ඩිස්කවරි දැණුම

මම ශෝකයෙන් මිදෙන්නේ කෙසේද?

නැතිවීමක් සිදු වූ පසු දුක්වීම ස්වභාවිකය, දුක් වෙන නිවැරදි ක්‍රමයක් නැත. මේ විෂය සම්බන්ධ මේ කෙටි හැඳින්වීම, දුක ක්‍රියා කරන ආකාරය සහ  දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ රැකවරණය තුළ යැපෙමින් දුක ගැන ක්‍රියාකරන්නේ කෙසේ දැයි ඔබට කියා දෙයි.

අපට ඇත්තෙන්ම බයිබලය විශ්වාස කළ හැකිද?

නූතන ලෝකයේ බොහෝ අය සිතන්නේ බයිබලය පැරණි පොතකට වඩා යමක් නොවන බවයි. කාලයක් තුළදී ලියන ලද සුරංගනා කථා, මිත්‍යාවන් සහ ළමා කථා වල මිශ්‍රණයක් බවයි. බයිබලය සත්‍ය, විශ්වාස කළ හැකි පොතක් බවට ඔප්පු කළ හැකි සාධක මොනවද?

මට සමාව ලැබිය හැකිද?

ලොකු දේවල් හෝ පොඩි දේවලදී, අපිට වැරදී ඇති බව අවංක අය පිළිගනු ඇත.බයිබලයේ අපිට කියන්නේ දෙවියන්වහන්සේ ගෙන් අවංකව සමාව ඉල්ලා උන්වහන්සේ වෙතට හැරෙන අයට සමාව ලැබෙන බවයි. දෙවියන්වහන්සේගෙන් සමාව ලැබීමත්, සමාව ලැබුණු ජීවිතයක වටිනාකමත් සොයාගන්න!

ඇබ්බැහිවීමෙන් නිදහස් වන්නේ කෙසේද?

මෙම කෙටි අධ්‍යනය ඇබ්බැහිවීමට හේතුව, ඔබ නිදහස් වන්නේ කෙසේද සහ තමන් සිරවී ඇතැයි සිතන අයට ඇති බලාපොරොත්තුව කුමක්ද කියා දෙව වචනයෙන් විමසා බලයි.

දෙවියන්වහන්සේ මට උත්තර නොදෙන්නේ ඇයි?

ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලා ප්‍රතිචාරයක් නොලැබුණේ නම්, දෙවියන්වහන්සේ ඔබව ගණන් නොගන්නේ යැයි ඔබ සිතිය හැක. බයිබලයේ අසාප් වැනි අයටද  මෙම ගැටළුව අර්බුදයක් වූ බව ඔබට පුදුමයක් වනු ඇත. ගීතාවලිය 77 අසාප්ගේ සිත් පත්ලෙන් ලියන ලද ගීතිකාවකි. එය ඉගෙනගැනීමෙන් ඔබ යාච්ඤාවේ ඇති වරප්‍රසාදය, පරමාර්ථය සහ බලය දැනගනු ඇත.

යේසුස් වහන්සේ යනු කවුද?

ක්‍රිස්තියානි ධර්මයේ අරටුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේ යන්නය. සමහරෙක්ට මෙය විශ්වාස කිරීම වියරුවකි. අපි දන්නවායයි කියා සිතන දේ සහ අපගේ දෙමාපියන්, මිතුරන් කියන දේවලට අමතරව සත්‍ය යේසුස්වහන්සේ කවුරුන්ද?

උන්වහන්සේගේ ස්වරූපයට වෙනස්වීම

ලේඛිකා රෙජීනා ෆ‍්‍රෑන්ක්ලීන්, අපට දෙවියන්වහන්සේගේ දෑසින් අප දෙස බලන ලෙසත්, අපගේ දුබල ආත්ම ප‍්‍රතිබිම්බය යළි ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට උන්වහන්සේට දැඩි සේ අවශ්‍ය බව දැනගන්නටත් උදක්ම අපගෙන් ඉල්ලා සිටින්නේය. එහෙත් ඒ, හාස්කම් කරන ආලේපන වර්ගවලින්, ශාරීරික අභ්‍යාස කරන්නාවූ ස්ථානවල සාමාජිකත්වය ලබා ගැනීමෙන් හෝ උදරය නෙරා ඒම වළක්වන බඳ පටිවලින් හෝ නවීන මෝස්තර සැළසුම් අනුගමණය කිරීමෙන් හෝ නොවේ. නුමුත් අප කෙරෙහි ඇති දෙවියන්වහන්සේගේ…

පේ‍්‍රමයෙන් සත්‍ය පෙන්වාදීම

ශුභාරංචිය බෙදාගැනීම අපට කෙනෙක් සමඟ පැවැත්විය හැකි වටිනාම කතා බහ වන්නේය. එහෙත් මිනිසුන් සමඟ වෙනත් ඇදහිල්ලක් ගැන කතා කිරීම අභියෝගයක් විය හැක. මෙම පොත් පිංචෙන් ආචාර්ය අජිත් ප‍්‍රනාන්දු තම පුද්ගලික අත්දැකීම් තුළින්, වඩා ප‍්‍රඥාවන්තව සහ පේ‍්‍රමණීයව අදාල කරගැනීමට දේව වචනයේ ඇතුලාන්ත දැක්මන් හා මාර්ගෝපදේශයන් ඉදිරිපත් කරයි. ඔබටත් දැණුමෙන් සන්නද්ධව හා වෙනස්කම් වලට ගෞරව කරමින් අපගේ ඇදහිල්ලේ ස්ථීරව සිටිමින් යේසුස්වහන්සේ ගැන…

ඇයි? අපගේ වේදනාවේ දී දෙවියන්වහන්සේ දැකීම

අප සාමාන්‍යයෙන් සිතන්නේ වේදනාව සහ දුක්විඳීම අයහපත් දෙයක් ලෙස බැවින්, එය මගහැරීමට අප සියලූ උත්සාහයන් දරයි. එහෙත් ඒවා ජීවිතයේ අනිවාර්ය අංගයන් බැවින් අපගේ සිතිවිලි එයට අනුකූල කරගැනීමට සිදුවිය හැක. අපේ ප‍්‍රශ්න පිළිබඳව අවලාද නැගීම හෝ තව කෙනෙකුට දොස් පැවරීම වෙනුවට, දෙවියන්වහන්සේ අපව උන්වහන්සේ වෙතට සමීප කරගැනීමට සෝදිසි භාවිතා කරන ආකාරය බයිබලය තුළින් බලමු. ඇයි? අපගේ වේදනාවේ දී දෙවියන්වහන්සේ දැකීම පොත, අපගේ…