Archives: අප්‍රේල් 2024

දෙවියන්වහන්සේගේ අභිමුඛය

මොනික් පොර බදමින් සිටියාය. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වූ මිතුරෝ ඇයට සිටියහ. එසේම ඔවුන් ජීවිත ප්‍රශ්න විස‍ඳාගන්නා ආකාරයට ඇය ගරු කළාය. ඇය සුළු වශයෙන් ඔවුන්ට ඊර්ෂ්‍යයා කළාය. නමුත් ඔවුන් ජීවත් වූ ආකාරයට තමන්ට ජීවත් වන්නට පුළුවන් වේ යැයි ඇය නොසිතුවාය. ඇය සිතුවේ ත්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල යනු නීති අනුව යාමක් කියාය. අවසානයේදී එක් මිතුරු සිසුවියක් දෙවියන්වහන්සේ සිටින්නේ ඇගේ ජීවිතය අවුල් කිරීමට නොවන…

දෙවියන්වහන්සේගේ හස්තයෙහි

දත් හාරනු ලබන උපකරණයට පස් හැවිරිදි සාරා බිය වූවාය. ඇය දන්ත වෛද්‍යවරයාගේ පුටුවෙන් පැන නැවත එහි යාම ප්‍රතික්‍ෂේප කළාය. තේරුම් ගත් ආකාරයට හිස වනමින් “තාත්තා පුටුවට නගින්න” කියා දන්ත වෛද්‍යවරයා ඇගේ පියාට කීවේය. එය කෙතරම් පහසුදැයි දියණියට පෙන්වා දීම වෛද්‍යවරයාගේ අරමුණ යයි ජේසන් කල්පනා කළේය. ඉන්පසුව දන්ත වෛද්‍යවරයා දියණිය දෙසට හැරී “දැන් පුටුවට නැග තාත්තාගේ ඇකයේ වාඩි වෙන්න” කියා දැරියට…

දෙවියන්වහන්ස, මට ඔබව ඇහෙනවා!

ඔහුගේ පළමු ශ්‍රවණාධාර උපකරණය වෛද්‍යවරු ඇතුල් කරද්දී ළදරු ග්‍රැහැම් ඔහුගේ මවගේ ඇකයේ දඟලමින් සහ හඬමින් සිටියේය. වෛද්‍යවරයා උපකරණය ක්‍රියාත්මක කළ මොහොතේදීම ග්‍රැහැම් හැඬීම නැවැත්වීය. ඔහුගේ ඇස් පුළුල් විය. ඔහු සිනහසුණේය. ඔහු සනසන, ඔහුව දිරිගන්වන සහ ඔහුගේ නම කියා කථා කරන ඔහුගේ මවගේ හඬ ග්‍රැහැම්ට ඇසුණි.

ළදරු ග්‍රැහැම්ට ඔහුගේ මව කථා කරනවා ඇසුණේය. නමුත් ඇගේ කටහඬ හඳුනා ගෙන ඇගේ වචන වල…

ගීතාවලිය 72 හි නායකයෝ

2022 ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය අගමැතිට ඉවත් වීමට බල කෙරුණේ ඔහුගේ අවංකභාවයේ තිබූ අඩු පාඩු නිසාය. (ඊට මාස කිහිපයකට පසුව අලුතෙන් පත් කරන ලද අගමැතිවරයාද ඉවත් වුනි). මෙම සිදුවීම ඉස්මතු වූයේ රටේ සෞඛ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ වාර්ෂික යාච්ඤා රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදී තම ප්‍රසිද්ධ ජීවිතයේ අවංක බාවය ගැන හැඟීමක් ඇතිවී ඉල්ලා අස්වීම හේතුවෙනි. අනෙක් ඇමතිවරුද ඉල්ලා අස්වීම නිසා තමාටත් ඉල්ලා අස්වෙන්න සිදුවන…

යේසුස්වහන්සේ තුළ එකට හමුවීම

මගේ ජීවිතයේ වූ අසීරු සිදුවීම් නිසා හදවත ඇතුලාන්තයේ සහ ආත්මිකව වේදනාවකින් සහ පොර බැදීමකින් දිගු කාලයක් ගත කළ හෙයින් මට පහසුවෙන් සභාවෙන් ඉවත්වීමට හැකියාව තිබුණි. (සමහර විට කරදර වන්නේ ඇයි කියා මම කල්පනා කළෙමි). නමුත් සෑම ඉරු දිනකම සභාවට යාමට මම පෙළඹුණෙමි.

මගේ තත්ත්වය තවත් වසර ගණනාවක් එසේම තිබුණු අතර සභාවේ අනෙකුත් ඇදහිලිවතුන් සමග යාච්ඤා රැස්වීම් සහ බයිබල් අධ්‍යයනයන්ට සහභාගී…