ආශීර්වාදයක් වීම
ජනප්‍රිය පාසැල් දෙකක ඊගල්ස් සහ පයනියර්ස් නම්වූ පාපන්දු කණ්ඩායම් දෙක අතර දීර්ඝ කාලයක් පුරා උණුසුම් තරඟ පැවති අතර ඊගල්ස් කණ්ඩායම ගෝලයක් ගැසුවේය. බෝලය දැල තුළට ගිය නමුත් දැලේ තිබු හිඩසකින් බෝලය පිටතට ගියේය. විනිසකරු බෝලය දැල තුළට යනවා නුදුටුවේය. නමුත් බෝලය පිටත තිබෙනවා දුටු ඔහු එය ගෝලයක් නොවන බවට සළකුණු කළේය. පයනියර්ස් පුහුණුකරු ගෝලය දුටු නමුත් ඔහුට නිශ්ශබ්දව සිටින්න පුළුවන්…
දෙවියන් වහන්සේ සෑම තැනම සිටින සේක
වොෂිංටන් ඩි.සී. නගරයෙහි එන්ෆන්ට් ප්ලාසා දුම්රිය ස්ථානය අසළ නිහතමානී වයිලින් වාදකයෙක් වයිලීනය වාදනය කරමින් සිටියේය. ඔහු බේස්බෝල තොප්පියක් සහ ටී-ෂර්ට් එකක් පැළඳ සිටියේය. ඔහු වයිලීනයේ තත් මත බෝව එහේ මෙහේ කරන විට ඉමිහිරි නාද පිටවූයේය. නමුත් මගීන් ඔහු පසුකර ගියේ කිසිම තැකීමක් නොකරය. ඔහු සම්පූර්ණ සංගීත වැඩ සටහනක් වාදනය කළ අතර සවන් දීමට නැවතුණේ අතලොස්සක් සෙනඟය. ඔවුන් පසුකර යන්නේ ඊට…
ආත්මික පෙළපත
වසර කිහිපයකට පෙර මම පෙළපත් පරීක්ෂණයට පෙනී සිටි පසු මගේ මුතුන් මිත්තන් ගැන මට කුතුහලයක් ඇති වුනි. දැනට ජීවතුන් අතර නැති මගේ පියාගේ සහ මාගේ මවගේ පාර්ශවයෙන් ඥාතීන් කිහිප දෙනෙක් ගැන කථා ඇසීමට ලැබීම ගැන මම කෘතඥ වෙමි. මාගේ මුතුන් මිත්තන් ගැන ඇසීම මාගේ පවුලේ මුල් සමඟ සම්බන්ධ වීමට මට අවස්ථාව ලබා දෙයි. එසේම ඔවුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමටද මට…
දෙවියන් වහන්සේගේ හදවතින් දැකීම
චැන්ටෙල්ගේ දහතුන් වන උපන් දිනය සැමරීමේ ප්‍රීතිමත් පැය කිහිපයට පසුව ඇයගේ නිසල ගම්මානයේ සාමාකාමී සැඳෑව වෙඩි ශබ්ද වලින් බිඳී ගියේය. ඔවුන්ගේ මවගේ අණට කීකරුවෙමින් චැන්ටෙල් සහ ඇයගේ සහෝදර සහෝදරියන් කැළයට දිව ගියහ. අභය භූමියක් වූ ගසක් යට ගුලි ගැසී ඔව්හු රාත්‍රිය ගත කළහ. “උදයේ හිරු උදා විය. නමුත් අපගේ දෙමම්පියෝ පැමිණියේ නැත” යනුවෙන් චැන්ටෙල් ආවර්ජනය කරයි. ඇයත් ඇයගේ සහෝදර සහෝදරියනුත්…
අවශ්‍යතාවය පෝෂණය කරන්න
ඇලබාමා බෲටන්හි ලීසා සහ ෆ්‍රෙඩීට ආපන ශාලාවක් අයත්ව තිබුණේය. පෝලිමේ සිටින සැමට ඔව්හු නොමිළයේ උණු උණු ආහාර වේලක් සපයති. මෙම යුවළ බොහෝ විට ආහාර වේලක් නොලබා සහ කලාතුරකින් ආපනශාලා අත්දැකීමක් භුක්ති විඳින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙනසක් ඇති කිරීමට ඔවුන්ගේ ඉතුරුම් ආයෝජනය කර තිබේ. ආධාර පෙට්ටියක් දීමනා ලබා ගනියි. “සමහර විට කිසිවක් එහි නැති බව අපි දකින්නෙමු. සමහර විට ස්තුති කිරීමේ…
ක්‍රිස්තුස් වහන්සේ දෙසම නෙත් යොමා
ඇන්ඩෘගේ පුත්‍රයාට පාපැදිය පැදවීමට ඉගැන්වීම කලකිරීම ගෙන එන බව ඔහුට වැටහුණි. පස් හැවිරිදි පුත්‍රයා එක් පැත්තකට බරවී කිහිප වාරයක් ඇද වැටුණි. එසේ සිදු වන්නේ පුත්‍රයා එක් පැත්තක් දෙසම බලන බව තේරුම් ගත් ඔහුට අදහසක් ආවේය. “අර කණුව පේනවාද?” ඔහු තම පුතාගෙන් ඇසුවේය. “ඔබගේ ඇස් ඒ දෙසම යොමා ගෙන පදින්න”. පුත්‍රයා එසේම කළේය. මෙවර ඔහු නොනැවතී පැද්දේය.
