ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේ කැමතිව ප්‍රේම කළ

මුහුණු පොතේ එසවුනු කුඩා මහපටැඟිලි සළකුණ එනම් “ලයික්ස්” (කැමතියි) සැමදා අප සමග තිබුණු බවට හැඟේ. නමුත් මෙම තහවුරු කිරීමේ සංකේතය ආරම්භ වූයේ 2009 වසරේ පමණය. මෙම සංකේතයේ සැළසුම්කරු වන ජස්ටින් රොසෙන්ස්ටයින් කීවේ ඔහුට අවශ්‍ය වූයේ එකිනෙකා පාගා දැමීම වෙනුවට එකිනෙකාව ඔසවා තබන ලෝකයක් ඇති කිරීමටය. නමුත් රොසෙන්ස්ටයින්ගේ වැළපීම ආරම්භ වූයේ ඔහුගේ සොයා ගැනීම භාවිතා කරන්නන් අයහපත් ලෙස සමාජ මාධ්‍යයට ඇබ්බැහිවීම…

පිපාසිතයි. ස්තුතිවන්තයි

ග්‍රෑන්ඩ් කැනියන් තැනිතලාව හරහා චාරිකා කිරීමට පෙර මිතුරන් දෙදෙනාත් මාත් අවශ්‍ය ලැයිස්තුව පරීක්‍ෂා කරමින් සිටියෙමු. ජලය ඉක්මණින් අවසන් වන බැවින් අපගේ ගමන ආරම්භයේදීම ජලය ප්‍රමාණවත් දැයි අපි කල්පනා කළෙමු. සීමාවට ළඟා වීමට සෑහෙන දුරක් ඉතිරිව තියෙද්දීම ජලය සම්පූර්ණයෙන්ම අවසන් වුනි. හති දමමින් සහ යාච්ඤාවෙන් යුතුව අපි ගමන ගියෙමු. අප වංගුවකින් යන විට දැනටමත් අපි හාස්කමක් යයි සිතන යමක් සිදු විය.…

ක්‍රිස්තුස්වහන්සේගෙන් පවිත්‍රව

මගේ ප්‍රථම කෙටි කාලීන දූතන ගමන වූයේ ගඟක් අසළ සභාවක් ගොඩනැගීම සඳහා බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට යාමය. එක් දිවා කාලයක එම ප්‍රදේශයේ ජල පෙරනයක් තිබූ නිවෙස් වලින් එකකට අපි ගියෙමු. අපව පිළිගත් අය බොරපාට ළිං ජලය පෙරනයට වත් කළ පසු විනාඩි කිහිපයකින් පිරිසිදු පැහැදිළි පානීය ජලය මතු විය. එහිදී එම මනුෂ්‍යයාගේ කාමරය තුළදීම ක්‍රිස්තුස්වහන්සේගෙන් පවිත්‍ර වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න…

ත්‍යාගශීලිව දීම සහ බෙදා ගැනීම

මගේ භාර්යාව සහ මම උසස් අධ්‍යාපනය අවසන් කළ පසු ඩොලර් දහස් ගණනක ණයක් අපට තිබූ අතර අපට එය අඩු පොලී සහිතව ගෙවා දැමීමට අවශ්‍ය විය. ණයක් සඳහා අපි නගරයේ බැංකුවකට අයදුම් කළ නමුත් අප එම නගරයේ වැඩි කාලයක් පදිංචි වී හෝ රැකියාවක් හෝ කර නොමැති නිසා අයදුම්පත ප්‍රතික්ෂේප වුනි. දින කිහිපයකට පසු අප සභාවේ වැඩිමහල්ලෙක් වන මිං සමග සිදුවූ සියල්ල…

කැළැල් සහිත තත්ත්වයක සිට ශුද්ධවූ තත්ත්වයකට

ළමා කාලයේදී මාගේ දියණිය දිවා ආහාර වෙලාවේදී චීස් සමග සෙල්ලම් කිරීමට පුරුදුව සිටියාය. ඇය එහි කහ පැහැති ඇලවෙන සුලු චතුරස්‍රය වෙස් මුහුණක් ලෙසින් මුහුණේ අලවා ගෙන “අම්මා බලන්න” යයි කියද්දී ඇගේ දිලිසෙන කොළපාට දෑස් චීස් කැබැල්ලේ හිල් වලින් බැබළෙන්නේය. තරුණ මවක් ලෙස අවංකව ඉදිරිපත් කරන ලද ප්‍රේමයෙන් පූර්ණ වූ නමුත් අසම්පූර්ණවූ මගේ උත්සාහය ගැන හැඟීම් මෙම චීස් වෙස් මුහුණ සංක්‍ෂිප්ත…

පීසා තුළින් දයාව

සභාවේ නායකයෙක් වන හැරල්ඩ් සහ ඔහුගේ භාර්යාව වන පෑම් මට දුන් රාත්‍රී ආහාරය සඳහා වූ ආරාධනා පත්‍රයෙන් මාගේ සිත උණුසුම් වූවාක් මෙන්ම සසලද වුනි. බයිබලයේ සමහර ඉගැන්වීම් වලට පරස්පර වූ අදහස් උගන්වන විද්‍යාලයේ බයිබල් අධ්‍යයන කණ්ඩායමකට මම එක් වී සිටියෙමි. ඔවුන් මට ඒ ගැන දේශනා දෙයිද?

