ද්වීථීය පාසැලේ ඉගෙන ගන්නා කාලයේ දෙවියන්වහන්සේ යමකට ඔහුව තෝරාගෙන ඇති බව පැට්රික් අයර්ලන්ඬ් හට වැටහුණි. නමුත් ඒ කුමක්ද? පසුව කොලරාඩෝ කොලම්බයින්හි කුරිරු ලෙස දහතුනක් මරා දමා විසි හතර දෙනෙකු තුවාල ලැබූ සිද්ධියේදී පැට්රික්ද තුවාල ලැබුවේය. ඔහුට පිළිතුරක් ගැන තේරුම් යන්නට පටන් ගත්තේය.

ඔහුගේ දීර්ඝ සුව වීමේ කාලයෙහි තිත්තකම අල්ලා ගෙන සිටීමෙන් තුවාල වැඩිවන බව ඔහු තේරුම් ගත්තේය. දෙවියන්වහන්සේ පැට්රික්ට පෙන්වූයේ සමාව දීමට යතුර නම් අන් අය අපට කළ දේවල් අමතක කර යේසුස්වහන්සේ අපට කළ දේවල් මතක් කර ගැනීම කියාය. තමන්ට වධ දුන් සතුරන්ට කුරුසියේදී යේසුස්වහන්සේ කළ ප්‍රකාශය වන “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව. මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔවුහු නොදනිති” (ලූක් 23:24) යන වචන පූජක සෙකරියා යේසුස්වහන්සේගේ සමාව දීම ගැන දුන් අනාවැකිය ඉෂ්ට කරයි (1:77). ඊට අමතරව උන්වහන්සේගේ ආදර්ශය පැට්රික්ට අරමුණක් එළිදරව් කළේය. ඛේදවාචකයෙන් වසර විස්සකට පසු පැට්රික් කීවේ “සමහර විට මාව සමාව දීමට තෝරා ගෙන ඇත” කියාය.

අපට සිතා ගැනීමට නොහැකි කොලම්බයින් හි සිදුවූ එවැනි ඛේදවාචකයකට අප බොහෝ දෙනෙකු මුහුණ නොදෙනවා විය හැකිය. නමුත් අප සෑම කෙනාටම යම් යම් වැරදි වී ඇත. කාලත්‍රයා අපව රැවටුවා විය හැකිය. දරුවෙකු කැරළි ගැසුවා විය හැකිය. රැකියාවේදී අසාධාරණයක් වූවා විය හැකිය. අප ඉදිරියට යන්නේ කෙසේද? අපට ගැළවුම්කරුවාණන්ගේ ආදර්ශය දෙස බැලිය හැකිය. තමන්වහන්සේව ප්‍රතික්‍ෂේප කර කුරිරු ලෙස වධ දෙන විට උන්වහන්සේ සමාව දුන් සේක. යේසුස්වහන්සේ අපගේ පව්වලට සමාව දීම තුළින් අපි ගැළවීම ලැබුවෙමු. අන් අයට සමාව දීමේ හැකියාවද ඊට අයත් වේ. පැට්රික් මෙන් සමාව දීම සඳහා අපගේ හදවත් විවර කිරීම පිණිස තිත්තකම ඉවත දැමීම අපට තෝරා ගත හැකිය.