ඔහුගේම පියාගේ මරණය මෙන්ම ජනාධිපති ජේම්ස් ගාෆීල්ඩ්ගේ සහ විලියම් මැකින්ලිගේ ඝාතනය හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් තුනකට එක්සත් ජනපද ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ පුත්‍රයා වන රොබට් ටොඩ් ලින්කන් සහභාගී විය.

නමුත් ඉතිහාසයේ අතිශය තීරණාත්මක සිදුවීම් හතරකට අපෝස්තුළු යොහන් පැමිණ සිටි බව සලකන්න: යේසුස්වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනයේදී, ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනෙහි වේදනාවෙන් සිටිය අවස්ථාවේදී, උන්වහන්සේගේ කුරුසිපත්වීමේදී සහ උන්වහන්සේගේ උත්ථානයේදී. මෙම සිදුවීම්වලට සාක්ෂි දැරීම සඳහාම මෙම අවස්ථාවන්හි තමා සිටිය බව ඔහු දැන සිටියේය. යොහන් 21:24 හි ඔහු මෙසේ ලිවීය: “මේ දේ ගැන සාක්ෂි දෙන්නාවූ, මේ දේ ලියුවාවූ ගෝලයා මොහුය. මොහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමුව”.

යොහන් 1 නමැති ලිපියේ යොහන් මෙය නැවත තහවුරු කළේය. ඔහු මෙසේ ලිවීය: “පටන් ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ අපේ ඇස්වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත්වලින් ඇල්ලුවාවූ දේ වන ජීවන වාක්‍යයාණන් ගැන — ප්‍රකාශ කරමුව” (1:1 සහ 2). යේසුස්වහන්සේ ගැන ඇසින් දුටු සාක්ෂිකරුවාගේ වාර්තාව බෙදාගැනීම බලවත් යුතුකමක් ලෙස යොහන්ට හැඟුණේය. මන්ද? “නුඹලාත් අප සමඟ පංගුකාරකම ලබන පිණිස, අප දුටුවාවූ ඇසුවාවූ ඒ දේ නුඹලාටත් ප්‍රකාශකරමුව” ( 2 පදය).

අපගේ ජීවිතයේ සිදුවීම් පුදුම සහගත හෝ ඒකාකාරී විය හැකිය, නමුත් අවස්ථාවන් දෙකෙහිම, දෙවියන්වහන්සේ ඒවා සංවිධානය කරන්නේ අපට උන්වහන්සේ ගැන සාක්ෂි දැරීමට ය. අපි ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව හා ප්‍රඥාව තුළ සිටින විට, ජීවිතයේ විස්මිත අවස්ථාවන්හිදී පවා අපි උන්වහන්සේ වෙනුවෙන් කතා කරත්වා.