පීසා කන අතර ඔවුන්ගේ පවුල්වල විස්තර බෙදා ගත් අතර මගේ පවුලේ විස්තරද ඇසූහ. ගෙදර…

වචන අපගේ හදවත් පරාවර්තනය කරයි

ඔබ දූෂ්‍ය කථාව අවසන් කරන්නේ කෙසේද? උසස් විදුහලක් “දූෂ්‍ය කථාව නැත” යනුවෙන් ප්‍රතිඥාවක් ලබා ගැනීමට තීරණය කළේය. “අපගේ පාසැලේ බිත්ති සහ දේපළ තුළ මම කිසිම ආකාරයේ දූෂ්‍ය වචන පාවිච්චි නොකරන බවට මෙයින් ප්‍රතිඥා දෙමි” කියා සිසුන් ප්‍රකාශ කරති. මෙය උදාර උත්සාහයකි. නමුත් යේසුස්වහන්සේට අනුව පිටස්තර නීතියකට හෝ ප්‍රතිඥාවකට දූෂ්‍ය කථාවේ දුගඳ වසාලිය නොහැක.

අපගේ මුඛයෙන් නිකුත් වන වචන වල දුර්ගන්ධය…

වැඩිහිටියෙක්ගෙන් උපදෙසක්

විශ්ව විද්‍යාලයේ ආරම්භක දේශනය කරමින් හොඳම අලෙවියක් ඇති “නිව් යෝර්ක් ටයිම්ස්” සඟරාවේ ලේඛක ජෝර්ජ් සෝන්ඩර්ස් ඇසුවේ “මම දුක්වන්නේ කුමක් ගැනද?” යන ප්‍රශ්නයය. ජීවිතයේ තමන් ලැබූ දුක් අවස්ථාවන් එකක් හෝ දෙකක් බෙදා ගත් වැඩිහිටි අයෙක්ගේ (සෝන්ඩර්ස්) අදහස වූයේ ඔහුගේ උදාහරණ තුළින් තරුණ උපාධිධාරීන් යමක් ඉගෙන ගනිීවි යන්නයි. දුප්පත් වීම සහ අසීරු රැකියා කිරීම වැනි ඔහු දුක් වෙනවා කියා ජනතාව සිතන අවස්ථාවන්…

කලින් සූදානමක් නොමැති ප්‍රශංසා

කෙටි කාලීන දූත මෙහෙවරකට ඉතියෝපියාවට ගිය විට අපගේ කණ්ඩායම දේශීය කණ්ඩායමක් සමග එක්වී අසීරු කාලයක් තුළින් යන තරුණ කණ්ඩායමකට ශුභාරංචිය කීමට ගියෙමු. ඔවුහු ඇත්තෙන්ම කුණු මධ්‍යයෙහි වූ කූඩාරම් වල ජීවත් වූ අය වූහ. ඔවුන් හමුවීම මහත් ප්‍රීතියක් වූයේය. අපි එක්ව සාක්‍ෂිද දිරිමත් වචන සහ යාච්ඤාද බෙදා ගත්තෙමු. එදින මා කැමතිම මොහොතක් වූයේ දේශීය කණ්ඩායම් සාමාජිකයෙක් ගිටාරය වාදනය කරන අතර අප…

කාලය පැමිණි විට

මගේ මිතුරන් වන ඇල් සහ කැතී ෂිෆර් තමන් සතු 2 වන ලෝක යුද්ධ කාලයේ භාවිතා කරන ලද ගුවන් යානය ගුවන් සංදර්ශන සඳහා ගෙන ගිය විට ඔවුන් වඩාත් සතුටු වූයේ වැඩිමහල් යුධ විරුවන්ගේ ප්‍රතිචාර වලිනි. ඔවුන් පැමිණෙන්නේ ඔවුන් සේවය කළ යුද්ධ සහ ඔවුන් පියාසර කළ ගුවන් යානා ගැන කථා කිරීමටය. බොහෝ යුද්ධ කථා කියැවෙන්නේ කඳුළු පිරි දෑස් වලින් යුතුවය. ඔවුන් තම…