අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

සින්ඩි හෙස් කැස්පර් විසින් රචිත ලිපි

වැඩි ආදරයක්

මාගේ ස්වාමිපුරුෂයාගේ සහෝදරයා ජීවත් වන්නේ සැතපුම් 1200 ක් පමණ එහායින් කොලරාඩෝ කඳු වැටියේය. දුර ප්‍රමාණය කෙසේ වෙතත් ජෙරිට්ස් සෑම විටම අපගේ පවුලේ ප්‍රේමණීය සාමාජිකයා වූයේ ඔහුගේ හාස්‍යය සහ දයාවන්ත හදවත නිසාය. මට මතක ඇති කාලයක සිට ඔහුගේ සහෝදරයෝ ඔහු මවගේ ප්‍රේමණිය පුත්‍රයා වීම ගැන සතුටින් විහිළු කරති. වසර කිහිපයකට පෙර “අම්මාගේ කැමතිම පුතා” කියා ටී ෂර්ට් එකක්ද තෑගි දුන්නෝය. අපගේ…

ආත්මයාණන්ට අනුකූලව

අලංකාර මහා පියානෝව සූසර කරන්නාගේ ශබ්දය මට ඇසුන විට “වෝර්ගෝ ප්‍රසංගය” හි විස්මය ජනක සංගීතය සහ “මහත් බලැත් දෙව් ඔබමැයි” හි අනගි තාලය මෙම පියානෝවෙන්ම නිකුත් වන මතකය මට දැණුනි. නමුත් දැන් එම සංගීත භාණ්ඩයට ඉතා දැඩි ලෙස සූසර කිරීමක් අවශ්‍ය වී තිබේ. සමහර තත් නියම ස්වරය නාද කරත් තවත් සමහර ඒවා ස්වරයට වැඩි හෝ අඩු මට්ටමකින් නාද විය. ඒවායින්…

ප්‍රීතියේ සිතුවිලි

“අප හඹා යන්නා දේවල් තුළ” යන බිල් ෂාපිරෝගේ සම්මූඛ පරීක්‍ෂණ පෙළ තුළදී එක් එක් කෙනා තමාගේ ප්‍රීතිය තබා ගන්නා පිණිස ඔහු හෝ ඇය වැදගත්කමක් දෙන එක් දෙයක් ප්‍රකාශ කළෝය.

මමද මට විශාලම ප්‍රීතියක් දෙන වස්තූන් ගැන කල්පනා කිරීමට පෙළඹුණෙමි. එකක් මාගේ මවගේ අත් අකුරින් ලියූ වසර හතලිහක් පමණ පැරණි ආහාර වට්ටෝරුවකි. අනික ආච්චි අම්මාගේ රෝසපාට තේ බොන කෝප්පයකි. අනික් අය…

ඔබට ඇති දෙය ගෙනෙන්න

“ගල් හොද්ද” නමැති පැරණි කථාව විවිධ ලෙස බොහෝ රටවල කියැවේ. එහි දැක්වෙන්නේ සාගින්නේ පෙළුණු එක් මනුෂ්‍යයෙක් ගමකට පැමිණියත් එහි සිටි කිසි කෙනෙකුට ඔහුට ආහාර ස්වල්පයක් වත් දීමට නොහැකි වු බවයි. මෙම මනුෂ්‍යයා හැලියකට ගලක් සහ වතුර දමා ලිපක් අවුලුවා එම හැළිය ලිප මත තබයි. ඔහු තම හොද්ද හැඳි ගානවා දකින සෙනග එහි රැස්වෙති. අවසානයේ අයෙකු අල ගෙඩි කිහිපයක් ගෙන එම…

උවමනාවෙන් කරුණාවන්ත වීම

ඇයගේ දරුවන් සමග අහස් යානාවකට තනිව ගොඩවන්න සුදානම් වූ තරුණ මවක් තම තුන් හැවිරිදි දියණියව නිස්කලංක කිරීමට ඉතා දැඩිව වෙර දැරුවාය. දරුවා පයින් ගසමින් හැඬුවාය. ඒ අතර ඇයගේ මාස හතරක පුත්‍රයා බඩගිනිවී මොර ගැසුවේය.

