මනඃකල්පිත ඇදහිල්ල
“බලන්න, සීයා! ඒ ගස් දෙවියන්වහන්සේට අත වනනවා!” එළඹෙන කුණාටුවකට පෙර සුළඟට නැමෙන බර්ච් ගස් (ඉතා විශාල ගස් වර්ගයක්) දෙස අපි බලා සිටියදී, මගේ මුනුපුරාගේ උද්යෝගිමත් නිරීක්ෂණ මට සිනහවක් ගෙනාවේය. ඒ වගේ මනඃකල්පිත ඇදහිල්ලක් මට තිබේද කියා මම මගෙන්ම ප්‍රශ්න කර ගත්තෙමි.
මෝසෙස්ගේ කතාව සහ දැවෙන පඳුර ගැන මෙනෙහි කරමින් එලිසබෙත් බැරට් බ්‍රව්නිං නමැති කිවිඳිය ලිවේ “පෘථිවිය ස්වර්ගයෙන් පිරී ඇත. /…
ඉටිපන්දම් දැල්වීම
එය දහවල් විය, නමුත් හිරු නොපෙනී තිබුණි. නව එංගලන්තයේ අඳුරු දිනය 1780 මැයි 19 වන දින උදෑසන ආරම්භ වූ අතර පැය ගණනක් පැවතුනි. අධික අන්ධකාරයට හේතුව කැනඩාවේ දැවැන්ත ලැව්ගිනි නිසා ඇති වූ දුමාර වලාකුළු විය හැකි නමුත් එය විනිශ්චය දවස විය හැකිදැයි බොහෝ දෙනා කල්පනා කළහ.
කනෙක්ටිකට් ආණ්ඩුකාර කවුන්සිලයේ (සෙනෙට් සභාව) සැසිවාරයේදී, අන්ධකාරය නිසා ඇතැමුන් එය කල් තැබීමට සළකා බැලූ…
යාච්ඤාව පෘථිවිය සොලවන විට
ආචාර්ය ගැරී ග්‍රීන්බර්ග් විසින් ලොව පුරා ඇති වෙරළ තීරයේ වැලි විශාල කර ඡායාරූප ගත කර ඇත. බොහෝ විට එහි අඩංගු ඛනිජ ලවණ, සිප්පි සහ කොරල් කැබිලි වලින් විස්මිත, විචිත්‍රවත් වර්ණ විහිදුවන බව හෙළි කරයි.
ඇසට පෙනෙනවාට වඩා වැලිවල නොයෙකුත් දේ ඇති බව ඔහු සොයාගෙන ඇත. ඇරිනොලොජි නොහොත් වැලි අධ්‍යයනයේදී, වැලිවල ඛනිජ ප්‍රමාණය පිළිබඳ අන්වීක්ෂීය විශ්ලේෂණය මගින් ඛාදනය, වෙරළ ධාරා සහ…
ඉක්මන් වෙන්න සහ රැඳී සිටින්න
“අපේ විවේක කාල වලදී අපි කුමක් කරමුද?” එම අදහස 1930 දී ජෝන් මේනාඞ් කේන්ස් නම් ආර්ථික විද්‍යාඥයා විසින් ප්‍රකාශයට පත් කරන ලද රචනයක හරය විය. එහිදී කේන්ස් යෝජනා කළේ වසර සියයක් ඇතුළත තාක්‍ෂණික සහ ආර්ථික දියුණුව මිනිසුන් දිනකට පැය තුනක් පමණක් සහ සතියකට පැය පහළොවක් පමණක් වැඩ කරන තත්ත්වයකට ගෙන එන බවයි.
කේන්ස් ඔහුගේ සුප්‍රසිද්ධ රචනය ප්‍රකාශයට පත් කර වසර…
අවංකභාවයේ කරුණාවන්තකම
“මාගේ හිතවත් මිත්‍රය, සමහර වෙලාවට ඔබ ඇත්තටම ඉන්නවාට වඩා කථා කරද්දී ශුද්ධ බවක් පෙන්නුම් කරනවා”.
