මිතුරන්ගේ උරුමය
මට ඔහුව මුණගැසුණේ 1970 ගණන්වල මම උසස් පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ පැසිපන්දු පුහුණුකරුවෙකුව සිටියදීය. ඔහු උස, කෙට්ටු නවකයෙක් විය. වැඩි කල් නොගොස් ඔහු මගේ පැසිපන්දු කණ්ඩායමේ සහ මගේ පන්තිවල සිටි අතර මිත්‍රත්වයක් ඇති විය. මා සමඟ වසර ගණනාවක් සහෝදර කර්තෘවරයකු ලෙස සේවය කළ මේ මිත්රයාම මගේ විශ්‍රාම සාදයේදී මා ඉදිරියේ පෙනී සිටිමින් අපේ දිගුකාලීන මිත්‍රත්වය ගැන බෙදාගත්තේය.
දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් සම්බන්ධ…
![Share ODB 2022-11-10 Share ODB 2022-11-10](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/10/31103734/share_odb_2022-11-10-940x940.jpg)
![Share ODB 2022-11-09 Share ODB 2022-11-09](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/10/31103726/share_odb_2022-11-09-940x940.jpg)
නැණවත්ද නොනැණවත්ද?
මට වයස අවුරුදු දහයේදී, තරුණ කණ්ඩායමේ මිතුරෙකුගෙන් නූතන ක්‍රිස්තියානි සංගීත කණ්ඩායමක සංගීතය අඩංගු කැසට් පටයක් නිවසට ගෙනාවෙමි. හින්දු නිවසක හැදී වැඩුණු නමුත් යේසුස්වහන්සේ තුළ ගැළවීම ලැබූ මගේ පියා එය අනුමත කළේ නැත. ඔහුට අවශ්‍ය වුණේ අපේ නිවසේ නමස්කාර සංගීතය පමණක් වාදනය කිරීමටයි. එය ක්‍රිස්තියානි සංගීත කණ්ඩායමක් බව මම පැහැදිළි කළ නමුත් ඔහුගේ තීරණය වෙනස් නොවිය. ටික වේලාවකට පසු, ඔහු මට…
![Share ODB 2022-11-08 Share ODB 2022-11-08](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/10/31103719/share_odb_2022-11-08-940x940.jpg)
අපගේ අසල්වැසියන්ට ප්‍රේම කිරීම
කොරෝනා වෛරස් වසංගතය තුළ නිරෝධායනය වී සහ රට වසා දැමූ දිනවලදී, ඇමෙරිකානු කළු ජාතික නායකයෙක්වූ කණිෂ්ඨ මාර්ටින් ලූතර් කිං විසින් ලියන ලද ඔහුගේ “බර්මින්හැම් බන්ධනාගාරයෙන් ලිපියක්” යන්නෙහි වදන් සත්‍ය විය. ඔහු අයුක්තිය ගැන කතා කරමින්, ඔහුට එක් නගරයක හුදකලාවේ වාඩි වී තවත් නගරයක සිදුවන දේ ගැන කරදර නොවී සිටිය නොහැකි බව සඳහන් කළේය. “අපි ගැළවිය නොහැකි අන්‍යෝන්‍ය ජාලයකට හසු වී…
සඳුදා දවසට ස්තූතිවන්ත වෙමු
මම සඳුදා දවස් වලට බොහෝසේ බිය වී සිටියෙමි. මම කලින් රැකියාවට ගිය ස්ථානයට, ගමන් කලේ දුම්රියකින්ය. මම එම දුම්රියෙන් බැස, ටික වේලාවක් දුම්රියපලේ වාඩි වී, කාර්යාලයට යාමට මද වේලාවකට විනාඩි කිහිපයකට පමණක් වුවත් ප්‍රමාද වීමට උත්සාහ කළෙමි. නියමිත කාලසීමාවන් සපුරාලීම සහ ආවේගශීලී ලොක්කෙකුගේ මනෝභාවයන් කළමනාකරණය කිරීම ගැන මම කනස්සල්ලට පත්වූ අතර මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.
අපගෙන් සමහරෙකුට, තවත් අඳුරු…
![Share ODB 2022-11-07 Share ODB 2022-11-07](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/10/31103711/share_odb_2022-11-07-940x940.jpg)
ගෙහෙන්නාවෙන් බලාපොරොත්තුව
1979 දී පුරාවිද්‍යාඥ ගේබ්‍රියෙල් බාර්කේ කුඩා රිදී ලියවිලි දෙකක් සොයා ගන්නා ලදී. ලෝහ ලියවිලි සියුම් ලෙස දිග හැරීමට වසර ගණනාවක් ගත වූ අතර, ඒ සෑම එකක්ම හෙබ්‍රෙව් භාෂාවෙන් කැටයම් කරන ලද ගණන් කතාවේ 6:24-26 දක්වා වූ ආශීර්වාද අඩංගු වූ බව සොයා ගන්නා ලදී. “ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ…
![Share ODB 2022-11-06 Share ODB 2022-11-06](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/10/31103703/share_odb_2022-11-06-940x940.jpg)