ඉතිහාසයේ බලවත්ම කථිකයන් නම් ධනාත්මක වෙනසක් ගෙන ඒමට තම කට හඬ භාවිතා කළ නායකයන්ය. ෆ්‍රෙඩ්රික් ඩග්ලස් ගැන සිතන්න. වහල් භාවය නැති කිරීම සහ නිදහස ගැන වූ ඔහුගේ කථා එක්සත් ජනපදයේ වහල්භාවය නැති කිරීමේ ව්‍යාපාරයට මග පෙන්වීමට උපකාර වූයේය. ඔහු නිශ්ශබ්දව සිටීමට තීරණය කළේ නම් කුමක් වේද? අන් අයව ජ්වලිත කර උපකාර කිරීමට හැකි කටහඬේ ධාරිතාවක් අපසියල්ලන් සතුය. නමුත් විවෘතව කථා කිරීමට ඇති බිය අපව අකර්මණ්‍ය කරයි. මෙම බිය අපව යටපත් කරන බවක් හැඟෙන අවස්ථාවන් වලදී දිව්‍යමය ප්‍රඥාවේ සහ ධෛර්යයේ මූලාශ්‍රය වන දෙවියන්වහන්සේ දෙස බැලීමට අපට පුලුවන.

ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු වන්න දෙවියන්වහන්සේ යෙරෙමියාට කැඳවීමක් දුන් විට ක්‍ෂණිකව ඔහු තම හැකියාවන් ගැන සැක සිතන්න පටන් ගත්තේය. ඔහු මොර ගැසුවේ “මම කථාකරන්ට නොදනිමි. මක්නිසාද මම බාලයෙක්මි” කියාය (යෙරෙමියා 1:6). නමුත් තමන්වහන්සේගේ පරම්පරාවක් ඔහුගේ කටහඬින් ජ්වලිත කිරීමේ උන්වහන්සේගේ දිව්‍යමය කැඳවීමේ මග ඇහිරීමට යෙරෙමියාගේ බියට ඇතුල් වීමට දෙවියන්වහන්සේ ඉඩ නෑරිය සේක. ඒ වෙනුවට තමන්වහන්සේ කියන දෙය කියන්නද කරන දෙය කරන්නද දෙවියන්වහන්සේව විශ්වාස කරන ලෙසට උන්වහන්සේ යෙරෙමියාට අණ කළ සේක (7 පදය). යෙරෙමියාව සහතික කිරීමට අමතරව (9 පදය) උන්වහන්සේ ඔහුව සන්නද්ධ කළ සේක. “මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි” (9 පදය) කියා ඔහුට ස්ථිරත්වය දුන් සේක.

අපව භාවිතා කිරීමට අවශ්‍ය කෙසේද කියා අපට පෙන්වන ලෙසට අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලන විටදී අපගේ අරමුණ ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේ අපව සන්නද්ධ කරන සේක. උන්වහන්සේගේ උපකාරයෙන් අප අවට සිටින අය තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට නිර්භීතව අපගේ කටහඬවල් භාවිතා කිරීමට අපට පුළුවන.