යාච්ඤාවේදී දිව බැඳී තිබේ
මගේ බිළිඳු සහෝදරයා ශල්‍ය කර්මයකයට මුහුණ දුන් විට මම කලබල වීමි. “දිව බැඳී තිබේ” (අන්කිලොග්ලෝසිය) ලෙස හඳුන්වනු ලබන්නේ ඔහුට උපතින්ම ඇතිවූ රෝග තත්ත්වයක් වන බවත් උපකාරයක් නොමැතිව ඔහුට ආහාර ගැනීමේ සහ අවසානයේ කථා කිරීමේ හැකියාවටද බාධා විය හැකි බවත් මගේ මව පැහැදිලි කළාය. අද අපි “දිව බැඳී තිබේ” යන වචන පාවිච්චි කරන්නේ කථා කිරීමට වචන නැති වීම සහ ලැජ්ජා වීම…
සමාව නොඉල්ලන කඳුළු
“මට සමාවෙන්න” කැරන් පැවසුවේ ඇගේ කඳුළු ගලා ඒම ගැන සමාව අයදිමිනි. ඇගේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඇය තම නව යොවුන් දරුවන් රැක බලා ගැනීමට අතීශයින් වෙහෙසුණාය. ඇයට විවේකයක් ලබා දීමට දේවස්ථානයේ පිරිමින් ඇයට සති අන්ත කඳවුරක් ගත කිරීමේ විනෝද චාරිකාවක් ලබා දුන් විට කැරන් කෘතවේදීව කඳුළු සළමින් ඇගේ කඳුළු ගැන නැවත නැවතත් සමාව ඇයැද සිටියාය.
අපෙන් බොහෝ දෙනෙක් අපගේ කඳුළු…
දෙවියන්වහන්සේගේ දකුණු අත
මම මගේ වියපත් සුනඛයා වූ විල්සන්ට තණකොළ වෙතට යාමට උපකාර කළ අතරතුර අපේ බලු පැටවා වන කෝච්ව විනාඩියකට පමණක් දම්වැලෙන් නිදහස් කළෙමි. කෝච්ගේ දම්වැල ගැනීමට මම නැමුණු විට ඔහු හාවෙකු දැක ඒ පසුපස දිව ගියේ මගේ දකුණතින් දම්වැල ඇදගෙන මගේ මුදු ඇඟිල්ලද අඹරවා දමමිනි. මම තණ බිස්ස මත වැටී වේදනාවෙන් කෑගැසුවෙමි.
හදිසි ප්‍රතිකාර වලින් ආපසු පැමිණී විට ශල්‍යකර්මයක් කළ යුතු…
ශෝකය සඳහා ශබ්ද මාලාවක්
හියු සහ ඩිඩී තම එකම දරුවා ස්වර්ගයට යන්න හරිද්දී ඉන්පසුව තමන්ට කුමක් කියා ගන්නේදැයි ගැන පොර බැදුවෝය. දරුවෙක් අහිමි වූ දෙමාපියෙක්ගේ ශෝකය ගැන විස්තර කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිශ්චිත වචනයක් නැත්තේය. ස්වාමි පුරුෂයා නොමැති බිරිඳ වැන්දඹුවක් වන්නේය. බිරිඳක් නැති ස්වාමි පුරුෂයා කනවැන්දුම් පුරුෂයෙක් ලෙස හඳුන්වනු ලබයි. දෙමව්පියන් අහිමි වූ දරුවෙක් අනාථයෙක් ලෙස හඳුන්වනු ලබන්නේය. දරුවෙක් අහිමි වූ දෙමාපියන් නිර්වචනයක් නොමැති වේදනාවෙන්…
දෙවියන්වහන්සේ සවන් දෙන්නේද?
