Archives: මැයි 2023

දුක සහ ප්‍රීතිය

ඇන්ජෙලාගේ පවුලේ අය සති හතරක් තුළ වියෝවීම් තුනක් අත්විඳි අතර ඔවුන් ශෝකයෙන් පෙළුණෝය. තමන්ගේ ඥාති පුතාගේ හදිසි මරණයෙන් පසු, ඇන්ජලා සහ ඇගේ සහෝදරියන් දෙදෙනා දින තුනක් මුළුතැන්ගෙයි මේසය වටා රැස්ව සිටි අතර, පිටතට ගියේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට බදුනක් මිළදී ගැනීමට, පිටතට ගොස් කෑම ගැනීමට සහ අවමංගල්‍යයට සහභාගී වීමට පමණි. ඔහුගේ මරණය ගැන ඔවුන් හඬා වැටුණු අතර, ඔවුන්ගේ බාල සොහොයුරියගේ කුස…

ප්‍රතිෂ්ඨාපනය කරන දෙවියන්වහන්සේ

1966 නොවැම්බර් 4 වෙනිදා, ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය හරහා විනාශකාරී ගංවතුරක් ගලා ගිය අතර, ජෝර්ජියෝ වසාරි ගේ සුප්‍රසිද්ධ කලා කෘතිය වූ “අවසාන රාත්‍රී භෝජනය” - පැය දොළහකට වැඩි කාලයක් මඩ, ජලය සහ රත් වී තිබූ තෙල් මිශ්‍රණයකට යට වී තිබුණි. එහි තීන්ත මෘදු වී එහි ලී රාමුව සැලකිය යුතු ලෙස හානි වීමත් සමඟ බොහෝ දෙනා විශ්වාස කළේ එම පින්තාරුව අලුත්වැඩියා කළ…

අල්ලා ගත හැකි බලාපොරොත්තුව

“තාත්තා මට මල් එවූ නිසා තාත්තා ගෙදර එන බව මම දනිමි”. යුධ සමයේදී තාත්තා අතුරුදහන් වූ විට මගේ හත් හැවිරිදි සහෝදරිය අපේ මවට පැවසූ වචනයි ඒ. තාත්තා ඔහුගේ මෙහෙයුම සඳහා පිටත්ව යාමට පෙර, ඔහු මගේ සහෝදරියගේ උපන්දිනය සඳහා කලින්ම මල් ඇණවුම් කර තිබූ හෙයින් ඔහු අතුරුදහන්ව සිටියදී මෙම මල් පැමිණියේය. නමුත් ඇය නිවැරදි විය: නමුත් දරුණු සටන් තත්ත්වයකින් පසුව තාත්තා…

ශුද්ධාත්මයාණන් වහන්සේට පමණක් කළ හැකි දේ

අනූ හතර හැවිරිදි ජර්මානු දේවධර්මාචාර්ය ජර්ගන් මෝල්ට්මාන් විසින් ලියන ලද ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබඳ පොතක් පිළිබඳව සාකච්ඡාව අතරතුර, සම්මුඛ පරීක්ෂකයෙක් ඔහුගෙන් මෙසේ ඇසීය: “ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේව සක්‍රීය කරන්නේ කෙසේද? ඔබට පෙත්තක් ලෙස ගත හැකිද? ඖෂධ සමාගම් (ආත්මයාණන්ව) බෙදා හරිනවාද?” මෝල්ට්මන්ගේ ඝන ඇස් බැමි ඉහළ ගියේය. හිස වනමින් සිනහසෙමින් ඉංග්‍රීසි භාෂා ස්වරාන්කූලව උච්චාරණය කරමින් ඔහු පිළිතුරු දුන්නේ මෙසේය. “මට කළ හැක්කේ කුමක් ද? කිසිවක්…

කුඩා නමුත් විශිෂ්ටයි

මම ඔලිම්පික් තරඟයේ තරඟ කරයිද? විශ්ව විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩිකාව කනස්සල්ලට පත් වූයේ ඇගේ වේගය ඉතා අඩු නිසාය. නමුත් ගණිත මහාචාර්ය කෙන් ඔනෝ ඇගේ පිහිනුම් ශිල්පීය ක්‍රම අධ්‍යයනය කළ විට, ඔහු ඇගේ කාලය සම්පූර්ණ තත්පර හයකින් වැඩි දියුණු කරන්නේ කෙසේදැයි දුටුවේය. එය තරඟ මට්ටමේ සැලකිය යුතු වෙනසක්ය. පිහිනුම්කරුගේ පිටට සංවේදක ග්‍රාහක උපකරණ ඇමිනීමෙන්, ඇයගේ කාලය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන වෙනස්කම් ඔහු…