අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Anne Cetas

ඈන් සීටස්

ඈන් සීටස් ඇගේ නව යොවුන් වියේ අග භාගයේදී යේසුස්වහන්සේ අනුගමනය කිරීම අරඹන ලදී. අවුරුදු 19 දී ඇයගේ මිතුරියක විසින් ඇයට "අපගේ දිනපතා භෝජනය˜ පිටපතක් ලබා දෙන්නේ නොකඩවා බයිබලය කියවීමට ඇයට උපකාර කිරීමටය. තවද ඇය ඩිස්කවරි දැණුම පොත් පෙළෙටද දැඩි සේ ඇලුම් කරයි. වසර කීපයකට පසු ඇය අපගේ දිනපතා භෝජනය සංස්කාරක මණ්ඩලයට එකතුවන්නේ සෝදුපත් කියවන්නියක ලෙසය. 2004 සැප්තැම්බර් මස ඈන් අපගේ දිනපතා භෝජනය ලිපි රචනා කිරීම අරඹන ලද අතර ප‍්‍රකාශනයන්හී කළමනාකරණ සංස්කාරක ලෙසද කටයුතු කරයි. ඈන් සහ ඇගේ ස්වාමිපුරුෂයා කාල් ඇවිදීමට හා එකතුව බයිසිකල් පැදීමට ප‍්‍රිය කරන අතර ඔවුන් නගරබද සේවයක උපදේශකයන් ලෙසද ක‍්‍රියා කරයි.

ඈන් සීටස් විසින් රචිත ලිපි

බය නොවන්න

පීනට් නම් විකට චිත්‍රපටයේ සිටින ලීනස් නැමැති චරිතය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔහුගේ නිල් ආරක්‍ෂිත පොරෝනය නිසාවෙනි. ඔහු එය සෑම තැනකම අරගෙන යන අතර සුවපහසුව සඳහා එය අවශ්‍ය වීම ගැන ලැජ්ජාවට පත් නොවන්නේය. විශේෂයෙන් ඔහුගේ සහෝදරිය වන ලුසී එයට අකමැති අතර එයින් මිදීමට බොහෝ විට උත්සාහ කළාය. ඇතැම් විටෙක ඇය එය වළලයි. එය සරුංගලයකට හරවයි. තවත් වරෙක විද්‍යා ව්‍යාපෘතියක් සඳහා…

දෙවියන්වහන්සේ අපගේ බිඳ වැටීම සුව කරයි

කොලින් සහ ඔහුගේ බිරිඳ ජෝර්ඩන් ශිල්පීය වෙළඳ සැළ හරහා ගමන් කරමින් තම නිවසේ එල්ලීමට පින්තූරයක් සෙවුහ. කොලින් සිතුවේ තමාට නිවැරදි පින්තූරය හමුවුනාය කියා බැවින් එය බැලීමට ජෝර්ඩන්ට කථා කළේය. පිඟන් මැටි කලා කෘතියේ දකුණු පැත්තේ “අනුග්‍රහය” යන වචනය විය. නමුත් වම් පැත්තේ දිගු ඉරි තැලීම් දෙකක් තිබුණි. “හොඳයි. ඒක කැඩිලනේ” යනුවෙන් ජෝර්ඩන් කීවේ රාක්කයේ නොකැඩුණු එකක් සොයන්න පටන් ගනිමිනි. නමුත්…

එකිනෙකාට උදව් කරමින්

තම මිතුරියන් සමග පැසිපන්දු ක්‍රීඩා කරද්දී ඇම්බර්ට තේරුම් ගියේ සමස්ථ කාන්තා කණ්ඩායම මගින් තම ප්‍රජාවට ප්‍රයෝජන ලබා ගත හැකි බවයි. එබැවින් ඇය කණ්ඩායම් ක්‍රියාකාරකම් පෝෂණය කිරීමට සහ ඊළඟ පරම්පරාවට බලපෑම් කිරීමට ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කළාය. හූප් කාන්තා සංවිධානයේ නායිකාවන් කාන්තාවන් සහ දැරියන් තුළ විශ්වාසය සහ චරිතය ගොඩ නැගීමට වෙහෙසෙමින් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ට අර්ථවත් දායකත්වයක් ලබා දීමට ඔවුන්ව දිරි ගන්වති.…

වරදවා වටහා ගැනීමක් නැත

අපගේ නිවෙස්වල තාක්‍ෂණයෙන් ඉතා දියුණු සන්නිවේදන උපකරණ තුළ සිටින ඇලෙක්සා, සිරි සහ වෙනත් හඬ සහායකයින් ඉඳ හිට අප පවසන දේ වරදවා තේරුම් ගන්නේය. සය හැවිරිදි දැරියක් ඇගේ නිවසේ සන්නිවේදන උපකරණයට බිස්කට් සහ බෝනික්කන්ගේ නිවසක් ගැන කථා කර ඇත. පසුව බිස්කට් රාත්තල් හතක් සහ ඩොලර් 170 ක් වටිනා බෝනික්කන්ගේ නිවසක ඇණවුමක් ඇගේ නිවසට යවා ඇති බවට මෙම දැරියගේ මවට විද්‍යුත් පණිවුඩයක්…

