අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Mart DeHaan

මාර්ට් ඩි හාන්

අපගේ දිනපතා භෝජනය සේවාවේ නිර්මාතෘ වෛද්‍ය එම්. ආර්. ඩි හාන් මහතාගේ මුණුපුරා හා, හිටපු සභාපති රිචඩ් ඩබ්. ඩි හාන් මහතාගේ පුත‍්‍රයා වන මාර්ට් ඩි හාන් 45ස් වසරක් පුරා සේවයේ යෙදී සිටි. Discover the Word රේඩියෝ වැඩසටහන (ඇමරිකාවේ) ඔස්සේ මාට් ට නිතර සවන්දිය හැක. මාට් ඩිස්කවරි දැණුම පොත් පෙලේ පොත් රාශියක කර්තෘ වන අතර "Been Thinking About" නැමැති කාලෝචිත මාසික තීරුවද (අන්තර්ජාලයේ) රචනා කරයි.

මාර්ට් ඩි හාන් විසින් රචිත ලිපි

අපේ කතාවේ ඉතුරු කොටස

දශක හයකට වැඩි කාලයක් පුරා ප්‍රවෘත්ති මාධ්‍යවේදී පෝල් හාවි මහතා ඇමරිකානු ගුවන් විදුලියේ හුරුපුරුදු කටහඬක් විය. ඔහු අලංකාර වාක්‍ය ඛණ්ඩයකින් මෙසේ පවසයි, “ඔබ දන්නවා ප්‍රවෘත්තිය කුමක්ද කියා, තව විනාඩියකින් ඔබට කතාවේ ඉතිරි කොටස ඇසෙනු ඇත.” කෙටි දැන්වීමකින් පසු ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ එතරම් නොදන්නා කතාවක් ඔහු පවසයි. නමුත් එම පුද්ගලයාගේ නම හෝ වෙනත් ප්‍රධාන අංගයක් අවසානය දක්වා එළි නොකොට, ඔහු තමන්ගේ නාට්‍යානුසාර…

ආපස්සට කියවීම

අභිරහස් නවකතාවක අවසාන පරිච්ඡේදය මුලින්ම කියවීම හොඳ කතාවක උච්චතම අවස්ථාව රස විඳින අය ප්‍රිය නොකරන අදහසක් සේ පෙනේ. නමුත් සමහර අය පොතක් අවසන් වන්නේ කෙසේදැයි දන්නේ නම් එය කියවීමට වැඩි කැමැත්තක් දක්වයි.

ආපස්සට කියවීමේදී, කතුවර රිචඩ් හේස් පෙන්වා දෙන්නේ බයිබලය පිළිබඳ අපගේ අවබෝධය සඳහා මෙම පිළිවෙත කෙතරම් වැදගත්ද යන්නයි. දේව වචනයේ වචන සහ සිදුවීම් එකිනෙකා අපේක්ෂා කරන ආකාරයෙන් පැහැදිලි කිරීමෙන්,…

වචනයෙන් ඔබ්බට

තෝමස් ඇක්වයිනාස් (1225-1274) යනු සභාවේ වඩාත්ම ගෞරවනීය ඇදහිල්ල ආරක්ෂා කරන්නන්ගෙන් කෙනෙකි. නමුත් ඔහුගේ මරණයට මාස තුනකට පෙර, ඔහුගේ ජීවිතයේ කාර්යයේ දැවැන්ත උරුමය වූ ‘සුම්මා දේවධර්මය‘ යන ග්‍රන්ථය, යම්කිසි හේතුවක් නිසා නිම නොකර අත්හැරීමට සිදු විය- (සුම්මා සිංහල භාෂාවේ ‘සාරාංශය‘ යන තේරුමයි). තම ගැළවුම්කරුවාණන්ගේ බිඳුණු ශරීරය සහ වැගිරුණු රුධිරය ගැන මෙනෙහි කරන අතරතුර, ඇක්වයිනාස් දුටු දර්ශනය විස්තර කිරීමට තමාට වචන තිබුණේ…

මුළු ලෝකයම ගායනා කරන විට

1970 ගණන්වල වෙළඳ දැන්වීමක එන කෙටි ගීතයක් එක් පරම්පරාවකට ආස්වාදයක් ලබා දුන්නේය. දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස නිර්මාණය කරන ලද කොකා කෝලාහි “ද රියල් තිං” හෙවත් සැබෑ දේ යන දැන්වීම, “ද නිව් සීකර්ස්” නම්වූ බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් විසින් ලොව පුරා ගීත දර්ශක වල ඉහළට නැගුණු සම්පූර්ණ ගීතයක් ලෙස ගායනා කරන ලදී. නමුත් රෝමයෙන් පිටත කඳු මුදුනක තරුණයින් විසින් ගායනා කරන…

දෙවියන්වහන්සේගේ මිතුරන්ගේ මිතුරෙක්

පුද්ගලයන් දෙදෙනෙකු තමන්ට පොදු මිතුරෙක් සිටින බව දැන ගත් විට පළමු හැඳින්වීමේදීම සුහදශීලී යමක් සිදු විය හැකිය. එහි වඩාත්ම අමතක නොවන ස්වරූපයක් ගන්නේ විශාල හදවතක් ඇති සත්කාරකයෙක් ආගන්තුකයෙකුව පිළිගන්නේ “ඔබ හමුවීමට ලැබීම සතුටක්. සෑම්ගේ හෝ සමන්තාගේ ඕනෑම මිතුරෙක් මගේද මිතුරෙකි” යනුවෙන් කියමිනි.

