අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කිම්යා ලෝඩර් විසින් රචිත ලිපි

නිශ්චල වන්න

මම කුටියට ඇතුළු වී මගේ ශරීරය ජලයේ සුවපහසු ලෙස පාවෙමින් සිටි මොහොතකදී, කාමරය අඳුරු වූ අතර පසුබිමේ වාදනය වූ මෘදු සංගීතයද නැවතිණි. හුදකලා ටැංකි චිකිත්සක, ආතතිය සහ කාංසාව සඳහා සහනයක් ලබා දෙන බව මම කියවා ඇත්තෙමි. නමුත් මෙය මම කිසි දිනෙක අත් නොදුටු දෙයක් විය. ලෝකයේ අවුල් සහගත බව නැවතී ඇති බවක් දැණුනු අතර මගේ අභ්‍යන්තර සිතුවිලි මට පැහැදිලිව ඇසුණි.…

දෙවියන්වහන්සේගේ අභිමුඛයට ප්‍රමූඛතාවය

2009 දී ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ගවේෂණ කණ්ඩායමක් සිසුන් 200 ක් පමණ සහභාගී කරවා ගෙන කාර්යන් සහ මතක අභ්‍යාසයන් වරින් වර එහා මෙහා කරමින් පරීක්‍ෂණයක් කළේය. පුදුමයට කරුණක් වූයේ තමන් යහපත් බහුකාර්ය කරන්නන් බව සිතා සිටි සිසුන්, වරකට එක් කාර්යක් පමණක් කිරීමට ආශා කළ සිසුන්ට වඩා අයහපත් ලෙස පරීක්‍ෂණය අවසන් කිරීමයි. බහු කාර්යන් ඔවුන්ගේ සිතුවිලි අවධානයට ලක් කිරීම මෙන්ම අනවශ්‍ය තොරතුරු…

කටහඬෙහි බලය

ඉතිහාසයේ බලවත්ම කථිකයන් නම් ධනාත්මක වෙනසක් ගෙන ඒමට තම කට හඬ භාවිතා කළ නායකයන්ය. ෆ්‍රෙඩ්රික් ඩග්ලස් ගැන සිතන්න. වහල් භාවය නැති කිරීම සහ නිදහස ගැන වූ ඔහුගේ කථා එක්සත් ජනපදයේ වහල්භාවය නැති කිරීමේ ව්‍යාපාරයට මග පෙන්වීමට උපකාර වූයේය. ඔහු නිශ්ශබ්දව සිටීමට තීරණය කළේ නම් කුමක් වේද? අන් අයව ජ්වලිත කර උපකාර කිරීමට හැකි කටහඬේ ධාරිතාවක් අපසියල්ලන් සතුය. නමුත් විවෘතව කථා…

ඇදහිල්ලේ පිම්මක්

බටහිර ඉන්දීය දූපතක් වන ශාන්ත ලුසියා හී වැසි වනාන්තරයක ඉහළම මුදුනේ සිට පහළට පැනීමට සුදානම් වෙද්දී බිය මා තුළ ඉස්මතු විය. වේදිකාවෙන් පැනීමට තත්පර කිහිපයකට පෙර වැරදි විය හැකි සියලු සිතිවිලි වලින් මගේ මනස පිරුණි. මට යොදා ගත හැකි උපරිම ධෛර්යයෙන් (නැවත හැරීමේ විකල්ප කිහිපයක්ද ඇතුව) මම පැන්නෙමි. කොළ පැහැති ගස් අතරින් සුළඟට ලෙලදෙන මගේ කෙස් අතරින් මම වනාන්තර මුදුනේ…

සබඳතා සමථයකට පත් කිරීම

නංගීත් මාත් කුඩා කාලයේ නිතර ගැටුම් ඇති කර ගත්තත් එයින් එක් වතාවක වූ ගැටුමක් මගේ මතකයේ විශේෂයෙන් කැපී පෙනෙන්න තිබේ. අප දෙදෙනා හිත රිදවන වචන වලින් බැනීමෙන් පසුව ඇය විසින් කී දෙයක් ඒ මොහොතේ සමාව දිය නොහැකි බවක් පෙනෙන්නට තිබුණි. අප දෙදෙනා අතරේ වැඩෙන එදිරිවාදිකම් දැක එකිනෙකාට ආදරය කිරීමේ වගකීම ගැන අපේ ආච්චි අපට මෙසේ මතක් කර දුන්නාය: “දෙවියන්වහන්සේ ඔබට…

