අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කීලා ඔචෝවා විසින් රචිත ලිපි

විස්තර කළ නොහැකි පේ‍්‍රමය

මාගේ පුතාගේ සයවන උපන් දිනයට ඔහු මවිත කරවීමට අපගේ කුඩා සභාවේ සාමාජිකයෝ තීරණය කළෝය. ඔව්හු පුතාගේ සබත් පාසැල් පංතිය බැලුම්වලින් සරසා එහි කුඩා මේසයක් මත කේක් එකක් තැබුවෝය. පුතා කාමරයේ දොර විවෘත කරන විට ඔව්හු සියල්ලෝම "සුබ උපන් දිනයක්" කියා කෑ ගැසුවෝය.

මම කේක් කපන විට මාගේ පුතා මා අසලට පැමිණ "අම්මේ මෙහි ඉන්න සෑම කෙනාම මට ආදරේ ඇයි?" කියා ඇසුවේය.…

ප්‍රේමයේ අලංකාරය

"ජරාබේ ටපාටියෝ" නැමැති මැක්සිකානු තොප්පි නැටුමෙන් ආදරය සැමරේ. උස් හඬින් ගායනා කරමින් නටන විට පිරිමියා තම විශාල තොප්පිය බිම තබයි. ස්ත්‍රිය තොප්පිය ඇද ගෙන දෙදෙනාම ඒ පසුපස සැඟවෙති. සිඹීමකින් ඔවුන්ගේ ආදරය ස්ථිර කරයි.

මෙම නැටුම මට මතක් කරන්නේ විවාහයේදී තිබිය යුතු විශ්වාසවන්තකම ගැනය. හිතෝපදේශ 5 හි කාමමිථ්‍යාචාරයේ අධික මිළ ගැන කථා කර විවාහය දෙදෙනාට සීමා විය යුතු බව අපි කියවමු.…

උසස්ම ස්ථානය

මාගේ ස්වාමිපුරුෂයා මිතුරෙකුට සභාවට එන්න කියා ආරාධනා කළේය. රැස්වීමෙන් පසු "මම ගීතාකාවලට ආසයි. වටාපිටාවටත් ආසයි. නමුත් මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ සියල්ලෝම යේසුසවහන්සේට මෙපමණ ගෞරවයක් දෙන්නේ කියලයි" යනුවෙන් ඔහු අපට කීවේය. මගේ ස්වාමිපුරුෂයා කිතු දහම යනු ක්‍රිස්තුස්වහන්සේ සමග සම්බන්ධතාවයක් බව ඔහුට විස්තර කළේය. උන්වහන්සේ නැතුව කිතු දහමේ අර්ථයක් නැහැ. අප එකතුවෙලා ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ අපගේ ජීවිතවල කළ දේවල් නිසාය.

යේසුස්වහන්සේ…

නිෂ්චල සාක්‍ෂියක්

ඇමී ජීවත්වන්නේ ශුභාරංචිය තහනම් කර ඇති දේශයකය. ඇය පුහුණුව ලත් හෙදියකි. විශාල රෝහලක අලුත උපන් ළදරු ඒකකයේ ඇය සේවය කරන්නීය. ඇයගේ කැපවීමේ සේවය කැපී පෙනුණේය. බොහෝ ස්ත්‍රීන් ඇය ගැන ගරුත්වයෙන් බලති. පුද්ගලිකව ඔවුහු ඇයගෙන් ප්‍රශ්න අසති. එවිට ඇමී විවෘතව ගැළවුම්කරුවාණන් ගැන කථා කරන්නීය.

ඇයගේ යහපත් ක්‍රියා නිසා හවුල් සේවකයෝ ඇය ගැන ඊර්ෂ්‍යාවී ඇය ඖෂධ සොරකම් කළ බවට පැමිණිළි කළෝය. ඇයගේ…

බොහෝ අලංකාර දේවල්

මිෂනාරිවරියක් සහ චිත්‍රශිල්පිනියක් වූ ලිලියස් ට්‍රොටර් මිය යෑමට මොහොතකට පෙර ජනේලයකින් පිටත බැලුවාය. ඇය ස්වර්ගීය රථයක දර්ශනයක් දුටුවාය. ඇයගේ ජීවිත කථාව ලියූ කතෘට අනුව මිතුරෙකු ඇයගෙන් අසා ඇත්තේ "ඔබ බොහෝ අලංකාර දේවල් දකිනවාද?" කියාය. ඇය පිළිතුරු දුන්නේ "ඔව් බොහෝ අලංකාර දේවල්" යනුවෙනි.

