ප්‍රවර්ගය  |  Uncategorized

ජේසුස් වහන්සේ ගෙන එන බලාපොරොත්තුව

ශෝකවන පියෙක් විසින් එවන ලද විද්‍යුත් පණිවුඩයකින් එය ආරම්භ විය. විශ්ව විද්‍යාලයේ කණිෂ්ඨයෙක් වූ ඔහුගේ දියණිය මෝටර් රථ අනතුරකින් මිය ගොස් තිබිණි. ඔහුගේ දැවෙන වේදනාව තේරුම් ගන්නා කෙනෙක් ඔහුට අවශ්‍ය විය.

විද්‍යුත් පණිවුඩ තුන් සියයක් පමණ සහ වසර හතරකට පසුව ක්‍රෙග් නම් එම පියා සහ මම මුහුණට මුහුණ හමුවීමි. ඔහුගේ රැකියාව නිසා ඔහු ලඟ නගරයකට පැමිණ සිටියේය. ඒ හෙයින් ඉරිදා…

දෙවියන් වහන්සේ තුළ හරි තෘප්තිය

වසර තිහකට පෙර රැකියා විරහිතයන්ගේ වැඩ මුළුවකට මම සහභාගී වූයෙමි. මට එය අදටත් මතකය. මටත් මා සමඟ රැකියා අහිමිව සිටි හවුල් සේවකයන්ටත් විශ්‍රාම කථාවක් ලියන ලෙසට දන්වන ලදී. ආහ්! අපි රැකියාවන් සොයමින් සිටියෙමු. විශ්‍රාම ගැනීමට තවත් බොහෝ කාලයක් තිබුණි. නමුත් මෙහෙය වන්නිය එම ක්‍රියාකාර කමේ අරමුණ විස්තර කළාය. “ඔබේ කථාව ඔබගේ රැකියාවට වැඩි සම්බන්ධයක් නොතිබිය හැකිය”. ඇය විස්තර කළේ “රැකියාව…

දෙවියන් වහන්සේගේ ආදරණීය ක්‍රියා

මාගේ නගරයේ බෝල් වීදියේ දෙපැත්තෙහි අයිඩියාස් උද්‍යානය සහ ප්‍රාන්ත සිරගෙදර එකිනෙකට මුහුණලා තිබේ. මාගේ මිතුරිය වන ජො-ඈන් මෙම ස්ථාන දෙකටම ආශා කරයි. ඇය උයනේ වාඩිවී දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන කල්පනා කරන්නත් උන් වහන්සේ ඇගේ ජීවිතයේ කර ඇති දේ නිසා ඇයට උන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය ගැන සිතන්නත් ආශා කළාය. එසේම ඇය සිර ගෙදර සිටින කාන්තාවන් සමඟ දෙවියන් වහන්සේ ඇයගේ ජීවිතය…

ක්‍රිස්තුස් වහන්සේ තුළ එක් අයෙක්ව

1967 ජනවාරි මාසයේදී, විනෙකොන් නගරය නිල විස්කොන්සින් ප්‍රාන්ත මාර්ග සිතියමෙන් වැරදීමකින් ඉවත් කර ඇති බව සොයා ගත් අතර, එමඟින් නගරයේ වැදගත් සංචාරක ආදායම අහිමි විය. එබැවින් නගරය විස්කොන්සින් වලින් වෙන් වී එම වසරේ ජූලි 21 වන දින තමන්ගේම ස්වෛරී රාජ්‍යයක් බවට පත්වීමට තීරණය කළේය. වෙන්වීම ප්‍රාන්ත රජය අපහසුතාවයට පත් කිරීමේ පියවරක් බව සමහරු පවසන අතර තවත් සමහරු එය හාස්‍යජනක ක්‍රියාවක්…

දෙවියන් වහන්සේගේ යහපත්කම

“අයියෝ”. මී වද පෙට්ටියක් විවර කර සියලුම මී මැස්සන් මියගොස් ඇති බව දුටු විට මාගේ ප්‍රතිචාරය එය විය. එය හොඳින් වැඩුණු මී පැණි වලින් පිරී ගිය වදයක් විය. මා එය මද ශීත සෘතුවක් තුළත් නඩත්තු කළෙමි. ඉක්මණින් අස්වැන්න ගැනීමට බලාපොරොත්තු වූයෙමි. නමුත් ඌෂ්ණ කාලගුණය තුළ ඇති වූ සීතල අවස්ථාවක එය කඩා වැටුණි.

