ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ අලුත් ස්වභාවය
අපගේ නිල් පැහැති පයින් ගසින් ගැටද ඉඳිකටු වැනි කෙඳිද වැටෙන්න විය. කෘෂිකර්ම නිලධාරියා එක වරක් පමණක් බලා ප්‍රශ්නය තේරුම් කළේය. “එය සාමාන්‍යයෙන් පයින් ගසක්”. මම ඊට වඩා හොඳ විස්තරයක් හෝ ප්‍රතිකර්මයක් බලාපොරොත්තු වුනෙමි. නමුත් කෘෂිකර්ම නිලධාරියා පැකිළෙමින් කීවේ “එය සාමාන්‍යයෙන් පයින් ගසක්” කියාය. ස්වභාවයෙන්ම ගස ඉඳිකටු වැනි කෙඳි හෙළනු ලබයි. එයට වෙනස් විය නොහැකිය.
ස්තුතිවන්ත විය හැකි කරුණ නම් අපගේ…
දෙවියන්වහන්සේගේ අභිමුඛය
මොනික් පොර බදමින් සිටියාය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වූ මිතුරෝ ඇයට සිටියහ. එසේම ඔවුන් ජීවිත ප්‍රශ්න විසඳාගන්නා ආකාරයට ඇය ගරු කළාය. ඇය සුළු වශයෙන් ඔවුන්ට ඊර්ෂ්‍යයා කළාය. නමුත් ඔවුන් ජීවත් වූ ආකාරයට තමන්ට ජීවත් වන්නට පුළුවන් වේ යැයි ඇය නොසිතුවාය. ඇය සිතුවේ ත්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල යනු නීති අනුව යාමක් කියාය. අවසානයේදී එක් මිතුරු සිසුවියක් දෙවියන්වහන්සේ සිටින්නේ ඇගේ ජීවිතය අවුල් කිරීමට නොවන…
දෙවියන්වහන්සේගේ හස්තයෙහි
දත් හාරනු ලබන උපකරණයට පස් හැවිරිදි සාරා බිය වූවාය. ඇය දන්ත වෛද්‍යවරයාගේ පුටුවෙන් පැන නැවත එහි යාම ප්‍රතික්‍ෂේප කළාය. තේරුම් ගත් ආකාරයට හිස වනමින් “තාත්තා පුටුවට නගින්න” කියා දන්ත වෛද්‍යවරයා ඇගේ පියාට කීවේය. එය කෙතරම් පහසුදැයි දියණියට පෙන්වා දීම වෛද්‍යවරයාගේ අරමුණ යයි ජේසන් කල්පනා කළේය. ඉන්පසුව දන්ත වෛද්‍යවරයා දියණිය දෙසට හැරී “දැන් පුටුවට නැග තාත්තාගේ ඇකයේ වාඩි වෙන්න” කියා දැරියට…
දෙවියන්වහන්ස, මට ඔබව ඇහෙනවා!
ඔහුගේ පළමු ශ්‍රවණාධාර උපකරණය වෛද්‍යවරු ඇතුල් කරද්දී ළදරු ග්‍රැහැම් ඔහුගේ මවගේ ඇකයේ දඟලමින් සහ හඬමින් සිටියේය. වෛද්‍යවරයා උපකරණය ක්‍රියාත්මක කළ මොහොතේදීම ග්‍රැහැම් හැඬීම නැවැත්වීය. ඔහුගේ ඇස් පුළුල් විය. ඔහු සිනහසුණේය. ඔහු සනසන, ඔහුව දිරිගන්වන සහ ඔහුගේ නම කියා කථා කරන ඔහුගේ මවගේ හඬ ග්‍රැහැම්ට ඇසුණි.
ළදරු ග්‍රැහැම්ට ඔහුගේ මව කථා කරනවා ඇසුණේය. නමුත් ඇගේ කටහඬ හඳුනා ගෙන ඇගේ වචන වල…
ගීතාවලිය 72 හි නායකයෝ
2022 ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය අගමැතිට ඉවත් වීමට බල කෙරුණේ ඔහුගේ අවංකභාවයේ තිබූ අඩු පාඩු නිසාය. (ඊට මාස කිහිපයකට පසුව අලුතෙන් පත් කරන ලද අගමැතිවරයාද ඉවත් වුනි). මෙම සිදුවීම ඉස්මතු වූයේ රටේ සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ වාර්ෂික යාච්ඤා රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී තම ප්‍රසිද්ධ ජීවිතයේ අවංක බාවය ගැන හැඟීමක් ඇතිවී ඉල්ලා අස්වීම හේතුවෙනි. අනෙක් ඇමතිවරුද ඉල්ලා අස්වීම නිසා තමාටත් ඉල්ලා අස්වෙන්න සිදුවන…
යේසුස්වහන්සේ තුළ එකට හමුවීම
මගේ ජීවිතයේ වූ අසීරු සිදුවීම් නිසා හදවත ඇතුලාන්තයේ සහ ආත්මිකව වේදනාවකින් සහ පොර බැදීමකින් දිගු කාලයක් ගත කළ හෙයින් මට පහසුවෙන් සභාවෙන් ඉවත්වීමට හැකියාව තිබුණි. (සමහර විට කරදර වන්නේ ඇයි කියා මම කල්පනා කළෙමි). නමුත් සෑම ඉරු දිනකම සභාවට යාමට මම පෙළඹුණෙමි.
