Archives: අප්‍රේල් 2024

පවුලේ කාරණා

මගේ සහෝදරියත් සහෝදරයත් මමත් අපගේ මාමාගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා අප පදිංචි විවිධ ප්‍රදේශවල සිට ගුවනින් පැමිණියෙමු. ඒ අතර තුර අනූ වියැති අපගේ ආච්චී බැලීමටද නැවතුනෙමු. ඇය අංශභාග රෝගයෙන් පෙළුණි. කථා කිරීමට පවා නොහැකි වූ ඇයට භාවිතා කළ හැකි වූයේ දකුණු අත පමණි. අපි ඇගේ ඇඳ වටා රැස්ව සිටි වේලේ ඇය එම අත දිගු කර අප එකිනෙකාගේ අත් ගෙන ඒවා…

ප්‍රශංසාවේ මිටියාවත

කවියෙක් වූ විලියම් කව්පර් ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් මානසික විශාදිය සමග පොර බැදුවේය. සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමකින් පසුව ඔහුව මානසික රෝහලකට ඇතුළත් කෙරුණි. එහිදී කිතුනු වෛද්‍ය වරයෙක්ගේ සැළකිල්ල තුළින් කව්පර් යේසුස්වහන්සේ තුළ උණුසුම් අගනා ඇදහිල්ලකට පැමිණියේය. ඉන්පසුව ඔහු සභාපාලක සහ ගීතිකා රචක ජෝන් නිව්ටන් හඳුනා ගත් අතර ඔවුන්ගේ සභාවට ගීතිකා පොතක් රචනා කරන්න ජෝන් නිව්ටන් ඔහුව දිරි ගැන්වූයේය. ඔහු…

දෙවියන්වහන්සේගේ මෘදු ප්‍රේමය

මාස දෙකක් වයස් වූ තම පුත්‍රයාට නියමිත එන්නත ලබා දෙද්දී පියෙක් විසින් ඔහුව සනසන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් 2017 දී ජාත්‍යයන්තරය ආකර්ෂණය කර ගත්තේය. ඒ පියෙක් තම දරුවාට දක්වන ප්‍රේමය ඉන් පිළිඹිබු වන නිසාය. සාත්තු සේවිකාව එන්නත ලබා දී අවසන් කළ පසු පියා මෘදු ලෙස තම පුතාව ඔහුගේ කම්මුලට ළංකර ගත් විට තත්පර ගණනකින් පුත්‍රයා හැඬීම නතර කළේය. මාපියෙකුගේ මෘදු…

තෝරා ගැනීම් වැදගත්ය

සභා පාලක ඩේමියන්ගේ කාල සටහනට ජීවිත මාර්ග දෙකක් තෝරා ගත් මරණාසන්නවූ දෙදෙනෙක් බැලීමට ආරෝග්‍ය ශාලාවට යාම ඇතුළත් විය. එක් රෝහලක තම පවුලේ අයගේ ප්‍රේමයට භාජනය වූ ස්ත්‍රියක් සිටියාය. ඇයගේ පරාර්ථකාමී පොදු සේවය බොහෝ අය වෙත ඇයව ඇද ගනු ලැබීය. යේසුස්වහන්සේ තුළ අන් ඇදහිලිවතුන් ඇය වටා රොක් වී සිටියෝය. නමස්කාරය යාච්ඤාව සහ බලාපොරොත්තුවෙන් කාමරය පිරී තිබුණි. තවත් රෝහලක සභා පාලක ඩේමියන්ගේ…

දෙවියන්වහන්සේ වෙනුවෙන් යාමට සුදානම්ව

සැඟවුනු අංක යන පොතෙහි ජෝන් ග්ලෙන්ගේ අභ්‍යාවකාශයට යෑමේ සුදානම පෙන්නුම් කළේය. 1962 වන විට පරිඝණක නව සොයා ගැනීම් වූ අතර ඒවායෙහි ක්‍රියා විරහිත වීම් බහුල විය. ග්ලෙන් ඒවා ගැන විශ්වාස නොකළේය. එසේම අභ්‍යාවකාශ ගමන දියත් කිරීමේ ගණන් බැලීම ගැන කණස්සලු විය. සංඛ්‍යා ක්‍රියාත්මක කිරීමට හැකි පිටුපස කාමරයේ සිටින ඥානවන්ත කාන්තාවක් ගැන ඔහු දැන සිටියේය. ඔහු ඇයව විශ්වාස කළේය. “සංඛ්‍යා යහපත්…