Archives: ජනවාරි 2023

සිංහ ගුහාවෙන් පිටතට

ටහෙර් සහ ඔහුගේ භාර්යාව වන ඩොන්යා යේසුස්වහන්සේ කෙරෙහි අදහා ගන්න පැමිණි විට, තම මව්බිමේදී තමන් පීඩාවට පත් විය හැකි බව දැන සිටියහ. ඇත්ත වශයෙන්ම, එක් දිනක් ටහෙර්ගේ දෑස් බැඳ, මාංචු දමා, සිරගත කර, ඔවුන්ගේ කලින් තිබු ආගම කෙරෙහි ඇදහිල්ල අත්හැරීමේ චෝදනාවට ලක් කරන ලදී. ඔහු නඩු විභාගයට පෙනී සිටීමට පෙර, ඔහු සහ ඩොන්යා එකඟ වූයේ ඔවුන් යේසුස්වහන්සේව පාවා නොදෙන බවයි.…

මුදා ගන්නා දෙවියන්වහන්ස

දේශනා නිදර්ශනයක කොටසක් ලෙස, මම, වේදිකාවේ කලාකාරියෙකු විසින් නිර්මාණය කරන ලද අලංකාර සිතුවම දෙසට ගොස් එහි මැදින් අඳුරු රේඛාවක් ඇන්දෙමි. සභාව භීතියට පත් විය. ඇය නිර්මාණය කළ දේ මා විකෘති කරනවා කලාකාරිය නිහඬව බලා සිටියාය. ඉන්පසුව, ඇය කාරුණිකව නව බුරුසුවක් තෝරා ගෙන, විනාශ වූ සිතුවම විශිෂ්ට කලා කෘතියක් බවට පත් කළාය.

ඇයගේ ප්‍රතිසංස්කරණ කටයුතු මට මතක් කර දෙන්නේ අපි අපගේ…

නිවැරදි යේසුස්

පුස්තකාල සමාජයේ නායකයා, කණ්ඩායම සාකච්ඡා කරන්න යන නවකතාව සාරාංශ කරන විට කාමරයේ ඝෝෂාව මැකී ගියේ සැමට පහසුව ගෙන දෙන නිශ්ශබ්දතාවයකිනි. මගේ මිතුරිය ජොඈන් හොඳින් සවන් දුන් නමුත් ඈ කථා වස්තුව හඳුනා ගත්තේ නැත. අවසානයේදී ඇය වටහා ගත්තේ, අනෙක් අය කියවා තිබූ ප්‍රබන්ධ කෘතියට සමාන මාතෘකාවක් සහිත ප්‍රබන්ධ නොවන පොතක් ඇය කියවා ඇති බවයි. ඇය “වැරදි” පොත කියවීමෙන් සතුටක් ලැබුවද, “නිවැරදි” පොත…

ජයග්‍රාහකයන්ට වඩා

මගේ ස්වාමිපුරුෂයා අපේ පුතාගේ ලිට්ල් ලීග් බේස්බෝල් කණ්ඩායම පුහුණු කරන විට, ඔහු, වසර අවසාන ත්‍යාගයක් වශයෙන් ක්‍රීඩකයින්ට සාදයක් පිරි නමමින් වාරය පුරා ඔවුන් දැක්වූ දියුණුව අගය කළේය. අපේ ළාබාලතම ක්‍රීඩකයෙක් වන ඩස්ටින්, එම සාදය අතරතුර මා වෙත පැමිණියේය.
”අපි අද තරඟය පැරදුනේ නැද්ද?”

“ඔව්, අපි පැරදුණා” කියා මම පිළිතුරු දුන්නෙමි.

“නමුත් ඔබගේ උපරිමයෙන් ක්‍රීඩා කිරීම ගැන අපට ඔබ ගැන ආඩම්බරයි”…

ස්වාමීනි, ඔබ කවුරුන්ද?

වයස අවුරුදු 16 දී, ලුයිස් රොඩ්රිගස් කොකේන් නම් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටියේය. නමුත් දැන්, මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, ඔහු නැවත සිරගතව සිටියේ, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලැබේදැයි කියා සිතමින්ය. නමුත් දෙවියන්වහන්සේ ඔහුගේ වරදකාරී තත්ත්වයට කථා කළ සේක. ඔහු සිරගතව සිටි කාලයේදී, තරුණ ලුයිස්ට ඔහුගේ මව විශ්වාසවන්තව ඔහුව දේවස්ථානයට ගෙන ගිය ඔහුගේ මුල් කාලය සිහිපත් විය. ඔහුට දැන්…