නංගීත් මාත් කුඩා කාලයේ නිතර ගැටුම් ඇති කර ගත්තත් එයින් එක් වතාවක වූ ගැටුමක් මගේ මතකයේ විශේෂයෙන් කැපී පෙනෙන්න තිබේ. අප දෙදෙනා හිත රිදවන වචන වලින් බැනීමෙන් පසුව ඇය විසින් කී දෙයක් ඒ මොහොතේ සමාව දිය නොහැකි බවක් පෙනෙන්නට තිබුණි. අප දෙදෙනා අතරේ වැඩෙන එදිරිවාදිකම් දැක එකිනෙකාට ආදරය කිරීමේ වගකීම ගැන අපේ ආච්චි අපට මෙසේ මතක් කර දුන්නාය: “දෙවියන්වහන්සේ ඔබට ලබා දී ඇත්තේ එක් සහෝදරියක් පමණයි. ඔබ එකිනෙකාට කරුණාව පෙන්විය යුතුයි” කියා ඇය කීවාය. අපව ප්‍රේමයෙන් සහ අවබෝධයෙන් පුරවන ලෙස අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටි විට, අප එකිනෙකාට රිදවන ආකාරය පිළිගැනීමට සහ එකිනෙකාට සමාව දීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.

තිත්තකම සහ කෝපය අල්ලාගෙන සිටීම ඉතා පහසු විය හැකිය. නමුත්, අපගේ අමනාප හැඟීම් මුදා හැරීමට, උපකාර කරන ලෙස අප දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිද්දී පමණක් පැමිණෙන සාමය අප අත්විඳීනවාට උන්වහන්සේ දැඩි කැමැත්තක් දක්වන සේක (එපීස 4:31). මෙම හැඟීම් සිතේ තබා නොගෙන එය වෙනුවට, ප්‍රේමය සහ කරුණාව තුළින් ලැබෙන ක්‍රිස්තුස්වහන්සේගේ සමාව දීමේ ආදර්ශය වන්නේ “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න” (32 පදය) යන්නයි. සමාව දීම අභියෝගයක් වූ විට, සෑම දිනකම උන්වහන්සේ අපට ලබා දෙන කරුණාව සලකා බලමු. අප කොපමණ වාර ගණනක් වැටුණද, උන්වහන්සේගේ දයාව කිසිදා අඩු නොවන සේක (විලාප ගී 3:22). අපගේ හදවත්වලින් තිත්තකම ඉවත් කිරීමට දෙවියන්වහන්සේට අපට උපකාර කළ හැකිය. එබැවින් අපට බලාපොරොත්තුවෙන් සිටීමට සහ උන්වහන්සේගේ ප්‍රේමය පිළිගැනීමට නිදහස තිබේ.