ඒ වදන් සෘජු බැල්මකින් සහ මෘදු සිනහවකින් සංනිවේදනය විය. මා අගය කළ සමීප මිතුරෙක්ගෙන් හෝ උපදේශකයෙක්ගෙන් මෙවැනි වචන අසන්නේ නැතුව වෙනත් කෙනෙකුගෙන් මට අසන්න සිදු වූවා නම් එය මගේ හැඟීම් රිදෙන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට ඔහුගේ වදන් මා ලැජ්ජාවට පත් කළත් ඔහු නිවැරදි බව දැන…
යාච්ඤා කිරීමට විරාම බොත්තම එබීම
වීදියක ප්‍රධාන ජල නළයට සම්බන්ධ කර ඇති අතුරු නළයෙන් පාරට ජලය ගලා ගිය අතර මම මගේ අවස්ථාව දුටුවෙමි. මට ඉදිරියෙන් වාහන කිහිපයක් ගොස් තිබූ අතර මම සිතුවේ “නොමිළේ වාහනය සේදීමට හොඳ අවස්ථාවක්” ලෙසිනි. මගේ මෝටර් රථය මාසයකින් පිරිසිදු කර නොතිබූ අතර දූවිලි ඝණවී තිබුණි. ඒ නිසා මම වාහනය පණ ගන්වමින් ඉදිරියට ගියෙමි.
“ක්රැක්...” (වීදුරු කැඩෙන ශබ්දයක්).
එය ඉතා වේගයෙන් සිදු…
ආශිර්වාදයක් අසළින් ඇවිදීම
1799 දී දොළොස් හැවිරිදි කොන්රඞ් රීඞ් උතුරු කැරොලයිනාවේ ඔහුගේ පවුලේ කුඩා ගොවිපළ හරහා දිවෙන ඇලේ තිබී විශාල දිලිසෙන ගලක් සොයා ගත්තේය. දුප්පත් සංක්‍රමණික ගොවියෙක් වූ තම පියාට පෙන්වීමට ඔහු එය ගෙදර ගෙන ගියේය. ඔහුගේ පියා ගලේ අධික වටිනාකම තේරුම් නොගත් අතර එය දොර රඳවනයක් ලෙස භාවිතා කළේය. පවුල වසර ගණනාවක් එය අසළින් ඇවිද ගියේය.
අවසානයේ කොන්රඞ්ගේ ගල, ඇත්ත වශයෙන්ම පවුම්…
ප්‍රේමයෙන් ගෙන යන ලදී
මගේ හතර හැවිරිදි මුණුපුරා මගේ ඔඩොක්කුවේ වාඩි වී මගේ කෙස් රහිත හිස අතගාමින් එය හොඳින් අධ්‍යයනය කළේය. “සීයේ, ඔබේ කොණ්ඩයට මොකද වුණේ?” ඔහු ඇසීය. “හා..හා” මම සිනහ සුණෙමි. වසර ගණනාවක් තුළ එය නැති වුනා”. ඔහුගේ මුහුණ කල්පනාකාරී විය. “එය නරකයි” ඔහු පිළිතුරු දුන්නේය. “මට මගෙන් ටිකක් දෙන්න වෙනවා”.
මම ඔහුගේ අනුකම්පාව ගැන සැනසී ඔහුව තවත් මා වෙතට ළං කර තුරුල්…
සෑම මොහොතක්ම වැදගත්
ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි විශ්ව විද්‍යාලයේ පුස්තකාලයක නැවතී ඇති සාක්කු ඔරලෝසුවේ කටු දෙක ඛේදජනක කථාවක් කියයි. ඔරලෝසුවේ හිමිකරු එලිෂා මිචෙල් 1857 ජූනි 27 වන දින උදෑසන අපලවියන් කඳුකරයේ දිය ඇල්ලකදී ලිස්සා වැටී මිය ගිය නියම මොහොත (එනම් පෙරවරු 8.19 සහ තත්පර 56) එය සටහන් කරයි.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් වන මිචෙල් ඔහු සිටි කන්ද මුදුන පිළිබඳව නිවැරදි ප්‍රකාශය…
සාක්‍ෂිකාර ලකුණු
“ඒක පේනවද?” ඔරලෝසු අලුත්වැඩියා කරන්නා අපේ නිවසේ වැඩ කරමින් සිටි පැරණි ඔරලෝසු වර්ගයක් වන “ග්‍රෑන්ඞ්ෆාදර්” ඔරලෝසුව තුළ දළ වශයෙන් කැටයම් කර තිබූ කුඩා සියුම් සළකුණක් ඔහුගේ විදුලි පන්දමේ ආලෝකයෙන් මට පෙන්වීය. “තවත් අලුත්වැඩියා කරන්නෙක් සිය වසකට පමණ පෙර මෙම ලකුණ තබන්නට ඇති” ඔහු පැවසුවේය. “එය සාක්‍ෂිකාර ලකුණක් ලෙස හැඳින්වෙන අතර මෙම යාන්ත්‍රණය සකසන ආකාරය දැන ගැනීමට එය මට උපකාර වන්නේය”.…