කොලරාඩෝහි තරුණයෙක් කඳුවැටියක අසු පිට සිටින ඡායාරූපයක් මා සතුව ඇත. කුමණ පාර තෝරා ගන්නදැයි ඔහු නැවතී කල්පනා කරන්නේය. එය මට මතක් කරන්නේ රොබට් ෆ්‍රොස්ට්ගේ “තෝරා නොගත් පාර” යන කවියයි. ඔහු ඉදිරියෙහි ඇති මාර්ග දෙකක් ගැන රොබට් සිතා බලයි. මාර්ග දෙකම ආකර්ෂණීය වේ. නමුත් නැවත තමන් දැනට සිටින ස්ථානයටම එනු ඇද්දැයි ඔහුට සැකයක් ඇත. ඔහු එකක් තෝරා ගත යුතු වේ. ඔහු ලීවේ “කැලයක පාරක් දෙකට බෙදේ. නමුත් වැඩි දෙනෙක් නොගිය මාර්ගය තෝරා ගතිමි. එය සියල්ල වෙනස් කළේය” කියාය.

යේසුස්වහන්සේ කළ කන්ද උඩ දේශනාවේදී (මතෙව් 5-7) ස්වාමින්වහන්සේ තම ශ්‍රාවකයන්ට කීවේ “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය” (7:13-14) කියාය.

අප ජීවිතය හරහා යන ගමනෙහි මොන මාර්ගයේ යන්නේද කියා අපට බොහෝ තීරණ ගැනීමට සිදුවේ. බොහෝ මාර්ග ආකර්ෂණීය බවත් වාසිදායක බවත් පෙන්නුම් කරන්නේය. නමුත් ජීවනයට ඇති මාර්ගය එකක්ය. යේසුස්වහන්සේ අපට ආරාධනා කරන්නේ ගෝලත්වයට යන පාරේ යන ලෙසත් දේව වචනයට කීකරු වන ලෙසත් සෙනඟ නොව උන්වහන්සේ අනුගමනය කරන ලෙසත්ය.

අප ඉදිරියෙහි ඇති මාර්ගය ගැන අප සිතන විට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ මාර්ගයේ යාමට අපට ප්‍රඥාව සහ ධෛර්යය දේවා. එනම් ජීවනයේ මාර්ගයයි. එය අපට සහ අප ප්‍රේම කරන අයට අවශ්‍ය සියලු වෙනස්කම් කරනු ඇත.