ප්‍රේමයේ සැබෑ ස්වභාවය

රට වසා තිබුණු වසංගත කාලයේදී ජෙරීට තමාගේ ව්‍යයාම් මධ්‍යස්ථානය වසා දැමීමට සිදුවුන නිසා මාස ගණනකට ඔහුට ආදායමක් නොතිබුණි. එක් දිනක් තමාගේ මධ්‍යස්ථානයේදී සවස 6.00 ට තමාව මුණ ගැසෙන ලෙසට මිතුරෙක්ගෙන් ඔහුට පණිවුඩයක් ලැබුණි. ඒ ඇයි කියා ජෙරීට නොතේරුණත් ඔහු එහි ගියේය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් මෝටර් රථ බොහෝමයක් රථ ගාලට පැමිණියේය. පළමු රථයේ රියැදුරා ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ කූඩයක් තැබීය.…

සවන් දී ඉගෙන ගන්න

වීදියේ එක් පැත්තක නිවාස හිමියෙක් එක්සත් ජනපද ධජයකින් ඔතා ඇති කෘතිම යෝධ රාජාලියෙකු සිය ගෙමිදුලේ ප්‍රදර්ශනය කළේය. විශාල ට්‍රක් රථයක් ධාවන පථයේ නවතා තිබේ. එහි පැති කවුළුවේ පාට ගල්වන ලද ධජයක් ඇති අතර පසුපස බම්පරය දේශප්‍රේමී ස්ටිකර්වලින් ආවරණය කර තිබුණි. වීදිය හරහා කෙළින්ම වූ අසල්වැසි මිදුලක ප්‍රවෘත්තිවල දැක්වුණු වර්තමාන සමාජ සාධාරණත්වය පිළිබඳ සටන් පාඨ ඉස්මතු කරන සංඥා දක්නට ලැබුණි.

මෙම…

දෙවියන්වහන්සේගේ බලය

රෙබෙකා සහ රසල්ගේ වෛද්‍යවරු ඔවුන්ට දරුවන් ලැබිය නොහැකි බව පැවසූහ. නමුත් දෙවියන් වහන්සේට වෙනත් අදහසක් තිබුණි. වසර දහයකට පසු රෙබෙකා පිළිසිඳ ගත්තාය. ගැබ් ගැනීම සෞඛ්‍ය සම්පන්න එකක් විය. සංකෝචනය ආරම්භ වූ විට යුවළ කලබලයෙන් රෝහලට ගියහ. එහෙත් ප්‍රසූත කාලය දීර්ඝ හා තීව්‍ර වූ අතර රෙබෙකාගේ සිරුරද දරු ප්‍රසූතිය සඳහා ප්‍රමාණවත් ලෙසින් ප්‍රගතියක් ලබා නොතිබුණි. අවසානයේ වෛද්‍යවරයා තීරණය කළේ හදිසි සැත්කමක්…

මහජනයාට ප්‍රිය නොවූ යේසුස්වහන්සේගේ අදහස්

වසර පහළොවක් තිස්සේ මයික් බර්ඩන් තමා ජීවත් වූ කුඩා නගරයේ පිහිටි තමාගේ සාප්පුව තුළ වෛරය උපදවන රැස්වීම් පැවැත්වීය. නමුත් 2012 දී ඔහුගේ බිරිඳ ඔහු සම්බන්ධවී ඇති දේ ගැන ප්‍රශ්න කිරීමට පටන් ගත් විට ඔහුගේ හදවත මෘදු විය. ඔහුගේ වර්ගවාදී අදහස් කෙතරම් වැරදිදැයි ඔහුට වැටහී ගිය අතර තවදුරටත් එම පුද්ගලයා වීමට ඔහු කැමති නොවීය. සටන්කාමී සාමාජිකයෙක්ගේ නිවසක කුලියට සිටි මෙම පවුලෙන්…

යේසුස්වහන්සේ ඔබට දුන් පොරොන්දු

ජේසන්ගේ දෙමාපියන් ඔහුව ඒමිට භාර දෙන විට ඔහු හඬා වැළපුණේය. ඒ මව සහ පියා දේව මෙහෙයට සහභාගී වෙද්දී අවුරුදු දෙකක් වයසැති ජේසන්ව ළමුන් සඳහා වෙන් කරන ලද ස්ථානයට භාර දුන් පළමු වතාව එය වීම නිසාය. ඔහු එයට සතුටු වුනේ නැත. ඔහු හොඳින් සිටීවි කියා ඒමි ඔවුන්ට පොරොන්දු වූවාය. ඇය සෙල්ලම් බඩු සහ පොත් වලින් ඔහුව සනසන්න උත්සාහ කළාය. ඔහුව පුටුවක…

දෙවියන්වහන්සේගේ කථාන්දර පොත

සුන්දර දවස භුක්ති විඳීමට අවශ්‍ය වූ මම ඇවිදීමට පිටත්වූ අතර ඉක්මණින්ම නව අසල්වැසියෙකු මුණගැසුණේය. ඔහු මාව නවත්වා ඔහුව හඳුන්වා දුන්නා, “මගේ නම ජෙනිසිස්, මගේ වයස අවුරුදු හය හමාරයි”.

“ජෙනිසිස් කියන්නේ ශ්‍රේෂ්ඨ නමක්! ඒක බයිබලයේ පොතක්” කියා මම පිළිතුරු දුන්නා.
“බයිබලය කියන්නේ මොකක්ද?” ඔහු ඇසුවා.
“ඒක දෙවියන්වහන්සේ ලෝකය සහ මිනිසුන් මැවූ ආකාරය සහ උන්වහන්සේ අපට ප්‍රේම කරන ආකාරය කියන කථා පොතක්.”…