දෙවියන්වහන්සේ තුළ ශක්තිය සොයා ගැනීම

පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් පුලිසික්ට ඇතිවූ තුවාල කිහිපයක් ඔහුගේ වෘත්තීයට බලපෑම් ඇති කළේය. ඔහු චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයේ ආරම්භක පෙළගැස්මෙහි නොසිටින බව දැනගත් පසු, ඔහු කලකිරීමට පත් විය. නමුත්, දෙවියන්වහන්සේ තමාට හෙළි වූ ආකාරය ගැන විස්තර කළේය. “සෑම විටම මෙන්, මම දෙවියන්වහන්සේ වෙත ළඟා වන අතර, උන්වහන්සේ මට ශක්තිය ලබා දෙන සේක” කියා ඔහු පැවසීය. “මා සමඟ සෑම…

ආත්මිකව අලුත් වීම

චීන වෛද්‍ය විද්‍යාව වසර දහස් ගණනක් තිස්සේ මුතු කුඩු භාවිත කර, සමේ මුදුනේ ඇති මිය ගිය සෛල ඉවත් කිරීමට පොළොවෙන් ගන්නා ලද මුතු භාවිතා කළේය. රුමේනියාව, පුනර්ජීවනය කරන චිකිත්සක මඩ භාවිතා කර සම තරුණ හා දිදුලන බවට පත් කිරීමේ ද්‍රව්‍යයක් සකස් කරන ලදී. ලොව පුරා මිනිසුන් දීප්තියක් නොමැති අඳුරුම සම පවා අලුත්වැඩියා කරන ශරීර ආරක්ෂණ පිළිවෙත් භාවිතා කළහ.

කෙසේ වෙතත්,…

කිසිවක් නොමැතිව දිවීම

ගෝලීය සෞඛ්‍ය අර්බුදයට මැදිවූ හෙදියක් ලෙස තමා මුහුණ දුන් බලාපොරොත්තු සුන්වීමේ හැඟීම ගැන කතා කරන විට මගේ මිතුරිය ඇගේ කඳුළු අතරින් පැවසුවේ “මට තවදුරටත් මෙය නොකළ හැකි යැයි මම සිතමි. දෙවියන්වහන්සේ මා හෙද සේවයට කැඳවා ඇති නමුත්, රාජකාරිය අධික නිසා මම යටපත් වී හා චිත්තවේගීව වියැකී සිටිමි,” කියා ඇය සිතේ බරකින් පැවසුවාය. තෙහෙට්ටුවේ වලාකුළක් ඇය මතට පැමිණ ඇති බව දුටු…

ළඟා වෙනවා

මෑත කාලීන පෝස්ට් එකක නොහොත් අන්තර්ජාලයේ / වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කරන ලද ලිපියක, බොනී ග්‍රේ නම් බ්ලොග්කරු (නොහොත් වෙබ් අඩවියකට ලියන තැනැත්තා) ඇගේ හදවතට අධික දුකක් ‘ඇතුළුවීමට‘ පටන් ගත් මොහොත සිහිපත් කළාය. “මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම පරිච්ඡේදයේදී, . . . මම හදිසියේම භීතිකා ප්‍රහාර සහ මානසික අවපීඩනය අත්විඳීමට පටන් ගතිමි”. ග්‍රේ ඇගේ වේදනාව විසඳීමට විවිධ ක්‍රම සෙවීමට උත්සාහ කළ නමුත්…

ප්‍රේමයේ වෙහෙස

වෛද්‍ය රෙබෙකා ලී ක්‍රම්ප්ලර් වෛද්‍ය උපාධියක් ලබාගත් පළමු කළු ජාතික ඇමරිකානු කාන්තාවයි. එහෙත් ඇගේ ජීවිත කාලය තුළ (1831-95), ඇය “නොසලකා හරින ලද, සුළු කොට සලකන ලද සහ නොසැලකිය යුතු” කෙනෙක් වූ බව සිහිපත් කරයි. කෙසේ වෙතත්, ඇය සුවය ලැබීමට සහ ඇගේ අරමුණ ඉටු කිරීමට කැපවී සිටියාය. සමහර අය ඇයගේ ජාතිය සහ ලිංග භේදය මත පදනම්ව ඇයව විනිශ්චය කිරීමට තීරණය කළත්,…