Archives: මැයි 2022

පලතුරු, ගස විකුණයි

ගොවිපොළක හිමිකාරියක් පීච් ගස් විකිණීමට පටන් ගත්තාය. ඇය විවිධ ප්‍රවේශයන් සළකා බැලුවාය. ඇය ලස්සන සන්දර්ශනයක ගොරෝසු ගෝනි වල කොළ පැළ පෙළට තැබිය යුතුද? වර්ධනයේ විවිධ කාල වලදී පීච් ගස් නිරූපණය කරන වර්ණවත් නාමාවලියක් නිර්මාණය කළ යුතුද? අවසානයේදී ඇත්තටම පීච් ගසක් විකුණන්නේ කෙසේදැයි ඇය වටහා ගත්තාය. එනම් මිහිරි සුවඳක් ඇති, තද තැඹිලි පැහැති සහ අවුල් කෙහෙ රැළි මෙන්වූ පොත්තක් ඇති පීච්…

සයිමන්ගේ නිවසේ ප්‍රබොධමත් විය

සයිමන්ගේ නිවසට ගිය මගේ ගමන අමතක නොවන එකක් විය. තරු එළිය සහිත අහසේ ආවරණය යටතේ කෙන්යාවේ එන්යාහුරුරු හි පිහිටි ඔහුගේ නිහතමානී නිවසට රාත්‍රී ආහාරය සඳහා අපි ගමන් කළෙමු. අපිරිසිදු පොළොව සහ පහන් ආලෝකය සයිමන්ගේ සීමිත ආර්ථිකය පිළිබිඹු කරයි. කෑම මේසයේ තිබුණු දේ මට මතක් කර ගත නොහැක. අපි ඔහුගේ අමුත්තන් වීම ගැන සයිමන්ගේ සතුට මට අමතක කළ නොහැකි දෙයක් වුනි.…

ස්වර්ගයෙන් ආහාර

2020 අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ඔල්ටෙන් හී පදිංචිකරුවන් හිම මෙන් චොකලට් අහසින් වැටෙනවා දැක පුදුමයට පත් වූහ. දේශීය චොකලට් කම්හලේ වාතාශ්‍ර පද්ධතියේ දෝෂයක් හේතුවෙන් චොකලට් අංශු වාතයට විසිරී ගොස් තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දූවිලි මෙන් රථවාහන සහ වීදි චොකලට් පෙති වලින් වැසී ගොස් මුලු නගරයම රස කැවිලි ගබඩාවක් මෙන් සුවඳවත් කළේය.

රසවත් ආහාර ස්වර්ගයෙන් වැටෙන බව මම කල්පනා කරන විට නික්මයාමේදී…

උන්වහන්සේට ආසා කරන්න

“මේ මම කන අන්තිම බැදුණු අල පෙත්තයි” කියා විනාඩි පහකට පසුව අපි තවත් හොයන්නේ ඇයි? මයිකල් මොස් විසින් ඔහුගේ “ලුණු සීනි හා මේදය” යන පොතේ එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. ඇමෙරිකාවේ විශාලතම අතුරු ආහාර නිෂ්පාදකයින් සෞඛ්‍යයට අහිතකර ආහාර වලට ආශා කරන්න මිනිසුන්ට “උදව්” කරන්නේ කෙසේද කියා ඔහු එහි විස්තර කරයි. ඇත්ත වශයෙන්ම එක් ජනප්‍රිය සමාගමක් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක්…

අසාමාන්‍ය ධෛර්යය

1478 දී ඉතලියේ ෆ්ලොරන්ස් හී පාලකයා වූ ලොරෙන්සෝ ද මෙඩිසි ඔහුගේ ජීවිතයට එල්ල වූ ප්‍රහාරයකින් බේරුණි. ඔහුගේ රටවැසියන් තම නායකයාට එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර දීමට උත්සාහ කළ විට යුද්ධයක් ඇවිළී ගියේය. තත්ත්වය නරක අතට හැරෙද්දී නේපල්ස් හී කුරිරු රජු වන 1 වන ෆර්රැන්ටේ රජු ලෝරන්ස්ගේ සතුරා බවට පත් වූ නමුත් ලොරෙන්සෝගේ නිර්භීත ක්‍රියාවක් සියල්ල වෙනස් කළේය. ඔහු නිරායුධව සහ…