මම මගේ දේවස්ථානයේ සභා සත්කාරක කණ්ඩායමේ සේවය කරන විට මගේ රාජකාරියක් වූයේ සේවා කාලය තුළ බංකුවල තිබූ කාඞ්පත් වල ලියා තිබූ යාච්ඤා ඉල්ලීම් සඳහා යාච්ඤා කිරීමය. නැන්දම්මාගේ සෞඛ්‍ය සඳහා, යුවළකගේ මුදල් අවශ්‍යතාවයක් සඳහා, මුණුපුරා දෙවියන්වහන්සේව දැන ගැනීම සඳහා යන්න ඒවායින් සමහරකි. මෙම යාච්ඤාවල ප්‍රතිඵල මට අසන්න ලැබුණේ කලාතුරකිනි. බොහෝ ඒවා නිර්නාමික වූ අතර දෙවියන්වහන්සේ ප්‍රතිචාර දැක්වූයේ කෙසේදැයි දැන ගැනීමට මට…
හොඳින් විවේක ගන්න
අළුයම 1.55 බව ඔරලෝසුව පෙන්නුම් කළේය. රාත්‍රියේ කෙටි පණිවුඩ සංවාදයකින් පසුව මනස බරවී තිබුණු නිසා නිදා ගැනීම අපහසු වුනි. මම මගේ ඇඳ ඇතිරිල්ල සහ කොට්ටය ගෙන හෙමින් සීරුවේ කවිච්චිය වෙතට ගියෙමි. නිදා ගැනීමට කුමක් කළ යුතුදැයි මම ගූගල් කර බැලීමි. එසේ වූවත් හමුවූයේ නොකළ යුතු දේවල්ය. දවල්ට නිදා ගන්න හෝ තේ/කෝපි පානය නොකරන්න. දවසේ අග භාගයේදී වෙහෙස නොවන්න. තවදුරටත් මේ…
අපට අවශ්‍ය ප්‍රඥාව
එලන් තැපැල් පෙට්ටිය විවෘත කළ අතර ඇගේ ආදරණීය මිතුරියගේ ආපසු ලිපිනය සහිත විශාල ලියුම් කවරය සොයා ගත්තාය. දින කිහිපයකට පෙර ඇය තම මිතුරිය සමග සම්බන්ධතා අරගලයක් බෙදා ගත්තාය. කුතුහලයෙන් යුතුව ඇය පැකේජය ගළවා සරල ජූට් නූලක තිබූ වර්ණවත් පබළු මාලයක් සොයා ගත්තාය. එය අමුණා තිබුණේ සමාගමේ සටන් පාඨයක් වන “එය මෝර්ස් කෝඩ් එකේ කියන්න” සහ මාලයේ සැඟවුණු සහ ඥාණාන්විත පණිවුඩය…
අපේ පියාගේ සැලකීම
ත්වෑක්! මම ශබ්දය දෙසට හිස හරවා හොඳින් සවන් දුනිමි. ජනේල වීදුරුවේ පැල්ලමක් දුටු මම පිටතට එබී බැලූ විට තවමත් පණ තිබෙන කුරුල්ලෙකුගේ සිරුර සොයා ගතිමි. මගේ හදවත වේදනාවට පත්වුණි. මෙම පිහාටු තිබෙන සත්ත්වයට උපකාර කිරීමට මම ආශාවෙන් සිටියෙමි.
ඉදිරියේදී පැමිණෙන අනතුරු ගැන දැනුම් දෙමින් ගෝලයින් සනසාලීම සඳහා ගේ කුරුල්ලන් ගැන උන්වහන්සේගේ පියාණන් වහන්සේ දක්වන සැළකිල්ල මතෙව් 10 හි යේසුස්වහ්න්සේ විස්තර…
ඇයට කළ හැකි දේ ඇය කළාය
ඇය කප් කේක්වල ප්ලාස්ටික් ඇසුරුම වාහක පටිය මත පටවා අයකැමි දෙසට යැව්වාය. ඊළඟට උපන් දින කාඩ්පත හා චිප්ස් බෑග් පැමිණියේය. ඇගේ හිසකෙස් වෙහෙසට පත්වූ නළල මතට වැටී තිබුණේය. ඇගේ කුඩා දරුවා ඇගේ අවධානය ගැනීමට දැඩි වෙහෙසක් දැරුවාය. ලිපිකරු මුළු මුදල ප්‍රකාශයට පත් කළ විට මවගේ මුහුණ වෙනස් විය. “අහෝ! මම හිතන්නේ මම ගත් බඩු වලින් යමක් නැවත තැබිය යුතුයි කියායි.…
ඇදහිල්ල වර්ධනය කිරීම
මගේ මුණුපුරා සහ මම වාහන නැවැත්වීමේ ස්ථානය හරහා අත්වැල් බැඳගෙන පාසැල් යාමේ විශේෂ ඇඳුමක් සොයන්නට ගියෙමු. දැන් පෙර පාසැල් සිසුවෙක් වන ඔහු සෑම දෙයක් ගැනම උද්යෝගයෙන් සිටි අතර ඔහුගේ සතුට ප්‍රීතියට හැරවීමට මම අධිෂ්ඨාන කර ගතිමි. ශිලා ලේඛණය සහිත කෝපි ජෝග්ගුවක් මම දුටුවෙමි. “ආච්චි අම්මලා බොහෝ ප්‍රීතියෙන් යුත් අම්මලාය”. එනම් විනෝදය, සතුටින් බැබළීම, ප්‍රීතිය ආදියයි. ඒක මගේ රැකියා විස්තරයයි. මේ…