දැනුම රිදුම් දෙන විට
සැක් එල්ඩර් සහ ඔහුගේ මිතුරන් ග්‍රෑන්ඞ් කැන්යන් නමැති වැව හරහා දින විසිපහක ඔරු පැදීමෙන් පසු වෙරළට ආපසු පැමිණියහ. ඔවුන්ගේ පාරු ගොඩ ගැනීමට පැමිණි පුද්ගලයා ඔවුන්ට කෝවිඞ්-19 වෛරසය ගැන කීවේය. ඔවුන් සිතුවේ ඔහු විහිළුවක් කරන බවයි. නමුත් ඔවුන් කැනියන් වැවෙන් පිටව යන විට ඔවුන්ගේ දුරකථන ඔවුන්ගේ දෙමාපියන්ගේ හදිසි පණිවිඩ සමඟ නාද විය. සැක් සහ ඔහුගේ මිතුරන් මවිතයට පත් වූහ. නැවත ගඟට…
ඔබ සුවය ලැබූවාක් මෙන් ජීවත් වන්න
ඉන්දියාවේ සහෝදරියන් දෙදෙනෙක් උපතින්ම අන්ධව සිටියහ. ඔවුන්ගේ පියා වෙහෙස මහන්සි වී වැඩ කරන සැපයුම්කරුවෙක් වූ නමුත් ඔවුන්ට පෙනීම ලබා දෙන ශල්‍යකර්මයක් සඳහා ඔහුට කිසි විටෙකත් වියදම් කිරීමට නොහැකි විය. ඉන්පසුව වෛද්‍යවරුන් කණ්ඩායමක් කෙටි කාලීන වෛද්‍ය කඳවුරක් සඳහා ඔවුන්ගේ ප්‍රදේශයට පැමිණියහ. ඔවුන්ගේ ශල්‍යකර්මයෙන් පසු දින උදෑසන හෙදිය ඔවුන්ගේ වෙළුම් පටි ඉවත් කරන විට එම ළමුන් දෙදෙනා සිනාසුණහ. “අම්මේ මට පේනවා, පේනවා!”…
අන් අය සඳහා ආයෝජනය
සංස්ථාවක් විසින් නිෂ්පාදනය කරන එක් ආහාරයක් දහ වතාවක් මිළදී ගන්නා පුද්ගලයෙකුට ගුවනින් සැතපුම් දහසක් යාමට අවස්ථාවක් පිරිනමයි. එක් මනුෂ්‍යයෙක් එම සංස්ථාවේ ලාභම නිෂ්පාදනය තනි චොකලට් පුඩිං කෝප්ප බව වටහා ගත්තේය. ඔහු දොළොස් දහසකට වඩා මිළදී ගත්තේය. මේ සඳහා ඔහු වැය කළ ඇමෙරිකානු ඩොලර් 3,000 සඳහා ඔහුට එම සංස්ථාවෙන් “රන් තත්ත්වය” නමැති සහතිකයක් හිමි වූ අතර ඔහුට සහ ඔහුගේ පවුලේ අයට…
අම්මා මෙන් ආදරෙයි
මහා ආර්ථික බිඳ වැටීම අතරතුර හැදී වැඩීම ගැන ජුවනීටා තම ඥාති පුත්‍රයාට පැවසුවාය. ඇගේ දුප්පත් පවුලට කෑමට තිබුණේ ඇපල් පමණක් සහ ඇගේ පියාට සැපයිය හැකිවූ ඕනෑම දඩ මස් වර්ගයකි. ඔහු රාත්‍රී ආහාරය සඳහා ලේනෙකු රැගෙන එන විට ඇගේ මව පවසන්නේ “මට ඔය ලේන් ඔළුව දෙන්න. මට කන්න ඕනැ එපමණයි. ඒක තමයි හොඳම මස් කෑල්ල” යනුවෙනි. ඇගේ මව එය කෑවේ නැත.…
බොරුවේ පියා
වික්ටර් ටිකෙන් ටික අසභ්‍ය දර්ශනවලට ඇබ්බැහි වුනි. ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් අසභ්‍ය දර්ශන නැරඹූ අතර ඔහුද එයට ගොදුරු වුනි. නමුත් එය කෙතරම් වැරදිද කියා දැන් ඔහුට වැටහේ. ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළේය. එය ඔහුගේ බිරිඳගේ සිත තළා දැමුවේය. නැවත කිසි දිනෙක ඒ දෙස නොබලන බවට ඔහුගේ ජීවිතයට ආරක්‍ෂාවක් තැබීමට ඔහු පොරොන්දු විය. නමුත් එය ප්‍රමාද වැඩිය කියා ඔහුට බියක්…
ආත්මික රෝග නිශ්චය කිරීම
රසායනික චිකිත්සාව (කෙමොතෙරපි) මගින් කරන ලද ප්‍රතිකාර මගේ මාමණ්ඩියගේ අග්නය්‍යාශයේ ගෙඩිය අඩු කළේය. ගෙඩිය නැවත වර්ධනය වන්න පටන් ගත් විට ජීවිතයත් මරණයත් අතර තීරණයක ඔහුව තැබුවේය. ඔහු තම වෛද්‍යවරයාගෙන් ඇසුවේ “මම මේ රසායනික චිකිත්සාව මගින් කරන ප්‍රතිකාරය තවත් ගත යුතුද නැත්නම් වෙනත් fඖෂධයක් හෝ විකීරණ භාවිතා කළ යුතුද?” කියාය.