යේසුස්වහන්සේද ඒ හා සමාන දෙයක් කී සේක. උන්වහන්සේ බොහෝ දෙනෙක්ව සුවපත් කරමින් සෙනග ආකර්ශණය කර ගත් සේක. නමුත්…

යුක්තිය සහ යේසුස්වහන්සේ

රෝමයේ පළමු අධිරාජ්‍යයා වූ සීසර් ඔගස්ටස්ට (ක්‍රි:පූ:63-ක්‍රි.ව.14) අවශ්‍ය වූයේ නීතිය හා සාමය පිළිබඳ පාලකයෙක් ලෙස ප්‍රසිද්ධ වීමටය. වහල් ශ්‍රමය, හමුදා ජයග්‍රහණ සහ මූල්‍ය අල්ලස් මත ඔහු තම අධිරාජ්‍යය ගොඩ නගා ගත්තද යම් නීතිමය ක්‍රියාවලියක් ප්‍රතිෂ්ඨාපනය කර ඔහුගේ පුරවැසියන්ට ලස්ටීශියා නම් වූ දේවතාවිය ලබා දුන්නේය. ඇය අද අපගේ යුක්තිය පසිඳා ලීමේ “ලේඩි ජස්ටිස්” නොහොත් “යුක්තියේ ආර්යයාව” ලෙස හැඳින්වේ. එසේම ඔහු කැඳවූ…

වීරයන්, ප්‍රජා පීඩකයන් සහ යේසුස්වහන්සේ

බීතෝවන් කෝපයට පත් විය. ඔහු අදහස් කළේ ඔහුගේ තුන්වන තූර්ය සංවාදය “බොනපාට්” ලෙස නම් කිරීමටය. ආගමික හා දේශපාලනික කුරිරු යුගයක ඔහු නැපෝලියන් බොනපාට්ව දුටුවේ ජනතාවගේ වීරයෙකු සහ නිදහසේ ශූරයෙකු ලෙසය. ප්‍රංශ ජෙනරාල්වරයා තමා අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශයට පත් කළ විට මෙම කීර්තිමත් ගීත රචකයාගේ අදහස වෙනස් විය. ඔහුගේ හිටපු වීරයා කපටියෙකු සහ කුරිරු පාලකයෙක් ලෙසට හෙළා දකිමින් බොනපාට්ගේ නම මැකීමට ඔහු…

හිංසාවට අපහාස කිරීම

ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී ෆ්‍රෙඞ් ඇලන් (1894-1956) ආර්ථික අවපාතයේ සහ යුද්ධයක් පවතින ලෝකයක ජීවත් වූ පරම්පරාවකට සිනහවක් ගෙන ඒම සඳහා විකට කථා භාවිතා කළේය. ඔහුගේ හාස්‍යය පිළිබඳ හැඟීම උපත ලැබුවේ පෞද්ගලික වේදනාවන්ගෙනි. වයස අවුරුදු තුනට පෙර මව අහිමි වූ ඔහු පසුව ඇබ්බැහිවීම සමග පොර බදිමින් සිටි පියාගෙන් දුරස් කරන ලදී. ඔහු වරක් නිව්යෝර්ක් නගරයේ වීදියක රථ වාහන තදබදයකින් දරුවෙක් බේරා…

ශුභාරංචියේ බලය

පුරාණ රෝමයට තමන්ගේම “ශුභාරංචියේ” අනුවාදයක් තිබුණි. වර්ජිල් කවියාට අනුව දෙවිවරුන්ගේ රජවූ සීයුස් රෝමවරුන්ට අවසානයක් හෝ සීමාවක් හෝ නැති රාජ්‍යයක් නියම කර තිබුණි. දෙවිවරු ඔගස්ටස්ව දිව්‍ය පුත්‍රයා සහ ලෝකයේ ගැළවුම්කරුවා ලෙස තෝරා ගෙන තිබුණේ සාමයේ සහ සමාද්ධියේ ස්වර්ණමය යුගයක් උදා කරමිනි.

කෙසේ වෙතත් මෙය සෑම කෙනෙක්ගේම ශුභාරංචිය පිළිබඳ අදහස නොවේ. බොහෝ දෙනෙකු අකමැති වූවත් එය අධිරාජයාගේ හමුදාවේ සහ ඝාතකයන්ගේ දැඩි හස්තයේ…

ශ්‍රේෂ්ඨතම තූර්ය සංධ්වනිය

“බීබීසී සංගීත සඟරාව” විසින් ලොව ප්‍රමුඛ පෙළේ සංගීත නියාමකයින් එකසිය පනස් දෙනෙකුගෙන් තමන් විශ්වාස කරන විදියට මෙතෙක් ලියන ලද ශ්‍රේෂ්ඨතම සංධ්වනි විස්ස කුමක්දැයි ඇසූ කල බීතෝවන්ගේ තෙවන “ඊරොයිකා” ඉහළට පැමිණියේය. ප්‍රංශ විප්ලවයේ නොසන්සුන්තාවයේදී මෙම කෘතිය “වීර” යන අර්ථය ඇතිව ලියා තිබුණි. නමුත් එය තම ඇසීම ක්‍රමයෙන් හීන වෙද්දී බීතෝවන්ගේම අරගලයෙන් පිටතට පැමිණියේය. එම සංගීතය මනුෂ්‍යයෙක් වීම සහ ජීවත් වෙමින් අභියෝගයන්ට…