1975 දී එලන් ලැංගර් විසින් කරන ලද අධ්‍යයනයෙහි මාතෘකාව වූයේ “පාලනය නැමැති මායාව” යන්නයි. ඉන් පෙන්වා දෙන්නේ අපගේ ජීවිතවල අපට ඇති බලපෑමේ මට්ටමය. ඇය කීවේ බොහෝ අවස්ථාවන් වලදී අප අපගේ පාලනය අධිතක්සේරුවට භාජනය කරන බවයි. එම අධ්‍යයනය තවදුරටත් පෙන්වා දෙන්නේ යථාර්ථය අපගේ මායාවන් කාබාසිනියා කරන බවයි.

ලැංගර්ගේ අධ්‍යයනය දොරට වැඩිය පසු අන් අය විසින් කරන ලද පර්යේෂණ එම නිගමණය සත්‍ය බව පෙන්වන්නේය. කෙසේ වෙතත් යාකොබ් එම නැඹුරුව බොහෝ කාලයකට පෙර හඳුනාගෙන තිබුණි. යාකොබ් 4 හි ඔහු ලියන්නේ “අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළෙඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. 14මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය” (13-14 පද).

ඉන්පසු එම මායාවට ප්‍රතිකර්මයක් යාකොබ් සපයන්නේය. ඔහු පරම පාලනය හිමි තැනැත්තාණන් දෙස අවධානය යොමු කරන්නේය. “එබැවින්: ස්වාමීන්වහන්සේ කැමතිසේක් නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය” (15 පදය). මේ පද කිහිපයෙන් මනුෂ්‍යයාගේ තත්ත්වයේ ප්‍රධාන දුර්වල කමක් සහ ඊට කළ යුතු පිළියම යාකොබ් පෙන්වන්නේය.

අපගේ අනාගතය අපගේ අතෙහි නැති බව අප තේරුම් ගනීවා! ඊට හේතුව දෙවියන්වහන්සේ විසින් හැකියාව ඇති තම දෑතීන් සෑම දෙයක්ම අල්ලා ගෙන සිටින හෙයිනි. උන්වහන්සේගේ සැලසුම් අපට විශ්වාස කළ හැකිය.