යුදාහි වැසියන්ටද ඒ හා සමානම ජීවිතය හා මරණය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණි.…
කුඩා සිවලුන්
ගුවන් නියමුවෙකුට ඔහුගේ තේ කෝප්පය රඳවනයට දැමිය නොහැකි වූ නිසා ඔහු එය ගුවන් යානයේ ප්‍රධාන උපකරණයක් මත තැබීය. යානය කැලඹීමකට ලක් වූ විට පානය පාලක පැනලය මත හැලීමෙන් එන්ජිමක් ක්‍රියා විරහිත වුනි. යානය ආපසු හරවා ආරක්‍ෂිතව ගොඩ බස්වන ලද නමුත් මාස දෙකකට පසුව වෙනත් ගුවන් සමාගමක කාර්ය මණ්ඩලයට එය නැවතත් සිදුවූ විට එහි ගැටලුවක් ඇති බව නිෂ්පාදකයාට වැටහුණි. යානය සඳහා…
සියලුම කුඩා හා විශාල සත්වයන්
මිෂෙල් ග්‍රාන්ට් විසින් ටිම්බර් නම් වූ ජලාශ්‍රිත ලොමින් වැසුණු මුගටියෙක් වැනි බීවර් පැටියෙකුට නැවත වනයට යාමට පුහුණු කරන ලදී. ඌව පොකුණක පිහිනීමට ගෙන ගිය විට ඌ නැවත ඇගේ සැහැල්ලු ඔරුව වෙත පැමිණෙන්නේ ඇයට තුරුල්ව නාසයට නාසය ඇතිල්ලීමටය. එක් උදෑසනක ටිම්බර් නැවත පැමිණියේ නැත. අත හැරීමට පෙර මිෂෙල් පැය හයක් පොකුණ ඉතා හොඳින් සෝදිසි කළාය. සති කිහිපයකට පසු ඇය බීවර් හිස්…
ඔබේ ආදරණීයයන්ට ප්‍රේම කරන්න
ඒමොස් අධික ලෙස සමාජශීලි පුද්ගලයෙක් වූ අතර ඩැනී සැකයෙන් යුතුව හුදකලාවේ තනිවූ කෙනෙකි. කෙසේ වෙතත් මෙම අන්තයන් දෙකේවූ දෙදෙනා හොඳම මිතුරෝ වූහ. ඔවුහු දශකයක් සිනහසෙමින් එකට ඉගෙන ගත්හ. දවසක ඔවුන්ගේ නිර්මාණවලට නෝබෙල් ත්‍යාගයක් ලැබෙනු ඇත. නමුත් ඒමොස්ගේ ආත්මාර්ථකාමී ක්‍රියාවලින් වෙහෙසට පත්වූ ඩැනී ඔවුන් තවදුරටත් මිතුරන් නොවන බව ඒමොස්ට පැවසුවේය.
දින තුනකට පසු ඒමොස් භයානක ආරංචියක් සමග කථා කළේය. වෛද්‍යවරු ඔහුගේ…
එසවීම
ගුවන් යානා ප්‍රවාහන නෞකාවක අපගේ සංචාරයේදී ජෙට් ප්‍රහාරක ගුවන් නියමුවෙක් පැහැදිළි කළේ ගුවන් යානා මෙතරම් කෙටි ධාවන පථයකින් ගුවන් ගත වීමට පැයට කිලෝ මීටර් 56 ක සුළඟක් අවශ්‍ය බවයි. මෙම ස්ථාවර සුළඟට ළඟාවීම සඳහා කපිතාන් නැව සුළඟ දෙසට හරවයි. “ගුවන් යානයේ පිටුපසින් සුළං පැමිණිය යුතු නැද්ද?” කියා මම ඇසුවෙමි. නියමුවා පිළිතුරු දෙවින් “නැහැ. ජෙට් යානා සුළඟ තුළට පියාසර කළ යුතුයි.…