Archives: අප්‍රේල් 2022

රාත්‍රියේ වැඩ කරන සේවකයෝ

උග්‍ර සත්කාර රෝහලක දැන් වේලාව පාන්දර 3 යි. කණස්සල්ලට පත් වූ රෝගියෙක් පැයක් තුළ සිව්වන වරටත් ඇමතුම් බොත්තම එබුවේය. රාත්‍රි හෙදිය පැමිණිල්ලක් නොමැතිව පිළිතුරු දෙයි. ඒ මොහොතේදී තවත් රෝගියෙක් කෑ ගසමින් අවධානය ඉල්ලා හඬයි. හෙදිය පුදුම වන්නේ නැත. ඇය මීට වසර පහකට පෙර රාත්‍රී වැඩ ඉල්ලා සිටියේ දිවා කාලයේ රෝහලේ මහත් කලබලකාරී තත්ත්වයෙන් මිදීමටය. ඇයට යථාර්ථය පැහැදුනේ එවිටය. රාත්‍රී වැඩ…

ආත්මික රෝග නිශ්චය කිරීම

රසායනික චිකිත්සාව (කෙමොතෙරපි) මගින් කරන ලද ප්‍රතිකාර මගේ මාමණ්ඩියගේ අග්නය්‍යාශයේ ගෙඩිය අඩු කළේය. ගෙඩිය නැවත වර්ධනය වන්න පටන් ගත් විට ජීවිතයත් මරණයත් අතර තීරණයක ඔහුව තැබුවේය. ඔහු තම වෛද්‍යවරයාගෙන් ඇසුවේ “මම මේ රසායනික චිකිත්සාව මගින් කරන ප්‍රතිකාරය තවත් ගත යුතුද නැත්නම් වෙනත් fඖෂධයක් හෝ විකීරණ භාවිතා කළ යුතුද?” කියාය.

යුදාහි වැසියන්ටද ඒ හා සමානම ජීවිතය හා මරණය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණි.…

ඇදහිල්ලෙන් වැඩීම

මගේ ගෙවතු වගා ගමන ආරම්භයේදී මම වේලාසනින් අවදි වී මගේ එලවළු වත්තට දුවන්නේ යමක් පැළවී ඇත්දැයි බැලීමටය. කිසිවක් නැත. “ඉක්මන් ගෙවතු වර්ධනය සඳහා අන්තර් ජාලය සෙවීමෙන් පසුව බීජ පැළවන අවධිය ශාකයක ආයු කාලයෙහි වැදගත්ම අවධිය බව මම දැන ගතිමි. මෙම ක්‍රියාවලිය ඉක්මන් කළ නොහැකි බව මා ඉගෙනගත් අතර පස හරහා සුර්්‍යයා දෙසට ගමන් කරන කුඩා පැළවල ශක්තිය සහ ඌෂ්ණ කාලගුණයට…

නැවතත් ගායනා කරන්න

ඕස්ට්‍රේලියාවේ මී පැණි කුරුල්ලා අමාරුවේ වැටී ඇත-මෙම පක්‍ෂියාට තම ගීතය අහිමි වෙමින් පවතී. කලක් බහුලව සිටි විශේෂ කුරුලු ජාතියක් වුවද දැන් ඉතිරිව ඇත්තේ පක්‍ෂීන් තුන් සියයක් පමණි. ගීතය ඉගෙනීමට තවත් ස්වල්ප දෙනෙකු පමණක් සිටින හෙයින් කුරුල්ලන්ට තමන්ගේ අද්වීතිය ගීතය අමතක වන අතර කිරිල්ලියන් ආකර්ශණය කර ගැනීමට අපොහෝසත්ව සිටිති.

වාසනාවකට මෙන් සංරක්‍ෂණවාදීන් මී පැණි කුරුල්ලන්ට ගායනා කිරීමෙන් උන් බේරා ගැනීමට සැළසුම්…

වයස යනු අංකයක් පමණි

තාරුණ්‍යය, කිසිවෙකුව ජයග්‍රහණයෙන් වළක්වා නොගත යුතුය. එය නිසැකවම එකොළොස් හැවිරිදි මිකෙයිලාව නතර කළේ නැත. ලෙමනේඞ් අළෙවි කරන කුටියක් වෙනුවට මිකෙයිලා ලෙමනේඞ් ව්‍යාපාරයක්ම විවෘත කළාය. “මී ඇන්ඞ් බීස් ලෙමනේඞ්” යන නමින් ආරම්භ කළ ව්‍යාපාරය ඇගේ ආච්චිගේ වට්ටෝරුවකින් ආරම්භ වූ අතර අවසානයේ “ෂාක් ටෑන්ක්” යන රූපවාහිනී වැඩසටහනේ ආයෝජකයින්ගෙන් ඇමෙරිකානු ඩොලර් 60,000 ක ආයෝජනයක් උපයා ගත්තේය. ඇය තම ලෙමනේඞ් වෙළඳ සැල් පනස් පහකින්…