ක්‍රිස්තුස් වහන්සේ තුළ කණ්ඩායම් උත්සාහය
1869 දී නිව්යෝර්ක්හී බෲක්ලීන් පාලමේ වැඩ ආරම්භ විය. වැඩ ආරම්භ කළ විගසම ප්‍රධාන ඉංජිනේරු වොෂිංටන් රොබ්ලින් ඉතා දරුණු ලෙස රෝගාතුර විය. ඔහුගේ භාර්යාව වන එමිලි උපකාර කිරීමට පියවර ගත්තාය. ඇය ඔහුගේ සැළසුම් අධ්‍යයනය කළාය. නියමයන් සංශෝධනය කළාය. ඔහුගේ සහායකයන්ට උපදෙස් දුන්නාය. ඇයට හැකි සෑම අයුරකින්ම ඇය ඇගේ ස්වාමි පුරුෂයාට උපකාර කළාය. 1883 දී පාලම විවෘත කරන විට ඒ හරහා පළමු…
ජේසුස් වහන්සේ තුළ පැවතීම
“තෘප්තිය සම්පූර්ණ ලෙස වර්ධනය වන්නේ එය නැවත මතක් කරන විටය”. මෙම වචන සී.එස්. ලුවිස්ගේ “නිසල ග්‍රහලෝකයකින් පිටත” යන පොතේ එක් චරිතයක් උච්චාරණය කරයි. ජීවිත අත්දැකීම් මතක් වන විට යමෙකුට ඇතිවන සතුට එය ප්‍රකාශ කරයි. අපි මඟ අසළ දකින මනස්කාන්ත වන දර්ශනයක් හෝ ආදරණියයෙකු සමඟ වැදගත් සිද්ධියක් බෙදා ගන්නා විට හෝ දැනෙන සතුට ආරම්භක සතුට විය හැකිය. බොහෝ විට පසුව එවැනි…
වර්ධනය වීමට යාච්ඤා කිරීම
ඔහුගේ මව් රට වන සිංගප්පූරුවේ සිට ලෑම් වායි චෑන් ජපානයේ සභාවක් පාලනය කිරීමට ගිය අවස්ථාවේ සන්ත්‍රාසයට පත් විය. සභාවේ සිටියේ විසි දෙනෙක් පමණක් විය. “මිෂනාරිවරුන්ගේ සොහොන් පිට්ටනිය” ලෙස හැඳින්වුනු දේශයක ඇත්තේ කිතුනුවන් සියයට එකක් පමණි. බොහෝ සභාවන් හිස්ව තිබුණි. ලෑම්ට දැණුනේ “මම ගිලෙන්න යන නැවක් බාර ගතිමි” වැනි හැඟීමකි. දෙවියන් වහන්සේට මොර ගසන විට “සභාව මට දෙන්න” යන පිළිතුර ඔහුට…
ජේසුස් වහන්සේ අපගේ ආදේශකයාණෝය
එක්සත් ජනපද සිවිල් යුද්ධය (1861-65) අකණ්ඩව ඇදී යන විට කණ්ඩායම් දෙකම තම හමුදා තර කර ගැනීමට සෙබලුන් බලහත්කාරයෙන් බඳවා ගැනීමේ නිතිය වෙත යොමු වූහ. එම නීතියට අනුව බැඳීමෙන් නිදහස් වූ අයෙකු තමන් වෙනුවෙන් යවා ගැළවීමට නීතියෙන් ඉඩක් තිබුණි. බොහෝ විට බඳවාගැනීමට නියමිත වයසින් වැඩි හෝ අඩු අයෙකු බැඳීම භාර ගන්නේය. පැහැර හරින අය විශාල මුදලක් තමන් වෙනුවෙන් බැඳෙන්නාටද රජයටද ගෙවීය.…
මී පැණි වලට වඩා මිහිරි
ජැරට්ගේ මුහුණට සිනහවක් ගෙන ඒමට අවශ්‍ය නම් ඔහුගේ මී මැස්සන් ගැන ඇසිය යුතුය. ඔහු මී මැසි පාලකයෙකි. ඔහුගේ වත්තේ අපගේ රැස්වීම් මීමැස්සන් ගැන නොවූවත් අපගේ සාකච්ඡාවලදී මී මැසි පාලනය ගැන පාඩම් මතුවීම අසාමාන්‍ය නැත. නමුත් මී මැසි කථාවලට වඩා වෙහෙස වී වැඩ කරන ජැරට්ගේ මී මැස්සන් සපයන රන්වන් රසවත් මී පැණි රස බැලීම ඉතා මිහිරිය. ම්ම්! ම්ම්! නියමයි!
