Archives: සැප්තැම්බර් 2019

දැන ගැනීම පිණිස වර්ධනය වීම

“ඔබව ශිෂ්‍ය හුවමාරුවකට තෝරා ගෙන තිබෙනවා”. මට එකල වයස දහ හතකි. ජර්මනියේ ඉගෙනීමට අවස්ථාවක් ලැබීම ගැන මම අමන්දානන්දයට පත් වීමි. නමුත් මට යාමට තිබුණේ මාස තුනක් පමණි. මම කිසි දිනෙක ජර්මන් භාෂාව ඉගෙන ගෙන තිබුණේ නැත. ඊළඟ සති කිහිපයේදී මම උදේ සවස පැය ගණන් ජර්මන් භාෂාව ඉගෙන ගත්තෙමි. කටපාඩම් කරන පිණිස වචන මාගේ අල්ලේද ලියා ගතිමි.

මාස කිහිපයකට පසු මම…

නාමයන්ගේ නාමය

සංගීත ලෝකයේ ඇන්ටෝනියෝ ස්ට්‍රාඩිවාරි (1644 සිට 1737) තරුවක් ලෙස සැලකේ. ඔහුගේ වයලීන, කුඩා වීණා සහ වයෝලා යනාදියෙහි නිර්මාණ ශිල්පය සහ ශබ්ද පැහැදිළි භාවය නිසා ඉතා වටීන්නේය. ඒවා එකින් එකට ඒවාට ආවේනික නම් තබා තිබේ. ඉන් එකක් මෙසියා සලාබු ස්ට්‍රාඩිවාරියස්ය. වීණා ශිල්පී ජෝසෙප් ජෝකිම් (1831-1907) එය වාදනය කළ පසු ඔහු ලීවේ “ස්ට්‍රඞ්හි ශබ්දය අසම සමය. මෙසී මාගේ මතකයට නැවත නැවත එන්නේය.…

මිදී වැළෙහි

ඉතා අසීරු ශීත සෘතුවක එමා බොහෝ කාලයක් රෝගාතුරව සිටි පවුලේ ඥාතියෙකු බලා ගත්තාය. ඉන්පසු පැමිණි වසන්ත සෘතුවේ එංගලන්තයේ කේම්බි්‍රජ් නගරයේ ඇය එක් චෙරී ගසක් යටින් යන විට ඇයට යම් ධෛර්යයක් ලැබුණි. රෝසමල් පොකුරුවලට ඉහළින් සුදු මල් පොකුරු පැන නැග අලංකාර දර්ශණයක් ගෙන ආවේය. දක්‍ෂ වතු බලා ගන්නෙක් ගසට සුදු මල් අත්තක් බද්ධ කර තිබුණි. එම අසාමාන්‍ය ගස යටින් යන විට…

සුළුකොට සිතීම

චිත්‍රපටි විචාරකයින් බොහෝමයක් ඬේවිඞ් ලීන්ගේ “ලෝරන්ස් ඔෆ් ඇරේබියා” චිත්‍රපටිය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටියක් බව කල්පනා කරති. එහි පෙන්වන නිමක් නොපෙනෙන අරාබි කාන්තාරවල දර්ශන තුළින් එය චිත්‍රපටි නිපදවන්නන් පරම්පරාවකට අතගසා තිබේ. ඊට ඇකඩමි සම්මාන දිනු ස්ටීවන් ස්පීල්ඞ්බර්ග්ද ඇතුළත් වේ. “මම ලෝරන්ස් දුටු පළමු දිනයේම ඊට ඇදී ගියා” ඔහු කීවේය. “එය මා කුඩා බව මට පෙන්වූවාව. තවමත් එය මා කුඩා බව පෙන්වනවා. එය…

හැරී දුවන්න

ඇලී හුරුබුහුටී දක්‍ෂ දැරියක් වූවාය. ඇයගේ දෙමව්පියන් ඇයට ඉතා ප්‍රේම කළහ. නමුත් උසස් පාසැලෙන් පසු හෙරොයින් ගැනීමට ඇය තුළ පෙළඹවීමක් ඇති විය. ඇයගේ වෙනස්කම් තේරුම්ගත් දෙමව්පියෝ ඇයව පුනරුත්ථාපනයට යැව්වේ ඇලී එහි බලපෑම් පිළිගත් පසුවය. ප්‍රතිකාර වලින් පසු හෙරොයින් ගැනීම ගැන ඇය ඇගේ මිතුරන්ට කියන්නේ කුමක්දැයි ඇගෙන් අසන ලදී. ඇය අවවාද කරන්නේ “හැරී දුවන්න” කියාය. “නැහැ යයි කීම ප්‍රමාණවත් නැත” කියා…