එම සිද්ධිය ඇන්ඩෘටද පාඩමක්…
දෙවියන් වහන්සේගේ මහිමයේ ඡායා
ඕස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පී ක්‍රිස්ටියන් ස්පෙන්සර් බ්‍රසීලයේ ඉටලියා ජාතික උද්‍යානයේ ඡායාරූප ගනිමින් වසර විස්සක් ගත කර තිබුණි. ඔහුගේ ඡායාරූප කරණයේ විශ්මිත කාරණයක් වූයේ පැණිකුරුල්ලෙකුගේ තටු අතරින් විහිදෙන හිරු එළියේ ප්‍රතිඵල ගැනීමය. ඒ, පක්ෂීන් දිළිසෙන හිරු සහ ඔහුගේ කැමරා කාචය තුළින් පියාසර කරන විට දේදුනු වර්ණවලින් සැසඳුණු ප්‍රිස්මයක් සෑදෙන බවය. අනෙක් ඡායාරූප ශිල්පීන්ද පැණිකුරුල්ලන් හැර වෙනත් කුරුල්ලන්ගේද එවැනි දෙයක් පිළිඹිබු වන බව…
දෙවියන් වහන්සේ පොරොන්දු තබනු ඇත
එක්සත් ජනපදය පුරා සිටින ධනවත් දානපතීන්, සිසුන් ජ්වලිත වන පොරොන්දුවක් ලබා දුන්හ. ඒ සිසුන් වසර දහතුනක් පුරා හොඳ ලකුණු ලබා ගත හොත් ඔවුන්ගේ ප්‍රාන්තයේ ප්‍රසිද්ධ විද්‍යාලයකට හෝ විශ්ව විද්‍යාලයකට වසර හතරක් ගාස්තු ගෙවන බවටයි. මෙය සිසුන් දිරිමත් කළ බවට සමහර නගරවල සංඛ්‍යා ලේඛණ පෙන්නුම් කළ අතර ධනවත් සහ දුගී සිසුන් මෙම පුවත ඇසූ කෙණෙහිම හොඳින් වැඩ කටයුතු කිරීමට ආරම්භ කර…
ජේසුස් වහන්සේ අපව මුදා ගත් සේක
දක්ෂීණ ධ්රවයේ ඇමන්ඩසන් ස්කොට් නම් මුරපළේ සේවයේ යෙදී සිටි සේවකයන් දෙදෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ඉක්මණින් අවශ්‍ය විය. එක් අයෙක්ට හෘදයාබාධයක් සෑදී තිබූ අතර අනෙකාට ජීවිත තර්ජනයක් වූ තරමට ගැස්ට්‍රික් ගැටළුවක් තිබුණි. ඔවුන් ගළවා ගැනීමට තිබූ එකම ක්‍රමය වූයේ ගළවා ගැනීමේ දූතනයක්ය. දරුණු තත්ත්වයන් සහ අඳුරද සෙල්සියස් අංශක සෘණ 75 (ෆැරන්හයිට් අංශක 103) සහිත පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා තිබුණු කාලගුණයද නිසා සාමාන්‍යයෙන්…
අන් අයට ඉඩ සළසා දීම
සෑම වසරකම මගේ පවුලේ අය බිත්ති දින දර්ශනයක් සැළසුම් කරති. නමුත් දැන් දැන් එය ඉඩ නැති තත්ත්වයකට පත්ව ඇත. සෑම මාසයක්ම අපි කැමතිම ඡායරූප ඇලවීමෙන් සහ වැදගත් දිනයන් සළකුණු කිරීමෙන් අපි එය හැඩ කරන්නෙමු. අපේ පවුල අලුත් සාමාජිකයන් සහ දරුවන් පිළිගන්නා විට අපි ඡායාරූප එක එක ළඟින් තබන්න උත්සාහ කරන්නේ සෑම කෙනෙක්ම ඇතුළත් වන බව සහතික කරමිනි. දැන් අපට බෙදා…