මගේ තත්ත්වය තවත් වසර ගණනාවක් එසේම තිබුණු අතර සභාවේ අනෙකුත් ඇදහිලිවතුන් සමග යාච්ඤා රැස්වීම් සහ බයිබල් අධ්‍යයනයන්ට සහභාගී…
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අද නැගිටුණු සේක
චාර්ල්ස් සිමියොන් එංගලන්තයේ කේම්බ්‍රිජ්හී විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට පෙර ඔහු අශ්වයන්ට සහ ඇඳුම් වලට බොහෝ සෙයින් ආශා කළ අතර වසරකට විශාල මුදලක් ඇඳුම්වලට වැය කළේය. නමුත් නියත වශයෙන්ම රාත්‍රී භෝජනයන්ට සහභාගී වීම විශ්ව විද්‍යාලයේ ඔහු කළ යුතු වූ බැවින් ඔහුගේ ඇදහිල්ල ගවේෂණය කිරීමට ඔහු පටන් ගත්තේය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලීවාවූ පොත් කියවීමෙන් පසු පාස්කු දිනයේදී ඔහු මනහර වෙනසක් අත්දුටුවේය. 1779…
ක්‍රිස්තුස්වහන්සේගේ දුක් ප්‍රාප්තිය
ජිම් කැවියසෙල් විසින් “පැෂන් ඔෆ් ක්‍රයිස්ට්” චිත්‍රපටියේ යේසුස් මෙන් රඟපෑමට ප්‍රථමයෙන් එහි අධ්‍යක්‍ෂක මෙල් ගිබ්සන් ඔහුට අවවාද කළේ එය ඉතා අසීරු විය හැකි බවත් හොලිවුඩ්හී ඔහුගේ වෘත්තියට එය සෘණාත්මක බලපෑමක් කළ හැකි බවත්ය. කෙසේ වෙතත් “එය අපහසු වූවත් අප එය කළ යුතුය” කියා කියමින් කැවියසෙල් එම භූමිකාව භාර ගත්තේය.
චිත්‍රපටිය රූගත කරද්දී ඔහුට අකුණු සැර වැදුණි. රාත්තල් හතලිස් පහකින් බර…
යේසුස්වහන්සේ අපගේ ආදේශකයයි
ඉතා ධනවත් විසි හැවිරිදි තරුණයෙක් ඔහුගේ මිතුරන් සමග වාහන තරඟයකදී පාරේ ගමන් කරමින් සිටි මගියෙක්ව මරා දැමුවේය. තරුණයා වසර තුනක සිර දඬුවමක් ලැබුවත් සමහරුන් විශ්වාස කළේ උසාවියේ පෙනී සිටි මනුෂ්‍යයා (සහ පසුව සිර දඬුවම් ලැබූ තැනැත්තා) අපරාධය කළ රියැදුරා වෙනුවට ඉදිරිපත් කළ කුලියට ගත් අයෙක් බවයි. තම අපරාධ වලට වන්දි ගෙවීමට වෙනත් අය කුලියට ගැනීම සමහර රටවල සිදුවන බව දන්නා…
ප්‍රේම කිරීමට අලුත් ආඥාවක්
දහතුන් වන සියවසේ මුලදී ආරම්භ වූ චාරිත්‍රයක් ලෙස එක්සත් රාජධානියේ රාජකීය පවුලේ සාමාජිකයන් විසින් මහ සිකුරාදාට පෙර දින එනම් මහා බ්‍රහස්පතින්දා දිනයේදී අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන ජනතාවට ත්‍යාග ලබා දුන්හ. එම ක්‍රියාව පදනම් වී ඇත්තේ “මොන්ඩි” යන ඉංග්‍රිසි වචනයේ ලතින් වචනය වන “මැන්ඩාටම්” යන්නෙනි. එහි තේරුම වන්නේ ආඥාවයි. මේ ආඥාව සමරන්නේ යේසුස්වහන්සේ තම මිතුරන්ට උන්වහන්සේ මිය යාමට පෙර දිනයෙහි දුන් අලුත් ආඥාව…