Archives: ජූලි 2022

ඔබට එය කළ හැකිය

දිරිගැන්වීම ඔක්සිජන් හා සමානය. එය නොමැතිව අපට ජීවත් විය නොහැක. නව හැවිරිදි ජේම්ස් සැවේජ්ට මෙය සත්‍යයක් විය. මෙම පිරිමි ළමයා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළ තීරයේ සිට ඇල්කැට්‍රාස් දූපත දක්වා සැතපුම් දෙකකට වඩා වැඩි දුරක් පිහිනා ගොස් නැවත පැමිණ ජයග්‍රහණය කළ ලාබාලතම පුද්ගලයාගේ වාර්තාව බිඳ දැමුවේය. නමුත් පිහිනීම අරම්භකර විනාඩි තිහක් ගත වන විට රළු සහ සීතල ජලය හේතුවෙන් ජේම්ස්ට එයින් ඉවත්…

ප්‍රඥාව සහ අවබෝධය

1373 දී නෝර්විච්හී ජූලියන් වයස අවුරුදු තිහක් වූ විට රෝගාතුර වී මිය යාමට ආසන්නව සිටියාය. ඇයගේ දේව සේවකයා ඇය සමග යාච්ඤා කරන විට ඇය යේසුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම ගැන සළකා බැලූ දර්ශන ගණනාවක් අත් වින්දාය. ආශ්චර්යමත් ලෙස ඇගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වූ පසු ඇය ඊළඟ වසර විස්සක් දේවස්ථානය අසල තිබූ කාමරයක හුදකලාව ගත කළ අතර යාච්ඤා කරමින් සහ ඈ…

මෙයටත් වඩා මහත් ප්‍රේමයක් නැත

2019 දී  හැත්තෑ පස් වන ඩී-ඬේ (D-Day) සැමරුමේදී බටහිර යුරෝපය මුදා ගැනීම සඳහා ඉතිහාසයේ විශාලතම මුහුදු ආක්‍රමණයට සහභාගී වූ 156,000 කට අධික භට පිරිස්වලට ගෞරව කරන ලදී. 1944 ජූනි 6 වන දින ගුවන් විදුලිය හරහා විකාශය වූ එතුමාගේ යාච්ඤාවේදී ඇමරිකාවේ ජනාධිපති රූස්ට්වෙල් දෙවියන්වහන්සේගෙන් ආරක්‍ෂාව ඉල්ලා යාච්ඤා කළේ “ඔවුන් සටන් කරන්නේ රටක් යටත් කර ගැනීමේ ආශාව සඳහා නොවේ. ඔවුන් සටන් කරන්නේ මෙම…

උන්වහන්සේ මගේ හදවත හඳුනන සේක

සිල්ලර වෙළඳ සැළක ස්වයංක්‍රීය යන්ත්‍රයෙන් මුදල් ගෙවීමේ ස්ථානයක පාරිභෝගිකයෙකු ඇගේ ගනුදෙනුව අවසන් කළ පසු මම එම ස්ථානයට ගොස් මගේ භාණ්ඩ ස්කෑන් යන්ත්‍රය වෙතට ගෙන ගියෙමි. අනපේක්‍ෂිත ලෙස කෝපයට පත් අයෙක් මා වෙතට පැමිණියාය. ඇය ඇත්ත වශයෙන්ම පිටවීම සඳහා පෝලිමේ ඊළඟට සිටි තැනැත්තිය බව දැකීමට මම අසමත් වූයෙමි. මගේ වරද හඳුනාගත් මම අවංකවම “මට සමාවෙන්න” යැයි කීවෙමි. (මෙම වචනවලට පමණක් සීමා…

විඳ දරා ගැනීම සහ දියුණු වීම

සජීවීකරණය කරන ලද ගුහා මිනිස් පවුලක් වන “ද කෘඞ්ස්” විශ්වාස කරන්නේ “විඳ දරා ගෙන ජීවත් වීමට ඇති එකම ක්‍රමය මෙම පිරිස (ඔවුන්ගේ කුඩා පවුල) එකට සිටියහොත් පමණක්ය” කියායි. ඔවුන් ලෝකයට සහ අන් අයට බිය වන හෙයින් ආරක්‍ෂිතව ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීමෙන් පසු දැනටමත් එම ප්‍රදේශයේ නාඳුනන පවුලක් සිටින බව දැන ගනිති. නමුත් ඔවුහු ඉක්මණින්ම නව අසල්වැසියන්ගේ වෙනස්කම් වැළඳ ගැනීමටත්…