ගීතාවලිය 119:103…
එක් ස්ථිර දෙයක්
සීතල පළාත් වල ගස් “දැඩිවීම” යන ක්‍රියාදාමය තුළින් ශීත සෘතුවට සුදානම් වේ. ශෛල අතරින් ජලය පෙරෙන නිසා ඒවා මිදී, ව්‍යාප්ත වී, ගස පුපුරා යන්නේ නැත. ශෛල අතර රැඳෙන ජලය ඉතා පිරිසිදු නිසා අයිස් ඒවාට ඇලෙන්නේ නැත. එහි උෂ්ණත්වය සෘණ හතළිහ දක්වා අඩු වූවත් ගස පුපුරන්නේ නැත. ගස් සෑම වසරකම ඉඟියක් ගන්නේ කෙටිවන දින කැලැන්ඩරයෙනි. ඒවා තම ජීවිත, කාලගුණය කෙරෙහි පිහිටන්නේ…
මාගේ අසල්වැසියා කවරෙක්ද?
වයසක කාන්තාවක් පදික වේදිකාවේ සිහිසුන්ව වැටී සිටියාය. කිහිප දෙනෙක් උදව් කිරීමට නැවතුනහ. කෙනෙක් 1990 ට කථා කළේය. තවත් කෙනෙක් ඇයගේ හිසට යටින් මෘදු ලෙස කබායක් තැබුවේය. තවත් අය ඇයගේ කිහිලි අතර තුවා තැබූ අතර සුව සේවකයන් පැමිණෙන තෙක් කෙනෙක් කුඩයක් අල්ලා ගෙන සිටියේය. එම වීඩියෝව මුදාහළ පුද්ගලයා කීවේ එය සිත් කාවදින බවයි. විවිධ වයස් සහ ජාතීන් වල සෙනඟ නැවතුණහ. කරදරයෙන්…
පියාණන්ගේ විවෘත දෑත්
මේරි ස්ලෙසර්ගේ දයානුකම්පාවේ හදවත අවශ්‍යතා ඇති අයට දෑත් දිගු කිරීමට යොමු විය. ස්කොට්ලන්ත මිෂනාරිවරිය 1848 උපත ලැබූ අතර ඈත දේශයක් වූ ඔකෝයොං ජනතාව අතර සේවය කළාය. මිථ්‍යා විශ්වාස නිසා එම දේශයේ සෙනඟ විශ්වාස කළේ නිවුන්නු උපන්නොත් එක් අයෙක් යහපත් බවත් අනෙකා යක්‍ෂයාගෙන් බවත්ය. මෙයින් සිදුවූයේ සාගින්නට හෝ භයංකාරකම් වලට අත් හැරුණ නිවුන්නු බොහෝ විට මිය යාමයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය හදවත…
දෙවියන් වහන්සේ තුළ මුල් බැස ඇති ඇදහිල්ල
බිතූන් කුක්මන් විශ්ව විද්‍යාලයේ ආරම්භකයා වූ මේරි මැක්ලියොඩ් බිතූන්ගේ, ජීවිතය ගැන වූ ඓතිහාසික නවකථාවක් කියවන විට මම ජ්වලිත වීමි. ඇය තුළ අන් අයට තිබූ සැළකිල්ල සහ අධිෂ්ඨානය නිසා ඇය ගැන වඩ වඩා කියවීමට මම පෙළඹුණෙමි. එක් වාර්තාකට අනුව 1900 මුල් ගණන් වලදී ඇය තරුණ කලු ඇමරිකානු කාන්තාවන් සඳහා වූ ඇගේ පාසැල් ගොඩනැගිලි ගැන ධනවත් ව්‍යාපාරිකයෙක්ට විස්තර කළාය. නමුත් ඔහු එය…
බැබළෙන මුහුණු
අපගේ බල්ලාව වාර්ෂික පරීක්‍ෂණයට භාජනය කරන අවස්ථාවේදී “ඔහුට තියෙන්නේ පැණි මුහුණක්” යනුවෙන් අපගේ පශු වෛද්‍යවරිය පැවසුවාය. “පැණි මුහුණක්?” මම ඇසුවෙමි. “ඒ රිට්‍රීව වර්ගයේ බල්ලන්ට භාවිතා කරන නමක්. ඒ උන්ගේ මුහුණු කාලයට පෙර සුදුවන නිසාය” කියා ඇය සිනහසෙමින් පැවසුවාය. “ඒ අභ්‍යන්තර මිහිරිභාවයේ ලකුණකි” ඇය කීවාය.
ඒ මොහොත ගැන ආවර්ජනය කරමින් පසුව මා කල්පනා කළේ අන් අය මා දෙස බලන විට ඔවුන්ට…