2010 නිපදවුනු “රජුගේ කථාව” (The King’s Speech) යන චිත‍්‍රපටය එංගලන්තයේ 6 වන ජෝර්ජ් පිළිබඳව කියයි. ඔහු රජ බවට පත්වූයේ ඔහුගේ සහෝදරයා හදිසියේ රජකම අත්හැර දැමු විටය. ලෝකය දෙවන ලෝක යුද්ධය අභිමුවේ සිටියේය. රජයේ නිලධාරීන්ට අවශ්‍ය වූයේ හොඳ කථිකයෙකි. ඊට හේතුව ගුවන් විදුලියෙන් එකල කළ බලපෑමය. නමුත් 6 වන ජෝර්ජ්ට ගොත ගැසීමේ ගැටළුවක් තිබුණි.

ජෝර්ජ්ගේ භාර්යාව වන එලිසබෙත්ගේ භූමිකාව මා සිත් ගත්තේය. ඇය ඔහුගේ අරගලය එනම් කථා කිරීමේ අසීරුතාවයෙහිදී ඔහුට උදව් කළාය. ඔහුව දිරිමත් කිරීමේ අඛණ්ඩ මූලාශ්‍රය ඇයයි. ඇයගේ නොසැලෙන කැපවීම නිසා ඔහුට අවශ්‍ය සහයෝගය ලැබුණි. ඒ හෙයින් එම අභියෝග ජය ගෙන යුද්ධ කාල සීමාව තුළ හොඳින් රාජ්‍යය කිරීමට ඔහුට හැකියාව ලැබුණි.

අභියෝග සහිත කාලවල බලවත් සහායක් දුන් දිරිමත් කරන්නන් පිළිබඳ කථා බයිබලය උලුප්පා පෙන්වන්නේය. මෝසෙස්ට සටන් කාලවලදී ආරොන් සහ හූර්ගේ සහයෝගය ලැබුණි (නික්මයාම 17:8-16). එලිසබෙත් තම ගර්භණී ඥාති සහෝදරිය දිරිමත් කළාය (ලූක් 1:42-45).

පාවුල්ගේ හැරීමෙන් පසු ඔහුට බාර්ණබස්ගේ සහයෝගය තිබුණි. බාර්ණබස්ගේ නමෙහි තේරුම “ධෛර්යමත් කිරීමේ පුත‍්‍රයා” යන්නයි. ගෝලයින් පාවුල්ට බියවී සිටිද්දී තම කීර්තිනාමය අවදානමට ලක් කරමින් බාර්ණබස් ඔහු ගැන ඇප විය (ක‍්‍රියා 9:27). කිතුණු සමූහනයෙන් පිළිගැනීම ලැබීමට බාර්ණබස්ගේ අනුමැතිය පාවුල්ට අවශ්‍ය විය. පසුව බාර්ණබස් පාවුල්ගේ දේශනා සහ ගමන් වලදී ඔහුගේ හවුල් කරුවෙක් වුයේය (ක‍්‍රියා 14). භයංකාරත්වයන් තිබුණි. නමුත් ඔවුහු ශුභාරංචිය දේශනා කිරීම පිණිස එකට ක්‍රියා කළෝය.

“එකිනෙකාට අවවාද කර එකිනෙකා ධෛර්යමත් කිරීමට” අද යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන් කැඳවා ඇත (1 තෙසලෝනික 5:11). අන් අයට උපකාර කිරීමට ධෛර්ය දීමට – විශේෂයෙන් ඔවුන් අසීරු අවස්ථාවන්වලට මුහුණ දෙන විට – අපි උනන්දු වෙමු.