මම ප්‍රාදේශීය සත්ව පාලන උපදේශකගෙන් ඇසීමි. “බොහෝ මී…

අරගලයෙන් ශක්තිය

පිරිමි ළමයා සහ සමනළයා ගැන කථාව ජෙස් ඇසුවේ ඔහු වයසින් වැඩෙන විටදීය. අරගලයෙන් ශක්තිය ලැබෙන බවට වූ කථාන්දරයේ පාඩම ඔහු වහාම වටහා ගත්තේය. කථාවේ පිරිමි ළමයාට සමනළ කෝෂයක් ලැබේ. නමුත් එය විවෘත නොකරන්න යයි ඔහුට උපදෙස් ලැබුණේය. නමුත් කෝෂය ඔහුගේ අත්වල එහාට මෙහාට දඟලන විට ළමයාට ඉවසාගෙන සිටීමට නොහැකි විය. එම නිසා සමනළයාව නිදහස් කිරීමට දරුවා කතුරක් ගෙන කෝෂය දෙකට…

නම ප්‍රසිද්ධ නැති ස්ත්‍රීන්

විෂබීජ නාශක වලින් මේස පිස දමා ශිලා නැවී භාවිතා කළ ඉවතලන පිඟන් කෝප්ප කුණු බෑගයට දමා ගැට ගැසුවාය. ඇය එය කරේ තබාගෙන සභාවේ රැස්වීම් කාමරය පරීක්‍ෂාකිරීමට ගියාය. ඒ ඊළඟ රැස්වීමට එය සුදානම් කිරීමට ඇය එකඟ වී තිබූ හෙයිනී. ඇයගේ සිතට සිතිවිල්ලක් පැමිණියේය. කවුරුන් හෝ ගණන් ගනීවිද?

අප දේව රාජ්‍යයට දිනපතා කරන සේවාවන් වටින්නේදැයි කල්පනා කිරීම පහසුය. අප පවිත්‍ර කළත්, පත්‍රිකා බෙදුවත්,…

ප්‍රතික්‍ෂේප කළ නොහැකි දෙවියන් වහන්සේගේ බලය

මධ්‍යම කෙන්ටකි පළාතේ ප්‍රවාහන සේවා ස්ථානයක ඔවුන්ගේ මූලස්ථානය අලුත්වැඩියා කළ විට ජනතාව එය දුටුවේ යයි සහතික කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. කුඩා සළකුණක් හෝ දැන්වීමක් වෙනුවට ඔව්හු දැවැන්ත අඩි විසි දෙකක් උස්වූ දැන්වීම් පුවරුවක් ඇතුල් වන ස්ථානයේ තැබූහ. ලෝක වාර්තාවක් වූ එය යන එන කිසිවෙකුට නොපෙනී නොතිබුණේය.

දානියෙල් 6 හි සෙනඟගේ අවධානය නොලැබී නොයන සලකුණක් දෙවියන් වහන්සේ භාවිතා කළ සේක.…

ත්‍යාගශීලීකම අලුත්කිරීම

වෛද්‍ය විද්‍යාලයේ ඇල්බට් අයින්ස්ටයින් ශාලාව පිරී තිබුණි. සිසුහූ අවුරුදු අනූවක් වන රූත් ගොටෙස්මන් කථා කරන විට ඉතා උවමනාවෙන් අසා සිටියහ. ඇය අවසානයේදී පැවසුවේ ඔවුන්ගේ අධ්‍යාපනය නොමිළයේ කර ගෙන යාම සඳහා ඇය ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන බවයි. සිසුහු මුව අයාගෙන ඔල්වරසන් දුන්හ. මෙය වෛද්‍ය විද්‍යාලයකට ලැබුණු වැඩිම පරිත්‍යාගය වන්නේය. එහෙත් පසුව පැවති සම්මුඛ පරීක්‍ෂණ වලදී ඇය පැවසුවේ ත්‍යාගය ලැබූ තැනැත්තා ගොටෙස්මන්…

ගොස් ජේසුස් වහන්සේ ගැන කියන්න

ඇන්ඩීස් කඳුවැටියේ පටු පාරක අපගේ බස් රථය ඉහළින් ඉහළට යන විට මගේ මිතුරෝ සිනහවෙමින් ගී ගැයූහ. මම මගේ ජනේලයෙන් පිටත බැලීමි. අප සහ දකුණු පස ඇති ප්‍රපාතය අතර ආරක්‍ෂිත යකඩ වැටවල් නොමැත. අප ක්‍රම ක්‍රමයෙන් එහි ඉහළටම යන විට මට බියක් සහ කණස්සල්ලක් දැණුනි. අපගේ කෙටි කාලීන මිශනාරී කණ්ඩායම ඉක්වදෝරයේ මෙම පලාතට ආවේ ඇයි කියා මම කල්පනා කළෙමි. එවිට මට…