ට්‍රොටර්ගේ අවසන් වදන් පිළිබිඹු කරන්නේ ඇයගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ කාර්යයි. මරණයේදී පමණක් නොව ජීවිතයෙහි පවා උන්වහන්සේ ඇයටද ඇය තුළින්…

නොකඩවා සේවය කරන්න

අධ්‍යාපනය සම්බන්ධ මනෝවිද්‍යාඥයෙක් වන බෙන්ජමින් බ්ලූම් තරුණ තරුණියන්ගේ හැකියාවන් දියුණු කිරීම ගැන පර්යේෂණ කරන විට ක්‍රීඩකයන්, කලාකරුවන්, විද්වතුන් වැනි තරු 120 කගේ ළමා කාලය ගැන පරීක්ෂණයක් කළේය. ඔවුන් සියලු දෙනා තුළ එක් පොදු දෙයක් තිබූ බව ඔහු සොයා ගත්තේය. ඔව්හු බොහෝ කාලයක් එක දිගට බොහෝ සෙයින් පුහුණු වී තිබුණි.

බ්ලූම්ගේ පර්යේෂණ පෙන්වන්නේ අපගේ ජීවිතවල යම් කොටසක් වර්ධනයට විනය අවශ්‍ය බවයි.…

ගෙදර! ආදරණීය ගෙදර!

"අපේ ගෙදර අත්හැරලා යන්න වුනේ ඇයි?" මගේ පුතා ඇසීය. ගෙයක් යනු කුමක්දැයි පස් අවුරුදු දරුවෙකුට විස්තර කිරීම ඉතා අසීරුය. අපි නිවසක් හැර යන්නෙමු. නමුත් එය ගෙදර නොවේ. ගෙයක් යනු අපගේ පේ‍්‍රමණීයයන් සිටින ස්ථානයයි. දුර ගමනක් නැතිනම් මුළු දවසක් මහන්සිවී වැඩ කළ පසු අපි නැවත එන්නට කැමතිම ස්ථානය ගෙදරයි.

යේසුස්වහන්සේ මිය යාමට පැය කිහිපයකට පෙර උඩුමහලේ සිටින විට උන්වහන්සේ තම ගෝලයන්ට…

තෑගි ගොඩයි - එක පරමාර්ථයයි

මාගේ රට වන මැක්සිකෝවේ ප‍්‍රධාන ආහාරය බඩ ඉරිඟුය. විවිධ වර්ගයේ බඩ ඉරිඟු ඇත. කහ දුඹුරු රතු සහ කළු කරල් තිබේ. එසේම සමහරක් විවිධ පාට තිත් වලින් යුක්තය. නමුත් නගරයේ සිටින ජනතාව මේවා ආහාරයට නොගනිති. පර්යේෂක අමාඩෝ රමිරේශ් විස්තර කරන්නේ සමානකම ගුණාත්මක භාවයට තවත් නමක් බවය. නමුත් තිත් සහිත කරල් හොඳ රසයක් දෙන අතර අනගි කෙක් වර්ගයක් සෑදීමටද ගන්නේය.

ක‍්‍රිස්තුස්වහන්සේගේ සභාව…

උරෙන් උර දී

පුරාණ කාලයේදී කැඩුණු පවුරක් එළිදරව් කළේ පරාජය වූ භයංකාරත්වයට සහ ලැජ්ජාවට විවෘත වූ සෙනගකි. යුදෙව්වෝ යෙරුසලමේ පවුරු ගොඩ නැගුවේ ඒ නිසාය. කෙසේද? එකිනෙකා උරෙන් උර ගැටී වැඩ කිරීමෙනි. නෙහෙමියා 3 හි එය හොඳින් විස්තර වේ.

ප‍්‍රථම කියවීමේදී 3 වන පරිච්ඡේදය දැක්වෙන්නේ ගොඩනගන අය කළ ක‍්‍රියා ගැන නීරස විස්තරයක් යයි ඔබට සිතෙනු ඇත. නමුත් සමීපව බලන කල සෙනග වැඩ කළ ආකාරය…

මගේ දෑස් විවෘත කරන්න

ප‍්‍රථම වතාවට මා ඉස්තාන්බූල් හී තේජවත් කෝරා සභාවට ගිය විට සිවිලිමේ තිබූ චිත‍්‍රවලින් සමහර බයිබල් කථාවන් පහදා ගැනීමට මට තනිවම හැකි විය. නමුත් බොහෝමයක් මට මඟ හැරී ගියේය. දෙවන වර මට මඟ පෙන්වන්නෙකු විය. මට මඟ හැරුණු සියලු විස්තර ඔහු මට තේරුම් කර දුන්නේය. එවිට සියල්ලේ සම්පූර්ණ අර්ථය මට අවබෝධ විය. උදාහරණයක් ලෙස පළමු කොටසෙහි ලූක් ශුභාරංචියට අනුව යේසුස්වහන්සේගේ ජීවිතය…