ඇය අසළ සිටි මගියෙකු ළදරුවා වඩාගෙන තම දියණියගේ පටි දැමීමට ජෙසිකාට ඉඩ හැරියේය. ඊළඟට මගියා තරුණ පියෙකුව සිටි කාලය මතක් වී තුන් හැවිරිදි දියණිය සමග චිත්‍ර…

පහසුවෙන් හසුවී

ඝණ වනාන්තරයක සටන් කරන සොල්දාදුවන් කණ්ඩායමකට අසහනකාරී ගැටළුවක් මතුවිය. අනතුරු ඇඟවීමක් නොමැතිව තියුණු කටු සහිත වැල් වර්ගයක් ඔවුන්ගේ ශරීරයෙහි සහ භාණ්ඩවල පැටළී ඔවුන් සිරවුණි. ඔවුන් නිදහස් වීමට උත්සාහ දරණ විට ගස්වල කටු සහිත රිකිළි තව තවත් ඔවුන්ව ග්‍රහණය කර ගනිති. එම වැලට සොල්දාදුවෝ “විනාඩියක් ඉන්න” කියා නම් තැබූහ. ඊට හේතුව ඔවුන් සිරවී සිටින නිසා අනිත් සොල්දාදුවන්ට “විනාඩියක් ඉන්න. මම සිරවෙලා”…

කන්න නැවත නැවත කන්න

කේරී සහ පෝල් විවාහ වූ විට ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්වත් උයන්න දැන සිටියේ නැත. එක් රාත්‍රියක ස්පැගටි සාදන්න කේරී තීරණය කළාය. ඒවා වැඩි වූ නිසා පසුදා රාත්‍රීයේද ඔව්හු ඒක කෑවෝය. තුන්වන දින පෝල් ස්වෙච්ඡාවෙන් ඉවීමට ඉදිරිපත් විය. ඔහු පැස්ටා සහ සෝස් දෙගුණ කළේය. සති අන්තයටම එය ඇතිවනු ඇතැයි ඔහු කල්පනා කළේය. ඒ රාත්‍රීයේ ඔව්හු කැමට වාඩිවූ විට “මට ස්පැගටි එපා…

වටා පිටාවට එහා

2017 ග්‍රීෂ්ම සෘතුවේදී හාර්වී සුළි කුණාටුව ඇමරිකාවේ ගල්ෆ් වෙරළ අවට ජීවිත සහ වස්තුව විශාල ලෙස විනාශ කළේය. බොහෝ දෙනෙක් ආහාර, ජලය, ඇඳුම් සහ වාසස්ථාන අත්‍යවශ්‍ය අය වෙනුවෙන් සැපයූවෝය.

මේරිලන්තයේ පියානෝ සාප්පුවක අයිතිකරුවෙකුට ඊට වඩා දෙයක් කිරීමට සිත ආවේය. සෑම දෙයක්ම නැතිවූ ජනතාවට සංගීතය විශේෂ ආකාරයක සුවයක් සහ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරන්නේ කෙසේදැයි ඔහු සළකා බැලුවේය. ඒ හෙයින් ඔහුත් ඔහුගේ කණ්ඩායමත්…

ශබ්දය මඟ හැරීම

වසර කිහිපයකට පෙර විශ්ව විද්‍යාලයක පීඨාධිපතිවරියක් තම සිසුන්ට "බලය අඩුකිරීමේ" සන්ධ්‍යාවකට සහභාගී වන්න යයි කීවාය. සිසුන් කැමති වුවද තම දුරකථන පසෙක තබා දේව ගෘහයට ඇතුල් වූයේ අදිමදි කරමිනි. ඊළඟ පැයේදී ඔවුහු නිශ්චලව සංගීතයෙන් සහ යාච්ඤාවෙන් කාලය ගත කළහ. සහභාගී වූ එක් අයෙකු පසුව සඳහන් කළේ ”නිශ්චලවීමට අනර්ඝ අවස්ථාවක්... අනවශ්‍ය ශබ්දය ඉවත් කිරීමේ ස්ථානයක්” කියාය.

සමහර විට වැඩිපුර ශබ්දයෙන් ගැළවීම අසීරුය.…

ගරුත්වය දීම

1960 ගණන් මුල් භාගයේ පුද්ගලයෙකුද සතෙකුද කිව නොහැකි විශාල දුක්බර ඇස් සහිත චිත්‍ර වර්ගයක් ප්‍රසිද්ධියට පත් විය. සමහරු ඒවා එතරම් රසවත් නැති බව සිතුවෝය. තවත් සමහරු එයට ආශා කළෝය. කලා ශිල්පිණියගේ ස්වාමිපුරුෂයා ඒවා ප්‍රචාරය කළේය. යුවල ධනවත් වන්නට පටන්ගත්හ. නමුත් කලාකාරිනියගේ අත්සන වන මාගරට් කීන් යන්න ඇයගේ කෘති වල සටහන් නොවුණි. ඒ වෙනුවට මාගරට්ගේ ස්වාමිපුරුෂයා ඒවා ඔහුගේ බව පෙන්වීය. විවාහය…