Archives: සැප්තැම්බර් 2018

බොහෝ අලංකාර දේවල්

මිෂනාරිවරියක් සහ චිත්‍රශිල්පිනියක් වූ ලිලියස් ට්‍රොටර් මිය යෑමට මොහොතකට පෙර ජනේලයකින් පිටත බැලුවාය. ඇය ස්වර්ගීය රථයක දර්ශනයක් දුටුවාය. ඇයගේ ජීවිත කථාව ලියූ කතෘට අනුව මිතුරෙකු ඇයගෙන් අසා ඇත්තේ "ඔබ බොහෝ අලංකාර දේවල් දකිනවාද?" කියාය. ඇය පිළිතුරු දුන්නේ "ඔව් බොහෝ අලංකාර දේවල්" යනුවෙනි.

ට්‍රොටර්ගේ අවසන් වදන් පිළිබිඹු කරන්නේ ඇයගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ කාර්යයි. මරණයේදී පමණක් නොව ජීවිතයෙහි පවා උන්වහන්සේ ඇයටද ඇය තුළින්…

දෙවියන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීම

"අපි යන්නේ මෙහෙන්" මාගේ පුත්‍රයාගේ උරහිසට අත තබමින් මම කීවෙමි. ඒ සෙනග අතර අප ඉදිරියෙන් යමින් සිටි ඔහුගේ මව සහ සහෝදරියන් අනුගමණය කිරීම පිණිසය. අප ගිය විනෝද උද්‍යානයේදී මෙය බොහෝ වාරයක් කිරීමට සිදුවුනි. ඔහු වෙහෙසව සිටියේය. ඉක්මණින් ඔහුගේ අවධානය වෙනත් පැති වලට යොමු විය.
"ඇයි ඔහුට ඔවුන් පස්සේ යන්න බැරි?" මම කල්පනා කළෙමි.

එවිට මාගේ සිතට යමක් තදින් කා වැදුණි. "ඒ…

ඔබගේ සහෝදරයාට ඇහුම්කන් දීම

"මම ඔබේ සහෝදරයා. ඔබ මට ඇහුම්කන් දෙන්න ඕනෑ". මෙම ඇවිටිල්ල අපගේ අසල්වැසි වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිටවිය. ඊට හේතුව ඔහුගේ මල්ලී වැඩිමහල් සහෝදරයාට පාලනය කර ගැනිමට නොහැකි දුරකට යමින් සිටි නිසාය. පැහැදිළිවම වැඩිමහල් සහෝදරයා ඒ අවස්ථාවේදී තත්ත්වය තීන්දු කිරීමට, වඩා හොඳ තැනැත්තාව සිටියේය.

සහෝදරයෙකුගේ හෝ සහෝදරියෙකුගේ හෝ අවවාද අප කී දෙනෙක් මග හැර ඇද්ද? ඔබට වඩා මුහුකුරා ගිය කෙනෙකුගේ අවවාද මග හැරීමට…

දිරිමත් කරන්නන්ගේ ආශිර්වාදය

2010 නිපදවුනු "රජුගේ කථාව" (The King’s Speech) යන චිත‍්‍රපටය එංගලන්තයේ 6 වන ජෝර්ජ් පිළිබඳව කියයි. ඔහු රජ බවට පත්වූයේ ඔහුගේ සහෝදරයා හදිසියේ රජකම අත්හැර දැමු විටය. ලෝකය දෙවන ලෝක යුද්ධය අභිමුවේ සිටියේය. රජයේ නිලධාරීන්ට අවශ්‍ය වූයේ හොඳ කථිකයෙකි. ඊට හේතුව ගුවන් විදුලියෙන් එකල කළ බලපෑමය. නමුත් 6 වන ජෝර්ජ්ට ගොත ගැසීමේ ගැටළුවක් තිබුණි.

ජෝර්ජ්ගේ භාර්යාව වන එලිසබෙත්ගේ භූමිකාව මා සිත්…

බලාපොරොත්තුවක් නැති මාර්ග

1986 දී පස් හැවිරිදි ලෙවන් මෙරිට් එංගලන්ත්යේ ජර්සි සත්වෝද්‍යානයෙහි ගෝරිල්ලන් සිටි කූඩුවකට අඩි 20 ක් ඉහළකින් වැටුණේය. දෙමාපියන් සහ නරඹන්නන් උපකාර ඉල්ලා කෑ ගසන විට උස මහතින් යුතු ජම්බෝ නැමැති පිරිමි ගෝරිල්ලා අනික් ගෝරිල්ලන් සහ සිහිසුන්ව සිටි දරුවා අතරින් සිට ගත්තේය. ඊළඟට ඔහු දරුවාගේ පිට මෘදු ලෙස අත ගෑවේය. ලෙවන් හඩන්න පටන් ගත් කල්හි ඔහු අනික් ගෝරිල්ලන් ඔවුන්ගේ කූඩුවලට යැවීය.…