. ඇය අසීරුවෙන් තම අවම ඉතිරිකර ගැනීම් වලින් යමක් එකතු කර ගෙන සිටියාය. ඇගේ සමූහනයේ පුදුමයට මෙන් ආසන්නයේ තිබූ විශ්ව විද්‍යාලයකට ඔසියෝලා ඩොලර් 150,000 ක් ප්‍රදානය කළේ එහි අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන සිසුන් සඳහා අරමුදලක් ඇති කරන ලෙසටය.…

නමස්කාරයේ ගෘහය

2 වන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට බෝම්බ දැමූ අවස්ථාවේදී අගමැති වින්ස්ටන් චර්චිල් පාර්ලිමේන්තුවට පැවසුවේ ඔවුන් මුල් සැළසුම අනුව එය නැවත ගොඩනැගිය යුතු බවයි. විවාද මුහුණට මුහුණ ලා පැවැත්විය හැකි වන පරිදි එය කුඩා විය යුතුය. එය අර්ධකවාකාර නොවී දිගැටි විය යුත්තේ එය මධ්‍යයේ දේශපාලකයන්ට එහා මෙහා යා හැකි වන පරිදිය. එය බ්‍රිතාන්‍ය පක්‍ෂ ක්‍රමය ආරක්‍ෂා කළේය. වාමාංශික…

මාව පාවිච්චි කරන්න

ජේම්ස් මොරිස්ව කලක් විස්තර කෙරුණේ නූගත් නමුත් උණුසුම් හදවතක් ඇති ගිහියෙක් ලෙසය. නමුත් ඔගස්ටස් ටොප්ලේඩිව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ගැළවීමේ ඇදහිල්ලකට ගෙන එන පිණිස දෙවියන්වහන්සේ ඔහුව පාවිච්චි කළ සේක. “රොක් ඔෆ් ඒජස්” නැමැති යුගයකට සීමා නොවූ ගීතිකාවේ කතුවරිය ඇයයි. මොරිස් දේශනා කරනවා ඇසූ ඇය එය විස්තර කළේ මෙසේය. “ගොවිපළක රැස්වූ අතලොස්සක් වූ දෙවියන්වහන්සේගේ සෙනග මධ්‍යයේ තමාගේ නම වත් හරිහැටි ලියා ගත…

අලුත්ය. ස්ථිරය

වසර තුනක්ම නිවසට අත්‍යවශ්‍ය දේවල් හැර සූසන් කිසි දෙයක් තමා වෙනුවෙන් මිළදී නොගත්තාය. කොවිඩ්-19 වසංගතය මගේ මිතුරියගේ ආදායම් තත්ත්වයට බලපෑ අතර ඇය සරල ජීවිතයක් වැළඳ ගත්තාය. “එක් දිනක් කාමරය පවිත්‍ර කරද්දී දේවල් කෙතරම් අවපැහැගැන්වී අපිළිවෙලට තිබේදැයි මට පෙණුනි” ඇය කීවාය. “අලුත් දේවල් නැති බව මට දැණුනේ එවිටය. නැවුම් බව සහ උනන්දුව නැත. මගේ වටපිටාව වෙහෙසව පරණව තිබුණි. බලාපොරොත්තු විය හැකි…

නිදහසේ දෙවියන්වහන්සේ

ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වහල්කමේ සිටි ජනතාව වසර දෙකහාමාරකට පෙර නිදහස් කර තිබුණි. රාජ්‍ය මණ්ඩලය යටත් වූවත් ටෙක්සාස් ප්‍රාන්තය තවමත් වහල් අයගේ නිදහස පිළිගෙන නොතිබුණි. කෙසේ වෙතත් 1865 ජූනි 19 වන දින එක්සත් හමුදාවේ ජෙනරාල් ගෝර්ඩන් ග්‍රැන්ගර් ටෙක්සාස්හී ගැල්වෙස්ටන් වෙත ගොස් සියලු වහල් අය නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. නිදහසේ දැන්වීම ප්‍රකාශයට පත් කරන විට විලංගු බිඳ වැටී බන්ධනයෙන් මිදෙන විට…

හුදකලා වූවන්ට මිතුරෙක්

රැකියාවක් සඳහා ලන්ඩනයට එන විට හොලි කුක්ට කිසි මිතුරෙක් සිටියේ නැත. ඇයට සති අන්තවල හුදකලා බවක් දැණුනි. නගරයම හුදකලා ලැයිස්තුවේ මුලටම සිටී. ගෝලීය සමීක්‍ෂණයකට අනුව ලන්ඩනයේ අසල්වැසි නගරය වන පෘතුගාලයේ ලිස්බන් නුවර වැසියන් සියයට දහය හා සසඳන විට ලන්ඩන් වැසියන්ගෙන් සියයට පනස්පහක්ම පවසන්නේ ඔවුන් හුදකලාව ඇති බවයි.

සම්බන්ධවීමට හොලී තුළ වූ ඇගේ බිය පහකරමින් ඇය ලන්ඩනයේ තනිවූ තරුණියන්ගේ කණ්ඩායම යනුවෙන්…

ත්‍යාගශීිලි ඇදහිල්ල

වසර කිහිපයකට පෙර දේශපාලනික නායකත්වයක අර්බූදකාරී වෙනසක් නිසා අනාථ වූ අය රැක බලා ගැනීමට අපගේ සභාවට ආරාධනාවක් ලැබුණි. සම්පූර්ණ පවුල් පැමිණියේ කුඩා මල්ලකට දමා ගැනීමට හැකිවූ භාණ්ඩ කිහිපයක් සමගය. අපගේ සභා පවුල් සමහරක් තම නිවාස විවෘත කර දුන්හ. ඒ අතර එතරම් ඉඩ පහසුකම් නොතිබූ අයද වූහ.

ඔවුන්ගේ අනුග්‍රාහික ආගන්තුක සත්කාරය ඔවුන් පොරොන්දු දේශයට ඇතුල් වූ පසුව දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් වරුන්ට දුන්…

සුවයේ බලාපොරොත්තුව

කොඳු ඇට පේළියේ අනතුරු වලින් ආබාධිත වී සිටින අයට බලාපොරොත්තු වීමට අලුත් හේතුවක් ඇතිවී තිබේ. ජර්මන් පර්යේෂකයෝ මොළය සහ මාංශ පේශීන් අතර ස්නායු මාර්ග පද්ධති නැවත එකතු කිරීම බලගැන්වීමට මාර්ග සොයා ගෙන ඇත. නැවත වැඩීමේ ක්‍රමය අකර්මණ්‍යය වී සිටි මීයන්ට නැවත ඇවිදීමට හැකියාව දී ඇත. මනුෂ්‍යයන්ට මෙය ආරක්‍ෂිතදැයි සෙවීමට පරීක්‍ෂණයන් අඛණ්ඩව කෙරී ගෙන යන්නේය.

අංශභාගයෙන් පීඩා විඳින්නන් වෙනුවෙන් විද්‍යාව මගින්…